කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමෙන් මරණයට පත්වූ පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිට සුසාන භූමි වෙත රැගෙන එමින් තිබේ.
මියගිය පිරිසේ දේහයන් කටුවපිටිය දේවස්ථානයට රැගෙන විත් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව සුසාන භූමි වෙත රැගෙන ඒම සිදුවෙමින් පවති.
කටුවපිටිය බෝම්බ පිපිරිමේන් මියගිය පිරිසේ දේහයන් සිය ඥාතින් විසින් කටුවපිටිය ඩේවිඩ්වත්ත පොදු සුසාන භූමියට රැගෙන එම සිදුවන අයුරු දැකගත හැකි විණි.
ඒ සමගම තවත් දේහයන් රැසක් සෙල්ලකන්දල් සුසාන භුමියේ තැන්පත් කිරීමට ද සුදානම්ව තිබෙන ආකාරය දැකගත හැකි විය.
හඬා වැලපෙමින් මියගිය ඥාතීන්ගේ දේහයන් සුසාන භුමි වෙත රැගෙන එන ඥාතීන්ගේ විලාපයෙන් කටුවපිටිය ඇතුළු ගම්මාන ගණනාවක දෝංකාර දෙමින් තිබේ.
දේහයන් ඩේවිඩ්වත්ත සුසාන භුමියේ දී සමුහ ලෙස විශාල වළක මිහිදන් කිරිම සිදුවෙමින් පවතී.













(ඡායාරූප ශාන්ත රත්නායක)





කටුවපිටිය දේවස්ථානයේ දී මියගිය අයගේ සිරුරු මිහිදන් කරන අයුරු - ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ



ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක ඡායාරුප පෙළක්. මෙසේ තම ජිවිත අහිමු වූ සියලුම කිතුනු බැතුමතුන්ට මෙන්ම අන් අයටද නිවන් සුව අත්වේවා !!! ඔවුන්ගේ පවුල්ව සියලුම සාමාජිකයන්ට අප ගේ කණගාටුවද ප්‍රකාශ කරන්නෙමු.
කිසිම හේතුවක් නැතුව ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුන මේ මිනිසුන්ට මෙවන් දෙයක් අත් කර දුන් සියල්ලටම සහ මෙයට අනුබල දුන් සියල්ලටම කවදා හෝ වන්දි ගෙවන්න සිදු වේවා.
දිවි අහිමු වූ සැමටම මොක් සුව පතමු.
මේ මහා අපරාධයට සහය දුන් සැමට කවදා හෝ මේ පවට වන්දි ගෙවන්න සිදුවේවි. ඔබ සැමට මොක්සුව අත්වේවා. ජාති ජාතිත් මෙවන් රුදුරු අකල් මරණයකට ගොදුරු නොවේවා.
ඕමල්පේ හාමුදුරුවෝ කිව්වා හරි. බෝම්බේ සයිස් එක කියනකන් හිටියද මේ ගැන හොයලා බලන්න..?
දේශපලුවනි, තොපේ ඇති නොහැකියාව සහ බඩගෝස්තරවාදී බල ලෝභී කම හේතුවෙන් රටේ එදත් අදත් හෙටත් මෙවන් අහිංසකයන් තම ජීවිත වලින් වන්දි ගෙවනු ඇත . කවදා හෝ නුඹලාටද මෙවන් ඉරණම අත්වනු ඇත . තොප කුමන ආගමක් ඇදහුවද, තොප හට එය පොදු වනු ඇත.
ඔබ වැනි ආගමික නායකයන් රටට වාසනාවක්
මේ මියගොස් සිටින්නේ, සාමකාමී ආගමක, එම ආගමට ලැදි, පුද්ගලයන්ය.
මුස්ලිම් පූජකයන්ගේ මූණවල්වල දුක්මුසු භාවයක් නම් දැක්කේ නැහැ.
වළක්වාගත හැකිව තිබූ මේ මහා අපරාධය ජනතාවට වසන් කළ ඇමතිවරු, ආරක්ෂක ලේකම්, පොලිස්පති වහා අත්අඩංගුවට ගෙන ජනතාවට සාධාරණය ඉටු කරන්න.