
චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කිර්ගිස්තානයේ පැවැත්වෙන ‘ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ’ වාර්ෂික සමුළුවට එක් වෙමිනි.
චීන ජනාධිපති සහ රුසියන් ජනාධිපති අතරේ මෙසේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වූයේ මැයි මාසයෙන් පසුවය. යළිත් වරක් පුටින් හමුවීමට ලැබීම සතුටක් බව චීන ජනාධිපතිවරයා පවසා ඇත. චීනය සහ රුසියාව අතරේ කොන්දේසි විරහිත මිතුදම් පවතී. එම මිතුදම් තව තවත් ශක්තිමත් වූ බව ජින්පින් මෙන්ම පුටින් ද මාධ්‍ය හමුවේ පවසා ඇත.
වසර පහක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ඇමෙරිකා ඉරාන යුද අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
ෂැංග්හායි සහයෝගීතා සමුළුව, පැවැත්වෙන්නේ කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරදී පැවැත්වෙයි. කිර්ගිස්තානය යනු මධ්‍යම ආසියානු රාජ්‍යයකි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර බලා ගියේ, උස්බෙකිස්තානයේ නිල සංචාරය අවසන් කිරීමෙන් අනතුරුවය.
බිෂ්කෙක් අගනුවරදී පැවැත්වෙන සමුළුවට ෂැංග්හායි සංවිධානයේ සාමාජිකයන් නොවන තුර්කියේ ජනාධිපති රෙසෙප් තායිප් එර්දොවාන් ද එක්වීමට නියමිතය.
ඊට අමතරව, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියෑන් ද සමුළුවට එක් වෙයි. ඉරානය ෂැංග්හායි සමුළුවේ සාමාජිකයකු වූයේ 2023 වසරේදීය. ෂැංග්හායි සහයෝගීතා සංවිධානය පිහිටුවා ඇත්තේ චීනයේ මැදිහත් වීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd