(නිමල කොඩිතුවක්කු)
කාන්තාවන්ගේ කොන්ද බිඳ දමා විනාශ කළ පාලනයක් තුළ කාන්තා දිනය සැමරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය කොළඹදී පැවසුවාය.
රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි ආණ්ඩුව ගැබිනි මාතාවගේ ත්‍රිපෝෂ එකේ සිට සියල්ල අහිමි කර ඇතැයිද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.
"කාන්තා දිනය සමරන අවස්ථාවේ මේ රටේ කාන්තාවන්ට ජීවත්වීමේ අයිතිය, භාෂණයේ නිදහස, නැති කරලා. ව්‍යවස්ථාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමට දීලා තියෙන අයිතීන් සියල්ල නැති කරලා. අද ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ගෙනියන මහා ඒකාධිපති පාලනයට එරෙහිව තමයි කාන්තාවන් හැටියට අපිට පෙළ ගැහෙන්න සිදුවෙලා තියෙන්නේ.
ආර්ථිකය ගැන කතා කළත් ගෙදර බුදුන් අම්මා කියලා කතා කරත් කාන්තාවට තිබුණු හයිය අද කොන්ද කඩලා විනාශ කරලා. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්න ගැබිනි මාතාවගේ ත්‍රීපෝෂ එකේ ඉදලා අවසානයේ තියෙන සියලු දේවල් රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ කියලා ආපු මේ ආණ්ඩුව නැති කරලා. කාන්තාවන්ගේ ඉඳලා ගැබිනි කාන්තාව දක්වා සියල්ලම අයිති නැති කරලා.
අපේ හිටපු සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට පසුගිය දවසක සිදුකළ මැරබලය චන්ඩි බලය ඒ මහා නින්දිත අපහාස කිරීම තුළ කාන්තාවන් හැටියට අපි ඉතාම කනගාටු වෙනවා.
මේ වගේ පීඩා වලට කාන්තාවක් ලක්වෙච්ච යුගයක් මීට කලින් ඇවිත් නැහැ. කිසිම දවසක දරුවෙකුට කිරි පිටි ටික නැති වුණේ නැහැ. ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ නැති වුණේ නැහැ. ඒ වගේම අඩුම තරමේ ගෑස්, තෙල් පෝලිම් මීට පෙර තිබුණේ නැහැ.
නීතිය හදන්න ආරක්ෂාව හදන්න ආපු ජනාධිපතිවරයා යටතේ අදහසක් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ. ඒ තත්ත්වයම තමයි අද පාර්ලිමේන්තුව ඇතිවෙලා තියෙන්නේ. සභාගර්භය පාලනය කිරීමක් නැහැ එවැනි චන්ඩි පිරිසට තනතුරු ලබා දීලා ඒ අය හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදීව නගන හඬ යටපත් කරන්න ක්‍රියාත්මක වෙනවා.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැබිනි කතුන්ගේ ත්‍රිපොෂා පැකට්ටුවත් නැති කරලා
Bamunuarachchi Saturday, 12 March 2022 03:49 PM
අපි ඉපදෙන කාලේ අපේ අම්මලාට ත්‍රිපෝෂ ලැබුණේ නැහැ. ඔබේ අම්මාට ත්‍රිපෝෂ ලැබුණාද?
wajira Saturday, 07 May 2022 07:41 PM
තමතමන්ගේ බලය පැවැති කාලවල, රටේ කර්මාන්තයක් ඇති කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ...
ඉන්දු නිරෝෂා Monday, 20 June 2022 01:47 PM
ත්‍රිපෝෂ විතරක් නෙවේ. රු.2000ක මාසික වවුචර් දීමනාවත් නෑ. අඩුම ගානෙ දුප්පත්ම අය බලලවත් මේ කාලෙ එම වවුචර් ලබාදෙනවනම් හරි වටිනව.
KAHAWITA Monday, 01 August 2022 01:43 PM
දැන්නම් මෙයාට පුදුම දුකක් අම්මලා ගැන තියෙන්නේ... මතකයි විදේශ රැකියා ඇමැති වෙලා ඉන්න කාලේ ඒජන්සි කාරයින් එක්ක එකතුවෙලා රට යවන වයස අවුරුදු 25 ඉඳලා 18 ට අඩු කරලා අපේ අහිංසක ගම්බද කෙල්ලෝ මැදපෙරදිග වහල් සේවයට යවන්න මොනතරම් වලි කෑවද කියලා... යන්තන් හිටපු ජනාධිපති මෛත්‍රීපාලට පින් සිද්ද වෙන්න එයාට ඉඩ දුන්නනේ...!
Indika Friday, 19 August 2022 11:50 PM
ළමයි නැති ගෑනු කෙනෙක් හින්දා වෙන්න ඇති මෙහෙම කරන්නේ අනික් අම්මලාට
Lelwala Monday, 26 September 2022 07:40 PM
ගැබිනි මාතාවන්ට කිසිම දෙයක් නොලැබේ.. පළාත් පාලන කාරියාලවලින් රුපියල්... 20000, පෝෂණ මල්ල, ත්‍රිපෝෂ කිසිම දෙයක් නොලැබේ. ජනමාධ්‍ය මේ ගැන නිහඬයි. ෆෝම් බාරදීලා යන්න කියනවා. ලැබෙන දවසක් නොමැත...