දහවල් 2.18 

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබේ.

----------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන 11.02

කටුනායක ගුවන්තොටුපොළ  රථගාලේ  තිබු සැකකටයුතු  මෝටර් රියක්  හේතුවෙන්  ගුවන්තොටුපොළට පිවිසිමේ මර්ගය වසා දමා තිබේ.

 මේ වන විට අවට ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රදේශයේ  දැඩි පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.

------------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන -927

පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ .

 මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද  පාළු ගොඩනැගිල්ලකය.

මෙම බෝම්බය අත් බෝම්බයක් නොවන බවත් වෙඩි බෙහෙත් එක් කර සකස් කරන ලද්දක් බවද පොලීදිය සඳහන් කරයි.

ආරක්ෂක අංශ නොමග යැවීමේ අරමුණින් මෙය සිදු කරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි. සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය කියයි.

------------------------------------------------------------------------------------------------------------------------------------------
 
සවස- 5.32

ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

----------------------------------------------------------------------------------------------------------------------------------------------

දහවල් 12.00

පෙර දැනුම්වත්ව සිටියදී සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වැළැක්වීමට රජයේ බලධාරීන් නිසි පියවර නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වන්නැයි ඉල්ලා අගවිනිසුරුවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලාංකික පුරවැසියකු හා  නිදහස් මාධ්‍යවේදියෙකු වන කසුන් පුස්සෙවෙල මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත.

එම පැමිණිල්ලේ මෙසේද සඳහන්ය.

   ‘‘පෙර දැනුම්වත්ව තිබියදී නොබෝදා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 321 කට වැඩි පිරිසක් මරණයට පත්වී 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම සිද්ධිය පිළිබඳව පෙර දැනුම්වත්ව සිටි බවත් ඒ පිළිබඳව ප‍්‍රමාණවත් අවධානයක් නොයෙදු බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැනුම් දුන්නේය.මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයාගේ නම් ද සිද්ධිය සිදුවීමට පෙර බුද්ධි අංශ මඟින් හෙළිදරව් කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධව රජයේ බලධාරීන් සිය වගකීම් සහ යුතුකම් පැහැර හැර තිබේ.එබැවින් ජනතාවගේත් , රටෙහි පුරවැසියන් ගෙත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සුදුසු පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ඇත.

(125)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන - 9.45

අයිසිස් සංවිධානයේ ප‍්‍රචාරක ඒජන්සිය වන අමාක් සංවිධානය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ සිටින්නේ පාස්කු ඉරිදා ශී‍්‍ර ලංකාවේදී කළ බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධ වූ අයිසිස් සාමාජිකයෝ වෙති. ඔවුන් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ කොතැනකදී ද යන්න සඳහනක් නැත.

තමන් සටන්කාමීන් බවත් ”ශුද්ධ වූ ප‍්‍රහාරය” පසුපස සිටියේ තමන් බවත් මෙම ඡායාරූපය සමඟ ඇති සටහනකින් කියැවේ.

පිරිස අතර මැද සිටින බව කියැවෙන්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ශී‍්‍ර ලංකා නායකයා ලෙසින් සැලකෙන සහරාන් හස්මිය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර මාලාවට සම්බන්ධවූයේ මෙම සංවිධානය බව චෝදනා එල්ල වෙයි.

මෙම බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 359 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය විදේශයකදී සංවිධානය කළ ප‍්‍රහාරවලින් වඩාත්ම විනාශකාරී ප‍්‍රහාරය ලෙසද වාර්තාවේ.

(මෙය තුන්වැනි පාර්ශ්වයකින් ලැබුණු ඡායාරූපයක් බව ප‍්‍රංශ පුවත් සේවය අවධාරණය කර සිටී)

 

================================================================================

උදෑසන - 9.00

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

================================================================================

සවස -5.20

‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය.

තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයට සැරසෙයි  (වැඩි විස්තර)

---------------------------------------------------------------------------------------------------------------------------------------

සවස -5.10

ක්‍රියාත්මක වන පරිදි  අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා  දිවයින පුරා  පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක  කරන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී   රුවන් ගුණසේකර මහතා පවසයි. 
---------------------------------------------------------------------------------------------------------------------------------
සවස-4.40

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනකදී සහ සංචාරක හෝටල තුනකදී බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් තමන් වගකීම බාරගන්නා බව අයි.එස්.අයි.එස්. (අයිසිස්) සංවිධානය කියා සිටී. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් 321 දෙනෙක් මියගිය අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි රොයිටර් කාර්යාලයෙන් ප්‍රසිද්ධ කරන ලද රොයිටර් වාර්තාවක ඒ බව දැක්වෙයි. ප්‍රහාරයේ වගකීම බාරගන්නා නමුත් ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි අයිසිස් සංවිධානය ඉදිරිපත් කර නොතිබිණ.

ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබුණේ පසුගිය මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී මුස්ලිම් පල්ලියක් තුළදී කළ වෙඩි ප්‍රහාරයට පළිගැනීමක් ලෙසින් පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේදී මෙම ප්‍රහාර මාලාව සංවිධානය කර තිබුණු බවයි.  

--------------------------------------------------------------------------------------------------------------------------------

සවස.3.20

සැකකටයුතු ලොරියක් හා කුඩා වෑන් රියක්  කොළඹ නගරයට ඇතුළු වී ඇතැයි ලැබී ඇති තොරතුරක් මත  කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා  පියවර ගෙන තිබේ.

‘සැකකටයුතු ලොරියක් - කුඩා වෑන් රියක් ඇතැයි පොලිසිය කියයි‘ (වැඩි විස්තර සඳහා )

----------------------------------------------------------------------------------------------------------------------------------------

දහවල්-2.30

නොච්චියාගම නගර ආසන්නයේ  නිවසක තිබී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට  (වැඩි විස්තර සඳහා )

----------------------------------------------------------------------------------------------------------------------------------------

දහවල් 1.40

පිපිරිම් වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට  321 දක්වා ඉහළ ගොස්  ඇතැයි පොලිස් අධිකාරී  මාධ්‍ය ප්‍රකාශක  රුවන් ගුණසේකර මහතා පැවසීය.

------------------------------------------------------------------------------------------------------------------------------------------

පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් මියගිය 300 කට වැඩි පිරිසක් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (23 වැනිදා) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදි.

මීගමුවේ කටුවපිටිය පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහයන්, අද උදෑසන පැවැති අවසාන දේව මෙහෙයෙන් පසුව දේවස්ථාන සුසාන භූමිය කරා රැගෙන යන ලදී. බෝම්බ පිපිරීමෙන් මියගිය බොහෝ දෙනාගේ අවමඟුල් අද පැවැත්වේ.

සියලූම රජයේ ගොඩනැඟිලි සහ රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර ඇති අතර බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කිරීම සඳහා පෙරවරු 8.30 සිට විනාඩි 3 ක නිහඬතාවක් පළකෙරිණ. මෙම නිහඬතාව පෙරවරු 8.30 ට ආරම්භ වූයේ ඉරිදා බෝම්බ පිපිරීම් ආරම්භ වූයේ ඊට ආසන්න වෙලාවකදී (පෙරවරු 8.45 ට) බැවිනි. පෙරවරු 8.30 වන විට පාස්කු දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි කතෝලික බැතිමත්හු දේවස්ථාන වල සිටියහ.

පිපිරීම් මාලාවෙන් මියගිය අය වෙනුවෙන් අනුස්මරණ දේවමෙහෙය අද පෙරුවරුවේදී පැවැත්විණ. මෙම දේවමෙහෙයයන්ට සහභාගි වූ මියගිය අයගේ ඥාතීන් සිය කඳුළු නවතාගෙන සිටියේ ඉතා අසීරුවෙනි. නියමිත විනාඩි 3 අවසානයේදී ඔව්හු නැවතත් යාඥා කළහ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමකදී කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේ මෙම ප‍්‍රහාර සඳහා ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අන්තර්ජාතික ආධාර ලැබුණාද යන්න විමර්ශනය කරමින් සිටින බවයි. ඉතාම සූක්ෂම ලෙසින් සැලැසුම් කරන ලද මෙවන් ප‍්‍රහාරයක් සාර්ථකව කි‍්‍රයාවට නැංවීම ශී‍්‍ර ලංකාවේ පවතින සංවිධානයකට කළ නොහැකි බවද කැබිනට් ප‍්‍රකාශක කීවේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කීවේ මෙම ප‍්‍රහාරයන් කි‍්‍රයාත්මක කළ ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදීන් පසුපස අන්තර්ජාතික ත‍්‍රස්ත සංවිධාන සිටින බවට තොරතුරු ඇති බවයි. ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට නැවත වරක් හදිසි තත්ත්වයක් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ආරක්‍ෂක හමුදා සහ පොලිසියට විශේෂ බලතල ලැබිණ. ඒ අනුව අධිකරණ නියෝගයකින් තොරව සැකකරුවන් රඳවා තබාගැනීමට ආරක්‍ෂක සේවාවන්ට අවසර ලැබේ.

(කටුවපිටිය දේවස්ථානය -ඡායාරූපය ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරෙනි)

 

 

More

------------------------------------------------------------------------------------------------------------------------------------------------

උදෑසන 9.00

දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.
           

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වනවිටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
           
මෙම ප‍්‍රහාරවලින් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) රාත‍්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

(ඩයනා උදයංගනී)

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------

සවස 3.55

කොළඹ ජම්පටා වීදීයේ  රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව  පුපුරා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි.

අද සවස 3.55පමණ මෙය සිදු වී ඇති අතර බෝම්බය ඊයේ  ගෙනැවිත් දමන්නට ඇතැයි සැක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

බෝම්බය වෑන් රීයේ තිබී හමුවීමෙන් පසු  අවට සිටි  ජනතාව ඉවත් කර  පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් එය ආරක්ෂිතව පුපුරුවා හැර තිබේ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)

More



---------------------------------------------------------------------------------------------------------------------------------------------

සවස 3.10

පිටකොටුව  බැස්ටියන්  මාවතේ  බස්නැවතුම්පොලෙහි  තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)  / (ඡායාරූප - චතුර එස් .කොඩිකාර ) 


උදේ 10.30 - ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන  බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.

ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උදේ 8.30  -  පාස්කු ඉරිදා දිනයේදී කොළඹ කොච්චිකඩේ, මීගමුව  කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 8 ක   සිදු වු  පිපිරිම් වලින් මිය ගිය ගණන   290  ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පිපිරීම් වලින් තුවාල ලද පිරිස 500 ක් පමණ වන බවද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.


සවස 5.10 -   කොළඹ කොච්චිකඩේ, මීගමුව  කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 8 ක  අද උදෑසන  සිදු වු  පිපිරිම්  වලින්  මිය ගිය ගණන   207  ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී  රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ  මළ සිරුරු 66 ක්  තැන්පත් කරඇති අතර  තුවාල ලැබුවන්ගේ ගණන 260 කි. මීගමුව මහ රෝහලේ මෘත ශරීර ගණන 104 ක් තැන්පත් කර ඇති අතර  තුවලකරුවන්ගේ ගණන 100 කි.මඩකලපුව රෝහලේ  28 දෙනකුගේ  මළසිරුර තැන්පත් කර ඇති අතර  51 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළු කර ඇත.

එමෙන්ම රාගම රෝහලේ 07 දෙනකුගේ මෘත ශරීර තැන්පත් කර ඇති අතර 32 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.ගම්පහ රෝහලට එක් තුවාලකරුවකු ඇතුළු කර ඇත.

එමෙන්ම මේ වන විට උදෑසන ප්‍රහාරය එල්ල වු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි  දේවස්ථානයේ මේ වන විට  හඳුනාගෙත් මළ සිරුරු 30 ක් පමණ ඇති බව පොලීසිය සඳහන් කරයි.


දහවල් 1.22

කොළඹ ෂැංගිලා  හෝටලයේ  ඇති මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මේ වන විට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්  ප්‍රියන්ත ලියනගේ මහතා එම ස්ථානයට පැමිණ  පැමිණ තිබේ.

හෝටලේ අවන්හලේ වහළය මත මළ සිරුර දෙකක් ඇති අතර තවත් මළ සිරුරු දෙකක් ඒ ආසන්නයේ  ඇති බවද වාර්තා වේ.

 


දහවල් 1.12

කෙසේ වෙතත් සිදු  වු පිපිරිම්  වලින්   සිදු වු මරණ  අතර  විදේශිකයින්ගේ  මළ සිරුරු 25 ක්  මේ වන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර  ඇතැයිද  වාර්තා වේ.

විදේශ  කටයුතු ලේකම් රවිනාත ආරියසිංහ මහතා ද  මේ වන විට තුවාල ලැබු විදේශිකයින්ගේ සුව දුක් බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ. 


කොළඹ කොච්චිකඩේ, මීගමුව  කටුවපිටිය සහ මඩකලපුව  දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 6 ක  අද උදෑසන  සිදු වු  පිපිරිම් වලින්  මිය ගිය  138 දෙනකුගේ සිරුරු  මේ වන විට රෝහල් තුළ ඇති බවත්  පුද්ගලයින් 444  ක්  තුවාල ලබා  ප්‍රතිකාර ලබන බව ත් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පුපුරා  ගිය සෙසු ස්ථාන වන අතර මඩකලපුව  දේවස්ථානයකද පිපිරිමක් සිදු වී  ඇත.

මෙම සිදුවීම්  අද උදෑසන 8.45ට පමණ  මෙම සිදුවිම් වී තිබේ. 

තුවාල ලැබු  243 ක්මේ  වන විට කොළඹ ජාතික රෝහලට අතුළු කර ඇති අතර  මළ සිරුරු   42 ක්  එහි තැන්මීපත්ග කර ඇත. තුවාල ලැබු  110 දෙනකු මීගමුව රෝහලට ඇතුළු කර ඇති අතර මළ සිරුරු 62 ක් ද  මඩකලපුව රෝහලට තුවාල ලැබුවෝ 67 ක් ඇතුළු කර ඇති අතර මළ  සිරුරු 27  තැන්පත් කර ඇතැයිද  රාගම රෝහලේ මළ සිරුරු 07 ක්ද තුවාල ලැබුවෝ 04 ක් ද සිටින  බව කොළඹ  ජාතික රෝහලේ අධ්‍යක්ෂ  අනිල් ජා සිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම   තුවාල ලැබු  විදේශිකයින් 13 දෙනකු  ජාතික රෝහලට ඇතුළු කර ඇති අතර ඉන්   9 දෙනකු  මිය ගොස් ඇති බවද සඳහන් කළේය.


උදෑසන -10.30

කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබේ. මේ  වන විට ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කර තිබේ. 


 උදෑසන 10.00

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 42 කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහලට  ගෙනවිත් ඇති අතර  තුවාල ලැබුවෝ 280 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද  තුවාල ලැබුවෝ අතර විදේශිකයින් විශාල පිරිසක්  සිටින  බවද රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී එම ස්ථානයන් හි සිටි විදේශිකයින්  මෙම අනතුරට මුහුණ පා අතර  තුවාල ලැබූ බෝහෝ දෙනකු තම සාමාජිකයින්ද සොයා ගැනීමට නොහැකිව විවිධ ස්ථායන්හි  රැදී සිටින අයුරුද දැකිය හැකිය. 


උදෑසන 9.00

කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයින් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද තොරතුරු වාර්තා වී  ඇති අතර මේ වන විටි එහි ඇති සිරුරු ඉවත් කිරීමේ කටයුතු අරඹා තිබේ. දේවස්ථානය තුළ සැකකටයුතු පාර්සල් දෙකක් ද  ඇති බව  සඳහන් කරන පොලීසිය ඒවාද බෝම්බ විය හැකි බව සඳහන් කරයි.  පිපිරිම සිදු වූ වේලාවද දේවස්ථානයේ ඇති ඔරලෝසුවේ නතර වී තිබීම දැකිය හැක.

මෙම  ස්ථානවල රැදී සිටින  ජනතාවට ඉවත් වන ලෙසද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන අතර  මෙම ස්ථානයන්හි ආරක්ෂාවද තර කර ඇතැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.

(විනීතා ගමගේ, හේමලතා රාපක්ෂ, යොහාන් බාසුර, ඉන්දිකා රාමනායක සහ බිගුන් මේනක ගමගේ, තිලිණිද සිල්වා, තුෂාර සිල්වා, නිමන්ති රණසිංහ)

කටුවපිටිය  දේවස්ථානයේ අද ත්ත්වය ( ඡායාරූප  පුෂ්පකුමාර මල්ලවආරච්චි)

(ඡායාරූප- ලහිරු හර්ෂණ -දෙමටගොඩ පිපිරීම වූ ස්ථානය )

 

 

 

 

 

(කොටහේන කොච්චිකඩේ පල්ලියේ බෝම්බය පිපිරීම සිදු වූ ස්ථානයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , කතානායක  කරූ ජයසූරිය ,විපක්ෂ  නායක  මහින්ද රාජපක්ෂ ,අමාත්‍ය සජිත් පේමදාස  යන මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.(ඡායාරූප  - චතුර එස් .කොඩිකාර)

(රොමේෂ් ධනුෂ්ක සිල්වා -කටුවපිටිය දේවස්ථානය)

(ඡාතික රෝහලේ  ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)

(කටුවපිටිය  දේවස්ථානයට කාදිනල්තුමා පැමිණ නීරීක්ෂණය කළ අයුරු)

(ඉන්දිකා රාමනායක - කොච්චිකඩේ දේවස්ථානය)

 

 


(ඉෂාන් සංජීව - ෂැන්ග්‍රිලා,කිංස්බරි සහ සිනමන් හෝටලයන්හි  ඡායාරූප)

 


(ජවුෆර් ඛාන් - මඩකලපුව දේවස්ථානය)

 




 


 


(ඡායාරූප - චන්දන ප්‍රනාන්දු - කටුවපිටිය දේවස්ථානය)

 

 

 

 

 

 

 



 

(ඡායාරූප -   චතුර එස් .කොඩිකාර - කොචිිචිකඩෙිි පල්ලිය)

 


 

 

 

(ඡායාරූප - යොහාන් බාසුර - කොළඹ ජාතික රෝහල ඉදිරිපිට)

(ඡායාරූප-ඩික්සන් වසන්ත )