(රෝෂන් තුෂාර)

යෝජිත ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාවනාධිකරණ  විනිසුරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා සිය සංගමය  විරෝධය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණ නීතීඥ සංගමය සඳහන් කර ඇත. 

එම සංගමයේ උප සභාපති නීතිඥ සංජීව ඇන්තනී සහ ලේකම් නීතිඥ චින්තක ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය අදාළ විරෝධය පළ කිරීමේ යෝජනාව  ඒකමතිකව සම්මත කළ බවය.

ජනාධිපතිවරයාට යොමු කළ  ලිපියේ මෙසේද සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාවනාධිකරණ  විනිසුරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව  සාකච්ඡා කිරීම සඳහා අප සංගමයේ විධායක කමිටුවේ  විශේෂ මහ සභා රැස්වීමක් 2026.06.08 වන දින පැවති අතර, ඉහත මාතෘකා ගත කාරණය සම්බන්ධයෙන් එනම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදී.