ඇමෙරිකන් චීන ජනපති හමුව මසකින් පස්සට ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත මුහුණ හමුව මාසයකින් කල් දැමීමට සිදුවුණු බව ධවල මන්දිරය පවසයි. 17 March 2026
හෝමූස් වහලා තියෙන්නේ ඇමෙරිකන් හිතවතුන්ට විතරයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත. 17 March 2026
ඔස්කාර් සිනමා සම්මන උළෙල 2026 බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල 98 වැනි වරට, සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩෙල්බි රඟහලේ දී විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි. 16 March 2026
සටන් විරාම ඉල්ලුවේ නෑ: ඉරාන විදේශ ඇමැති ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාවෙන් සටන් විරාමයක් ඉල්ලා නැතැයි ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ, ඉරානය සටන් විරාමයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා පැවැත්වූයේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි. 16 March 2026
ට්‍රම්ප් නේටෝවටත් සද්දේ දාලා ඉරාන විප්ලවීය හමුදාවේ අණසකට ලක්වුණු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමෙරිකාවට සහාය නොදෙන්නේ නම්, නේටෝ සංවිධානයේ අනාගතය ඉතා අඳුරු වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය. 16 March 2026
ට්‍රම්ප්ගෙන් මාධ්‍ය ආයතනවලට තර්ජන ඉරානයට එරෙහිව ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් විවේචනාත්මකව පුවත් වාර්තා කරන්නේ නම්, එවැනි මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවීය. 16 March 2026
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය. 15 March 2026
ඉන්දියාවේ එක පොදියට මැතිවරණ 5 ක් ඉන්දියාවේ බටහිර බෙංගාලය, ඇසෑමය, තමිල්නාඩුව, කේරළය සහ පුදුචේරි යන ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 15 March 2026
මැරිලා නැතිනම් හොයන් ගිහින් මරනවා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇතැයි ඉරානය තරයේ කියා සිටී. ඒ, ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිවැරදි ඉලක්කයට කරා ළඟා වූ බව ද පවසමිනි. 15 March 2026
යළි පන්නරය ලැබූ කැනඩා චීන සබඳතා තීරුබදු තර්ජන සහ භූදේශපාලනික නොසන්සුන්තා මධ්‍යයේ, බටහිර රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රාජ්‍යයන් පුරෝකථනය කළ හැකි ස්ථාවරත්වයක් වෙනුවෙන් චීනය දෙසට හැරෙමින් පවතී. 13 March 2026
ජෝන්ස් පනත අත්හිටුවයි ඇමරිකානු වෙළඳපොළේ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින්, ‘ජෝන්ස් පනත’ දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 13 March 2026
ඇමෙරිකන් හමුදා යානයක් බිම කඩා වැටුණේ ‘බෝයිං කේසී 135 ස්ට්රැටෝටැන්කර්’ නමැති ගුවන් යානයකි. මෙය ඉන්ධන ප්‍රවාහන ගුවන් යානයක් බව පැවැසෙයි. ඇමෙරිකන් ගුවන් යානයට තමන් පහර දුන් බවත්, යානය කඩා වැටුණේ එම ප්‍රහාරයෙන් පසුව බවත් පැවැසෙයි. 13 March 2026
කොරියන් නායකයාගේ දියණිය සටනට සූදානම් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සිය දියණිය කිම් ජූ එ් ද කැටුව උතුරු කොරියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් නිරීක්ෂණයට ගිය අතර, එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කිරීමට ද අමතක කළේ නැත. 13 March 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අගවා ඇත. 13 March 2026
ඉරානයේ මිලියන 3.2 ක් අවතැන් ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම් හේතුවෙන් මේවනවිට ඉරානයේ මිලියන 3.2 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 13 March 2026
දරුවෝ දහසක් මැරිලා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව අනුගමනය කරන හමුදා ක්‍රියා මාර්ගයත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග හටගත් යුදමය තත්ත්වය හේතුවෙන්, මැදපරෙදිග කලාපයේ කුඩා දරුවන් දහසකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. 12 March 2026
ඉරාන නව නායකයාගෙන් අනතුරු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි, සිය පළමු ප්‍රකාශය නිකුත් කරමින් ඇමෙරිකාවට අනතුරු අගවා ඇත. මොජ්තාබා කමේනී පවසා ඇත්තේ කලාපයේ පවතින සියලුම ඇමරිකානු කඳවුරු වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙසය. 12 March 2026
අමතර තෙල් සංචිත මුදා හරී මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. 12 March 2026
පාපන්දු ලෝක කුසලානයට ඉරානය නෑ ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බව ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. 12 March 2026
යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3 ක් පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට කොන්දේසි තුනක් ද ඉදිරිපත් කරමිණි. 12 March 2026
ඇමෙරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ප්‍රහාරයට ලක්වුණු අවස්ථාවේදී, ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් යැයි ඉරානය චෝදනා කරයි. 11 March 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත. 11 March 2026
ප්‍රංශ යුද නැව් හෝමූස් සමුද්‍ර සන්ධියට ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙයැවීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර ඇත. 10 March 2026
යුද්ධය ඉක්මනින් අවසන් වේවි - ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය දින 10 පුරා ඉරානයට දැඩි විනාශයක් අත්කර දුන් මෙම යුදමය තත්ත්වය ඔහු හඳුන්වා දී ඇත්තේ, කෙටි කාලීන ගැටුමක් ලෙසය. 10 March 2026
ඉරාන යුද්ධය අවසන් කරන හැටි ට්‍රම්ප් කියයි ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් වන ආකාරය සම්බන්ධයෙන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පුවත්පතකට පවසා ඇත. ජනපති ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ නමැති ඊශ්‍රායල පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 09 March 2026
කමේනිගේ පුතාට ට්‍රම්ප් ගොරවයි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන . මොජ්තාබා කමේනි තෝරා ගැනීමට ඉරානය තීරණය කිරීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. 09 March 2026
කමේනිගේ පුතා උත්තරීතර නායකයා වෙයි ඉරාන ඉස්ලාමීය ජනරජය, ඔවුන්ගේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි එම ධුරයට තෝරා ගෙන ඇත. මොජ්තාබා කමේනි යනු ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයාය. 09 March 2026
තෙහෙරානයේ ගින්නක් ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන්, විනාශ වූ ඉන්ධන ගබඩාවලින් කාන්දු වන තෙල්, ඉරානයේ තෙරෙහාන් නගරයේ අපජල පද්ධතියට මුසු වී ඇති බවත්, එම තෙල් ගිනි ගැනීමකට ලක් වී ඇති බවත් අල් ජසීරා වාර්තා කරයි. 08 March 2026
අයතුල්ලා ගැන ඉන්දියාව ශෝක වෙයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය රජය නිල වශයෙන් ශෝකය පළ කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. 08 March 2026
ගොඩබිම් හමුදා එනකල් බලන් ඉන්නවා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය බොහොමයක් සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවලට එක් වී ඇමෙරිකාව එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සහ ඉරානයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 08 March 2026
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026