මාලිමා මන්ත්‍රි ඇතුළු පිරිස පහරදි පොලිස් නිලධාරියෙක් රෝහලට තම රාජකාරි මෙහෙවර අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සහායක නිලධාරීවරයකුට ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පහර දුන් බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගත කර ඇත 21 December 2025
වෙනිසියුලා තවත් තෙල් නැවක් ඇමෙරිකා බාරයට වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත. 21 December 2025
ප්‍රා.ලේ ගංවතුර ආධාර දෙන්න අවදානම් ගමනක කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් එස්.මාතරාරච්චි මහත්මිය ජලගැලීම් හා ගංවතුර හේතුවෙන් හානිය පිළිබඳව නීලබැම්ම ව්‍යාපාරයේ ගෙයින්ගෙට ගොස් තොරතුරු එකතු කරමින් ගෘහ උපකරණ වෙනුවෙන් රජය ලබාදීමට නියමිත රුපියල් 50,000 සහන දීමනාවට අදාළ ඉල්ලුම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය 20 December 2025
ජනපති අරාබියට ස්තුති කරයි ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළේය. 20 December 2025
ජනපති, ආපදා සහන පැකේජය මැති සබේ දී දිග හරියි රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම් සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට ගොස් කරුණු සොයා බලන්නැයි විපක්ෂයට කී ජනාධිපතිවරයා දැනට ආපදා කළමනාකරණ කමිටුවට ගොස් සහාය දෙන්නැයි කීය. 19 December 2025
රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ. 19 December 2025
රන්වලගේ සිද්ධියට සපුගස්කන්ද OIC ඇතුළු පිරිසක් ගැන විමර්ශන කැලණිය, සපුගස්කන්ද, දෙණිමුල්ල ප්‍රදේශයේදී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප්රථය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඒ මහතා බීමතින් සිටියේද යන්න සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණ සිදු නොකිරීමෙන් පොලිසිය රාජකාරිය පැහැර හැරියේ දැයි සොයයි. 18 December 2025
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (17) දැනුම් දුන්නේය. 17 December 2025
අලි - ඇත් සටන අස්සේ පාරේ ගිය බසයටත් අලි ප්‍රහාරයක් කැබිතිගොල්ලෑව සිංහයා උල්පත වනගත මාර්ගයේදී වන අලියකු සහ ඇතකු අතර පැවැති ද්වන්ද සටන උත්සන්න වෙමින් පැවැති අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් ඇගළුම් සේවිකාවන් රැගත් බසයට පහරදීමෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැණ තිබූ අතර පසුව පොලිසිය සහ වනජීවි නිලධාරීන් පැමණි එම බසයේ සිටි ඇඟළුම් සේවාකාවන් අනතුරක් වන්නට ඉඩ නොදී බේරාගෙන ඇත. 17 December 2025
පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින් මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2025
ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 December 2025
අර්ජුනත් අත් අඩංගුවට? හිටපු අමාත්‍යය අර්ජුන රණතුංග මහතා සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්තාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය. 15 December 2025
ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික අත්අඩංගුවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනා යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය. 15 December 2025
ආපදා සහන දෙන්න අලුත් චක්‍රලේඛයක් ආපදා සහන ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්(විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 14 December 2025
නාමල්, හරිනිට ස්තුති කරයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 13 December 2025
විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්ෂය අද (12) පැවසීය. 12 December 2025
පා.මන්ත්‍රී හා හිටපු කතානායක රන්වල අත්අඩංගුවට හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය. 12 December 2025
ලංකාවට තවත් ණය එපා:එය දරා ගන්න බෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අලුත්වැඩියා කිරීමට ලබාදෙන මුදල් ප්‍රදානයන් ලෙස ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව දැනටමත් ණය බරින් පීඩා විඳිමින් සිටින මේ අවස්ථාවේ තවත් ණය ලබාගැනීම අපහසු කාරණයක් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය. 12 December 2025
ගම්පොළ පවුල් 800 තවමත් කොටුවෙලා දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් සහ පස්කඳු කඩාවැටී මාර්ග අවහිරවීමෙන් නාවලපිටිය ආසනයේ පටිතලාව ග්‍රාම සේවා වසමෙහි පවුල් අටසීයකට අයත් පුද්ගලයන් දෙදහස් පන්සීයක් අද(11)වන විටත් එම ප්‍රදේශයේ කොටුවි ඇතැයි ආරංචි මාර්ග පවසයි. 11 December 2025
කැලණි නදියේ කිඳුරිය මිය ගිහින් කැළණි ගගේ දිය කිදුරිය වශයෙන් කිරුළු පැළඳි දක්ෂ පිහිනුම් ශුරියක වූ සේදවත්තේ,කොටුවිල පදිංචිව සිටි ඕෂධි වියාමා තරුණිය හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 11 December 2025
පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 25,000 ක් ගංවතුරට යයි මහ වැස්ස හේතුවෙන් පුත්තලම ලුණු ලේවායන් තුළ ගබඩා කර තිබු ලුණු මෙට්‍රික් ටොන් 25,000 කට වැඩි ප්‍රමාණයක් දිය වි විනාශ වී ඇති බව ශ්‍රී ලංකා ලුණු නිපදවන්නන්ගේ සංගමයෙ සභාපති රනිස් බදුර්දීන් මහතා පවසයි. 11 December 2025
රිදීමාලියද්දේ කදුවැටි කීපයක නාය යාම් යළි සක්‍රිය වෙලා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි කදුවැටි කීපයක නාය යාම් අද (10) දින යළී සක්‍රිය වි ඇතැයි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය පැවැසුවාය. 10 December 2025
දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල්වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 09 December 2025
ඌවට යළි වැසි:අවදානෙන් සිටින්න බදුල්ල දිස්ත්‍රික්කයට යලි අද (9) උදෑසන පටන් ධාරානිපාත වර්ශාව පතිතවීමට පටන් ගැනීම නිසාවෙන් දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙසට බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා දැනුම් දී සිටි. 09 December 2025
ජපානයට සුනාමි තත්වයක් ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමි කම්පාවක් හට ගැනීමත් සමග හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40 ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 08 December 2025
වැඩිහිටි ආරෝවෙන් මල්වතු ඔයේ සැඟවුණ මල් කැකුළු මව සමග මල්වතු ඔයට වැටුණු දරුවන් දෙදෙනාගෙන් දියණියගේ සිරුර ද සොයාගත් බව පොලිසිය කියයි. 08 December 2025
ආපදාවට සහන සලසන්න ඇමෙරිකා යානා දෙකක් එයි ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද (7) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ළගා විය. 07 December 2025
කෝටි 100 කුඩු කල්පිටියන් අල්ලයි රුපියල් කෝටි 100 කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් හා හොරෝයින් තොගයක් කල්පිටිය ඉලප්පන්තිව් දුපත ආසන්නයෙදී අද අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 December 2025
2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ(5) පස්වරුවේ සම්මත විය. 05 December 2025
නාය අනතුරකින් කිතුල්වල කන්ද පාමුල පිරිස් ඉවත් කරති දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉරිතලා යාම් හේතුවෙන් නායයාමේ අවදානමක් උද්ගතවිය හැකි බවට සැක කරන හෙයින් කන්ද අවට ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානයන්හි නවතා තැබීමට බලධාරීහු පියවර ගත්හ. 05 December 2025
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026