(චමිලා අල්විස්)

හොරණ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කොටසක ගින්නක්  හටගෙන ඇති බව හොරණ පොලිසිය පවසයි.

බාහිර රෝගී අංශයට අයත් මානසික රෝගී අංශයේ කොටසක මෙම ගින්න හටගෙන ඇති අතර, වායු සමීකරණ යන්ත්‍රයකින් ගින්න මුලින්ම ආරම්භ වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ගින්න හටගැනීමෙන් පසු හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය එම ස්ථානයට පැමිණ ගින්න මැඩපවත්වා තිබේ.

මේ පිළිබඳ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී.ජී. හේමන්ත කුමාර මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ රෝහලේ බාහිර රෝගී අංශයේ කොටසක ගින්නක් හටගත් බවත්, එම ගින්නෙන් විශාල හානියක් සිදුව නොමැති බවත්ය.