IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


‘‘ආණ්ඩුව අද ජනතාව පීඩාවට පත් කරලා‘‘

(නිමල කොඩිතුවක්කු සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව,ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ කැස්බෑව නගරයේ පැවති "පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ"මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවයකට එක්වෙමිනි.

ගජමිතුරු කල්ලි වාදයත්,විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසීය.

සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන්,නැති බැරි කමින් පීඩා විඳීමට යැයිද පැවසීය.

කැස්බෑව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.

(ඡායාරූප බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (6)

‘‘ආණ්ඩුව අද ජනතාව පීඩාවට පත් කරලා‘‘

anura Tuesday, 19 October 2021 09:16 AM

දැන් නම් කාලේ හරි රෑට රෑට ගෙවල් වලට තට්ටු කරලා බලන්න.

:       4       20

Chinthaka Monday, 01 November 2021 11:05 AM

ගොවි උද්ඝෝෂණ කරන තැන් හොය හොයා ගිහිල්ලා රැස්වීම් තියෙනවා ඡන්දේ ගන්න. ඔයා ආවම මේ ඔක්කොම හරියයිද.?

:       6       15

Royfedricks Thursday, 04 November 2021 02:36 AM

ඔය කොල කෑලි අල්ලගෙන ඉන්න එකද කරන්න හදන්නේ ඊලග ඡන්දේ එනකම්ම. තමන්ට ආණ්ඩු බලය ලැබුනොත් අපි සැම දෙනාගේම අභාග්‍යකට කරන වැඩපිලිවෙලක් සැලසුමක් එහෙම නැද්ද?

:       3       15

Saththaya Tuesday, 14 December 2021 10:14 PM

යුගයේ අවශතාවය ගුණයහපත් මහත්මා ගතිගුණ තියෙන යහපත් පුරවැසියන් පිරිසක් රට හදන්න බාර ගන්න එක. දැන් මේ හොදටෝම ඇති

:       0       6

යමුනා රණවීර Monday, 10 January 2022 01:06 AM

මුළු ලෝකයටම අමාරු කාලයක මේ විදියට වත් රට ගෙනියනවා සජිත් හිටිය නම්. මොනවා වෙනවද ඉන්න විදියටම ඉන්න

:       1       0

Bamunuarachchi Friday, 14 January 2022 05:12 PM

දැන් සජිත් ආවොත් ගෑස් මිල අඩු කරයිද? ලෝකේ සජිත්ට අඩුමිලට ගෑස් දෙනවාද? උතුරේ මිනිස්සු බොඩ් උස්සගෙන ඉන්නවා දකින්න නැහැ ඒ ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site