
ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා කිසිවක් පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ඇමෙරිකන් බුද්ධි අංශ, පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවේ පවසා ඇත්තේ ඉරානය යුරේනියම් බල ගැන්වීමක් කරන නමුත්, පරමාණු බෝම්බ හෝ වෙනත් න්‍යෂ්ටික අවි හෝ නිපදවීමක් සිදු නොකරන බවය.
තමන් මෙය තරයේ බැහැර කරන බව ට්‍රම්ප් කියයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රටවල පුළුවන් නම්, ඉරානයට මොකද බැරි...?
තමන්ගේ රටේ මිනිස්සුන් වත් විශ්වාස නැති ලෝක බලවතා...!
උමතු මහල්ලන් ජනපතින් ලෙස පත්කර ගත් සියල්ලන්ට එහි සාපය ගෙවීමට සිදුවනු ඇත. අත්දැකීමෙන් කියන්නේ...
තමන් ගේම බුද්ධි අංශ වාර්තා, යෝජනා තරයේ ප්‍රතික්ශේප කරන ජනාධිපති කෙනෙක් කොහොමද ලොව "විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය" යයි කියාගන්නා, ඇමරිකාවේ ජනාධිපති හැටියට එරට පාලනය කරන්නේ? ඒ මදිවාට මේ පිස්සු හොල්මන ලොක පොලිස්කාරයා වෙන්නත් තටමනවා...!
ඥාණක්කාගෙන්ද ඔයත් තොරතුරු ගන්නේ….?
90 දසකයේ chemical weapons' නිපදවන බවට සැකය මත ඉරාකය සමග කල යුද්දය කළද ඉරාකයේ chemical weapons' සොයාගැනීමට නොහැකි විය. එවැනි තත්වයක් මේ වනවිට ඉරානය ද මුහුණ දෙමින් තිබේ. ඉරානය nuclear bomb නිපදවීමට හැකියාව පවතින බව සැකය මත ඉරානයට ප්‍රහාර එල්ල කිරීම Israel ප්‍රහාර එල්ල කරමින් සිටියි. 90 දශකයේ ඉරාකය සමග පැවැති යුද්ද සමයේ මෙන් නොව මේ වනවිට GULF රටවල් සියල්ල විශාල ආර්ථික දියුණුවක් ලබාසිටියි. යම් හෙයකින් Israel and Iran යුද්දය මුල්කරගනිමින් නැවත GULF කලාපයටම යුද්දය පැතිරී ගිය හොත් මේ වනවිට එම රටවල් ලබා ඇති ආර්ථික දියුණුව විශාල කඩාවැටීමකට ලක්වේ. එමනිසා කලාපයේ සියලු රටවල් මෙම ගැටුම සකජා මාර්ගයෙන් විසදාගැනීමට දැඩි උත්සහයක් දරමින් සිටියි..
මීට කලින් සදාම් හුසේන්ට ගැහුවෙත් වැරැදි තොරතුරු මත ඉඳලා. අන්තිමේ ලොවම පිළිගත්තා ඉරාකයට ගහපු එක වැරැදියි කියලා. එතකොට ජනතාවාදී නායකයෙක් විනාශ කරලා ඉවරයි. රටත් විනාශයි...
පරමාණු බෝම්බයක් හදලා දමන්න ඕනේ උඹේ ඔලුව උඩටම , ඊට පස්සේ උඹේ කන්දොස්කිරියාවෙන් මිදිලා ලෝකේ අනිත් මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න පුළුවන් , මේ නාකි මහල්ලා මුළු ලෝකෙටම මහා වදයක් එක්කෝ තීරුබදු ගහන්න කතා කරාවි එහෙම නැතිනම් බෝම්බ දමන්න කතාකරවී ,