(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම පොලිසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අට (08)දෙනකු අද (23) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු 314 ක් ,ඇමෝනියා කිලෝ ග්‍රෑම් පන්සියයක් (500 ) , පුපුරුවා හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලිසිය විසින් පරික්ෂා වට ලක් කළ අතර එම නිවස තුළ තිබි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි.
මේ අවස්ථාවේ නිවසේ සිටි සැකරුවන් හය දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වෑන් රථයක් හා එහි සිටි කාන්තවක් සමඟ තවත් සැකකරුවකුද අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් සැක කරුවන් අතර සිටින එක් සැකකරුවකු පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයෙකි.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තිබු නිවසේ හිමි කරු මිට පෙරද පුපුරණ ද්‍රව්‍ය ළග තබාගෙන සිටීමේ වරදට අධිකරණය මගින් දඩුවම් ලැබූ අයකු බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිළදාරීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී.
තබුත්තේගම සහකාර පොලිස් අධිකාරී අනුර ද සිල්වා මහතාගේ උපදෙස් මත නොච්චියාගම පොලිස්ථානාධිපති ප්‍ර.පො.ප.ප්‍රසාද් ජතිලක මහතාගේ මුලිකත්වයෙන් වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කෙරේ


2025 දෙසැම්බර් මස 18
28
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ නොච්චියාගම නිවසකදී 8 දෙනකු අත්අඩංගුවට
Bamunuarachchi Tuesday, 23 April 2019 10:02 AM
මෙවැනි අවස්ථාවල ඕවැනිදේ පොලිසියට බාරදීමයි කළයුතුව තිබුනේ. අදාළ ලියකියවිලි මොහු ඉදිරිපත් කරාවිනේ...