
(චමිලා අල්විස්)
හොරණ නාරගල පාලම අසල කළු ගඟේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයන් තිදෙනකු ජල පහරට හසු වී ගසාගෙන යද්දී දෙදෙනකු ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර, එක් තරුණයකු අතුරුදන්ව ඇති බව හොරණ පොලිසිය පවසයි.
අතුරුදහන්ව ඇත්තේ අඟුරුවාතොට, යාල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ චිරාත් සස්මිත නමැති 19 හැවිරිදි තරුණයකු බව හොරණ පොලිසිය අනාවරණය කරගෙන ඇත.
දිය නෑමට ගිය මෙම තිදෙනාම 19 හැවිරිදි වියේ පසුවන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වන මෙම තරුණයා අතුරුදන් වී ඇති අතර, ඔහු අතුරුදන් වූ ප්‍රදේශය කිඹුලන් ගැවසෙන ප්‍රදේශයක් බවටද තොරතුරු වාර්තා වේ.
අතුරුදහන් වූ තරුණයා සොයා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් සිදුකරමින් සිටින බව හොරණ පොලිසිය වැඩිදුරටත් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd