IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’’කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සමගි ජන බලවේගය පැවැත්වූ ජන රැලිය නිසා  කොවිඩ්  රැල්ලක් පැමිණ  රට නැවත වසා දැමීමට සිදු වුවහොත් එහි වගකීම විපක්ෂය බාරගත යුතු යැයි  මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී  අද (17) පැවැසීය.

සෞඛ්‍ය අංශ  අනුමත  කර නැති  අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම ඉතා වැරදි ක්‍රියාවක්    බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

පොලිසිය වැඩ කරන්නේ දේශපාලඥයන්ගේ නියෝග මත නොවන බවත්  පොලිසිය මේ අවස්ථාවේදී වැඩ කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව බවත්  වීරසේකර මහතා කීවේය.

ලොකු කාර්යභාරයක් කරන පොලිස් නිලධාරීන්ට අවමන් කිරීම ඉතා වැරදි බව පැවසූ අමාත්‍යවරයා පොලීසියේ ආත්ම ගෞරවය කෙළෙසන අයට  කිසිදු සමාවක් නොදෙන බවද  සඳහන් කළේය.

පොලීසිය කරන්නේ ඉතාම දුෂ්කර කාර්යයක් බවත් කොරෝනා මර්දන කටයුතුවලදී සහ උද්ඝෝෂණ නැවැත්වීමට යෑමේදී පොලිස් නිලධාරීන් පහළොස් දහස්  හත් සියයකට කොවිඩ්  ආසාදනයවූ  බවත්  ඔහු පැවසීය.

කොවිඩ්  ආසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 44 දෙනකු මිය ගොස් ඇතැයිද සරත් වීරසේකර මහතා කීවේය.

රට ගැන අංශු මාත්‍රයක් හෝ හැඟීමක් තිබේ නම් මෙවැනි ජන රැලි නවත්වා  රට ගොඩනැගීමට වැදගත් දේශපාලඥයන් ලෙස  රජයට සහය දක්වන්නැයි විපක්ෂයෙන්  ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය. 



අදහස් (22)

’’කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි’’

janabala asamagi Wednesday, 17 November 2021 03:01 PM

ඇත්තමයි අනේ සජබ අපිට එපා.

:       58       35

Nuwan Wednesday, 17 November 2021 03:04 PM

මේ මනුස්සයා මෙහෙම කෙනෙක් කියල අපි නම් හිතුවේ නැහැ.

:       32       54

පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 03:04 PM

මේගොල්ලෝ ගාව තුරුම්පු නැහැ. දෙකේ කොල අදිනවා වගේ කෝවිඩ් වලින් ජනතාව පාලනය කරන්න හදනවා. නරකද ඉතාලියේ කීර්තිරත්නලා එක්ක ජිනීවා පැත්තේ රවුමක් ගහලා හෝටල්වලින් කාලා බීලා ඇවිල්ලා ලන්කාවේ ජනතාවට වීරයෙක් වෙලා ලකුනු ටිකක් දාගත්ත නම්.

:       38       54

සිරිබිරිස් Wednesday, 17 November 2021 03:13 PM

හොඳමයි .

:       22       37

sachith Wednesday, 17 November 2021 03:42 PM

ඊට කලින් දවසේ ජනාධිපතිතුමාත් ඉන්න කථින උත්සවයක් තිබ්බේ.

:       39       56

Rohana Wednesday, 17 November 2021 03:43 PM

කොවිඩ් පැතිරීම වැලැක්වීම කියා මේ අය ප්‍රතාශකලත් මෙහි යටි අරමුණ රජයට එරෙහි විරෝධතා මැඩ පැවැත්වීමයි. කොවිඩ් පිට දමා ලේසියෙන්ම ආණ්ඩුව ඇග බේරා ගන්න හදනවා.

:       23       49

විපරමා Wednesday, 17 November 2021 04:06 PM

මෙතුමා ගේ කතාවට කොහෙන් හිහිනාවෙන්ඩද . පොලිසියේ උසස් නිලදාරියා ගේ පටන් කොස්තාපල් දක්වා ඉන්න අය ගේ වැඩ ගැන ජනතාවට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       22       35

ලමය Wednesday, 17 November 2021 04:07 PM

මේ යෝදය මොනවා කියනවද මන්දා.

:       18       31

de silva Wednesday, 17 November 2021 04:18 PM

මම නම් ඔය උද්ඝෝෂණ වලට සහභාගී වෙන්නේ නැහැ.ඔය නළු නිළියන්ට කඩේ ගිහින් පාඩුවේ ඉන්නවා

:       31       60

Vira Wednesday, 17 November 2021 04:19 PM

පක්ෂ සංවත්සර, චුඩා මානික්‍ය වන්දනා, කටින පින්කම් වගේ දේවල් වලට සෙනඟ රැස් උනහම වසංගතය පැතිරෙන්නේ නැද්ද ඇමති තුමෝ ? "කොවිඩ්" උනත් දන්නවා ඇති ඒවා දේශපාලනයට සම්බන්ධ උනත් අත්‍යාවශ්‍ය වැඩ කියල නේද ?

:       52       67

Sriland Wednesday, 17 November 2021 04:43 PM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර සහ දේශීය බෙහෙත් ජාවාරමක්

:       20       57

ජගත් ලියනගේ Wednesday, 17 November 2021 05:30 PM

පොහොට්ටුව කරන ඒකරාශිවීම් වලදී කොරෝනා බෝවීම වෙන්නේ නැත්ද එතකොට ? ඔය ජනාධිපතිත් කඨින පිංකමක් කරනව දැක්ක .

:       37       52

69 ශ්‍රී 2019 Wednesday, 17 November 2021 05:42 PM

වත්මන් රජය ඊළඟ මැතිවරණය පරාජයට පත්වුනොත් එහි වගකීම සම්පූර්ණයෙන් ඔබ බාරගත යුතුය.

:       22       44

අසංග Wednesday, 17 November 2021 05:45 PM

මිනිසුන්ට ජිවත් වෙන්න අමාරුයි, බඩගිනි බිය වැඩියි කොරොනා බියට වඩා. ඒකයි එයාල ජිවිතය පරදුවට තියල යන්නෙ.

:       29       48

wahaldeepe Wednesday, 17 November 2021 08:29 PM

පොලීසියේ ආත්ම ගෞරවය කෙළෙසන අයට කිසිදු සමාවක් නොදෙන බව .

:       12       33

Royfedricks Thursday, 18 November 2021 04:58 AM

මෙවන් උනුවෙන හදවතක් ඇති කෙනෙක් අපට ලැබීම කොතරම් වාසනාවක්ද? බලන්න අර නිලියගෙ ඇඳුම් ටික ගිහින් දුන්න එක කොතරම් උතුම් ක්‍රියාවක්ද?

:       24       42

de silva Sunday, 21 November 2021 09:08 PM

ඇමතිවරුන්ට බනින්න එපා ඔවුන් නළු නිළියන්ට අවශ්‍ය දේවල් සපයලා විශාල සේවයක් සපයනවා.

:       16       32

Siri Tuesday, 30 November 2021 04:53 AM

ඇමැතිතුමෝ.. ඔය රන්දොරටු පාලම විවෘත කරපු උත්සවයට, එතකොට අර සෑයද මොකක්ද විවෘත කරපු උත්සවයට ඇවිදින් ඇත්තේ සත්තු වත්තේ සත්තු ගොඩක් වෙන්න ඇති නේද? එහෙම නේද හාමුදුරුවනේ...?

:       18       35

bangoyya Thursday, 13 January 2022 08:38 PM

මේවා කියලා වැඩක් නැහැ දැන්.

:       0       4

Bamunuarachchi Friday, 14 January 2022 05:08 PM

ඔබ අපිට උගන්වන්නේ පොලිස් කාරයෝ ගැනද? වතුර උගුරක් දෙන්න වටින්නේ නැහැ. මාසයක් තිස්සේ පොලිස් රිපෝට් එක ගන්න දඟලනවා

:       1       26

Mangala Monday, 07 February 2022 05:26 PM

පොදුජන පෙරමුණ පවත්වන සංදර්ශන හා පවත්වන්ට යන දෙශපාලන රැලි හොඳයිද?

:       0       17

Ranjith Dissanayake Friday, 18 February 2022 04:07 PM

එතකොට අර අනුරාධපුරේට එකතුවන අයගෙන් රැල්ල ආවොත් ඔයාගේ අම්මද වග කියන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 820 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site