
(ටී.කේ.ජී.කපිල )
රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ( මිලියන 377 ) වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා " ගෝල්ඩි රූට් " ( Gold Route ) මගී පර්යන්තය ඔස්සේ මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු අත්අඩංගුවට ගත්බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.
මෙසේ මෙතරම් විශාල වටිනාකමක් සහිත " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන අතර , ඇමෙරිකානු ඩොලර් 206 ක් වැනි විශාල මුදලක් ගෙවා , 'ගෝල්ඩි රූට් ' විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිතා කරමින් මෙරට තුළට මත්ද්‍රව්‍ය තොගයක් පළමු වරට රැගෙන ඒමට භාවිතා කිරීම ද විශේෂත්වයක් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ.
සැකකරු 23 හැවිරිදි වියේ පසුවන ඩොමිනිකා ජනරජයේ පුරවැසිභාවය හිමි එරට සරසවියක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .
සැකකරු විශේෂ ගුවන් මගී පර්යන්ත පහසුකම ලබා ගෙන , රේගු නිලධාරීන් මග හැර , මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට සැළසුම් කළ ද , එම විශේෂ ගුවන් මගීන්ගේ ගමන් මලු ද , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමකට ( Scan Test ) ලක් කිරීම නිසා මෙසේ මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපුවාම පොටෝ කෑලි දාගන්න ගොඩායි, අත යටින් අරගෙන පන්නලා දෙනකොට පොටෝ කෑල්ලක් දාගන්න කවුරුත් නෑ.
ඩොමිනිකන් ජාතිකයින් හොරකමට. වගේම කුඩු කප්පිත්තෝ. පොඩිවයසෙම මේවාට පුරුදු වෙනවා. දෙම්ව්පියෝ... දරුවෝ එකට ඉදන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. එයාලගේ රැකියාව ඕක තමයි. ලොකු සල්ලි කාරයෝ වගෙ ජිවත් වෙන්නෙ කුඩු විකුනලා. රත්තරන් මාල. මුදු වටිනා ඇදුම් පැලදගන. අති සුඛෝපභෝගී වාහනෙත් අරන් හරියට. සෝබන වැඩ පෙන්වනවා, තුවක්කුත් ගෙදරම තියෙනවා. කොයිවෙකේත් පොලිස්කාර් එක ගේ ඉස්සරහ නතර කරලා. නීතිවිරෝධී වැඩ වලට. අපේ ලන්කාවේ කොල්ලෝ කෙල්ලෝ ඇමරිකන් සුද්දෝ කියලා විවාහ වෙලා ඉන්නේ ඔය ජාතියත් එක්ක. හම සුදු නිසා ඇමරිකන් ජාතිය ඔව්වා කරන්නෙ නැහැ. මුන් ලගින් ගියත් ඇහැක් නැහැ.
@Chathuri, ඇමරිකාවේ මධ්‍යම-බටහිර (mid-west), දකුණු ප්‍රාන්තවලට ගිහින් තියෙනවාද? ඒ පැතිවල ඉන්න තරමක් ඉන්නේ සුද්දෝ, ඔක්කොම වගේ ට්‍රම්ප්ට සපෝට් කරන අය. නමුත් ෆෙඩරල් ආණ්ඩුවට විරුද්ධයි. වැඩිපුර තියෙන්නෙ අක්කර බරගානක් තියෙන ගොවිපලවල්. සමහර ඒවල මෙතැම්ෆිටමීන්/අයිස් හදනවා. ඒ ඔක්කොම සුද්දෝ.
ගෙනාපු එකාගෙන් දැන් වැඩක් නැහැ . දැන් තියෙන්නේ එකා ඕව ගෙනල්ල දෙන්න හැදුවේ කාගේ අතටද කියල හොයල අල්ලාගෙන අන්තිම පුරුකට වෙනකන් හොයන එකයි .. දැන් මාලිගාවල් වල වැජබෙන කීපදෙනෙක් සලිත වෙලා ඇති .
@Chathuri, ඇමරිකාවේ මධ්‍යම-බටහිර (mid-west), දකුණු ප්‍රාන්තවලට ගිහින් තියෙනවාද? ඒ පැතිවල meth කාරයෝ ඉන්න තරමක් ඉන්නේ සුද්දෝ, ඔක්කොම වගේ ට්‍රම්ප්ට සපෝට් කරන අය. නමුත් ෆෙඩරල් ආණ්ඩුවට විරුද්ධයි. වැඩිපුර තියෙන්නෙ අක්කර බරගානක් තියෙන ගොවිපලවල්. සමහර ඒවල මෙතැම්ෆිටමීන්/අයිස් හදනවා. ඒ ඔක්කොම සුද්දෝ.
Gold Route එකට ලොකු මුදලක් ගෙවන නිසා පරීක්ෂාවට ලක් නොවී නිදහසේ යන්න පුළුවන් කියලා හිතන්න ඇති.