‘‘වරාය නගර ව්‍යාපෘතියට අපේ උපරිම සහාය‘‘ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වාමාංශික වව්යාපව්යාවාමාංශික පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි. 27 April 2021
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම රජයේ වගකීමක් රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පරම වගකීමක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 April 2021
‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘ ‘‘යාපනය නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවාවී ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ කටයුත්ත යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින බව’’ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 April 2021
‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘ “මහජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ ජනතා අවශ්‍යතා ඉටුකිරීමට මිස බොරු නාටක රඟදැක්වීමට නොවෙයි” යැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය. 11 April 2021
කැලෑ රැකගන්න එජාපය ජාත්‍යන්තරයටත් යනවා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලෝක උරුමයක් බවට පත් කරමින් ආරක්ෂා කළ සිංහරාජ වනාන්තරය වත්මන් පාලනය යටතේ ජාවාරම්කරුවන්ගේ උරුමයක් බවට පත්වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා දෙනියායේ දී පැවසීය. 07 April 2021
යල් පැනගිය නීති වැඩ වලට බාධාවක් වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් ‘පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා’ කියලා කෑ ගහනවා. ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට තමයි තේරෙන්නේ වතුරේ අවශ්‍යතාව. වතුර දෙන්න නම් මේ වගේ වැව් හදන්න ඕනෑ. ජලය එකතු කර ගන්න ඕනෑ. පරිසරයට යම් හානියක් වෙනවා. ඒ වෙනුවට අපි ගස් වගා කරන්න ඕනෑ යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 April 2021
“රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘ විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 04 April 2021
‘‘වන විනාශය නවත්වන බලය ජනතාව අතේ‘‘ කඩාවැටුණු ආර්ථිකය ගොඩනගමින් ඉදිරියට යාමට සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ හරිත ආර්ථික සංකල්පවලට අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂය ලෝක පරිසර නීති ද අධ්‍යයනය කර නව පරිසර ප්රකාශනයක් සම්පාදනය කළේ යැයිද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04 April 2021
මේඩ් ඉන් ශ්‍රී ලංකා ජය ලබන්නේ නූතන ජූනියස්ලත්-ෆීලික්ස්ලත් හඳුනගත්තොත් පමණයි දේශීය නිෂ්පාදකයන් බලගැන්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ වැඩපිළිවෙළ ජයග්‍රාහී අනාගතයක් කරා ගෙන යා හැක්කේ නූතන දේශපාලනයේ සිටින ජූනියස් රිචඩ් ජයවර්ධනලා සහ ෆීලික්ස් ඩයස්ලා හඳුනාගෙන ඉදිරියට ගියොත් පමණක් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 01 April 2021
‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘ සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන ගමනක් බවත් සමගි ජනබලවේගය නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී පැවැසීය. 01 April 2021
‘‘රටේ වන සම්පත ආරක්ෂා කරන්න එජාපය පෙරමුණ ගන්නවා‘‘ සිංහරාජ අඩවිය ඇතුළු රටේ වන සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගන්නා බව, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 30 March 2021
රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා ගත් පියවර නිසා 2023 වසර දක්වා මෙරට ජීඑස්පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය. 25 March 2021
‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘ ඩී.එස් සේනානායක යුගයේ ලංකාව බ්‍රිතාන්‍යයට පවා ණය දුන්න ද වර්තමානයේ ලංකාව සෑම බලවත් රටකටම ණය වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඩී.එස් සේනානායක ගුණ සමරු උළෙලේ දී පැවසීය. 22 March 2021
‘‘පරිසරයට හානි කරන නිසා මේ ආණ්ඩුව පිරිහෙනවා‘‘ පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 20 March 2021
‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘ අපරාධ රැල්ල මැඩලීම සඳහා රට පුරා කඩා පනින මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. 18 March 2021
වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිමට දින දෙකක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට පාර්ලිමේන්තුවේ ඉදිරි සතියක සම්පූර්ණ දින දෙකක් වෙන් කරන බව සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී පැවසීය. 18 March 2021
‘‘2050 ලංකාව කාබන් පිට නොකරන රටක්‘‘ ශ්‍රී ලංකාව 2050 වසර වනවිට කාබන් පිට කිරීම සිදු නොවන රටක් බවට පත්කර ගත හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 18 March 2021
කම්කරුවන් ගෙදර යනවිට ලක්ෂ 25ක් අතට කම්කරුවකුගේ සේවය අවසන් කිරීමේදී උපරිම වන්දි මුදල වන රුපියල් 1,250,000 ක මුදල ගැසට් නිවේදනයක් මගින් රුපියල් ලක්ෂ 25 ක් දක්වා ඉහළ දැමූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 15 March 2021
‘ජිනීවා මානව හිමිකම් සැසියේ ආණ්ඩුව සාමුහිකව කටයුතු කළ යුතුයි’ ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්ධිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 04 March 2021
අද ආණ්ඩුව බෙලහීන වෙලා ආණ්ඩුව බලයට පත්වෙද්දී රට ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් අයෝමය නායකයකු සහිත පාලනයක් රටට ලැබී ඇති බවට ජනතාව විශ්වාස කළත් තීන්දු ගැනීමට නොහැකි බෙලහීන ආණ්ඩුවක් බවට අද වනවිට ආණ්ඩුව පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පැවසීය. 03 March 2021
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දැන් හංගලා වැඩක් නෑ පාස්කු ප්‍රහාරයෙන් වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ කාටද සහ වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ කාටද යන්න ගැන ජනතාවට අවබෝධයක් ඇති බැවින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රටට සැගවීමට උවමනාව තිබෙන්නේ කාටද යන්න ජනතාවට සඟවා ඵලක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 February 2021
‘‘පාස්කු ඉරිදා කොමිසම ගැන සොයාබලන්න කමිටුවක් පත් කිරීම විහිලුවක්‘‘ පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (20) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය. 20 February 2021
කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් හදන්න දෙන්නේ නැහැ කිසිම විදේශිකයෙකුට මේ රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න දෙන්නේ නැති බවත් එමෙන්ම මේ රටේ ස්වෛරීභාවයට හානි වන කිසිම දේකට රජය එකඟ නොවන බවත් වෙරළ සංරක්ෂණ හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (16 ) අම්බලන්ගොඩදී පැවසීය. 16 February 2021
කොරෝනා මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවසීය. 11 February 2021
සටන්කර දිනාගන්න බැරි නිදහස පයින් ගිහින් ගන්න පුළුවන්ද වසර ගණනාවක් සටන් කර දිනා ගැනීමට නොහැකි වූ නිදහසක් සුමන්තිරන් මඩකළපුවේ සිට යාපනය දක්වා දින පහකින් පාගමනින් ගමන් කර දිනා දෙන්නේ නම් තමන් ඒ පිළිබඳ සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ටීඑම්වීපී නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පැවසීය. 09 February 2021
‘ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි’ ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත් එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ භයානක ව්‍යවසනයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පෙන්වා දෙයි. 14 January 2021
දෙමළ ජනතාව ජීවත්වෙන්නේ බියෙන් යැයි ශ්‍රීධරන් කියයි මෙරට දෙමළ ජනතාව කිසිඳු අනන්‍යතාවයක් නොමැති ජනතාවක් බවට පත්වෙනු ඇතැයි යන බිය මේවනවිට එම ජනතාවගේ හිත්වල ඇතිව තිබේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය. 12 January 2021
‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘ ප්රජාතන්ත්රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 11 January 2021
ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක් ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය. 08 January 2021
සංචාරක ව්‍යාපාරයේ දියුණුවටයි කියා ජනයාගේ සෞඛ්‍යාරක්ෂාව පරදුවට තියලා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් රට තුළ සිදුවන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබා සිදු කරන සූදුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(07) පැවසීය. 07 January 2021
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026