(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ හෝටලයක පේස් බුක් සාදයක් පවත්වා තරුණ තරුණියන් විසිපස් දෙනකු ඔවුන් භාවිතා කිරීමට රැගෙන ආ බියර් ටින් 150ක් අරක්කු බෝතල් 15ක් සහ අනෙකුත් මත් ද්‍රව්‍ය වර්ග රැසක් සමසැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ පේස් බුක් සාදය පැවැත්වූ තරුණ තරුණියක් ළඟ තිබී ගංජා, අයිස්, හෙරොයින් ,කොකේන් හා මත් පෙති ඇතුලු තහනම් මත් ද්‍රව්‍ය රැසක් සොයා ගත් බවද පොලීසිය කියයි.

සැකපිට අත්අඩංගුවට ගැණුනු මේ තරුණ තරුණියන් උතුරු නැගෙනහිර දෙපළාත හැර ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල අය බවත් පොලීසිය කියයි.

මේ තරුණ තරුණියන් පැවැත්වූ පේස්බුක් සාදය ලැබුණු තොරතුරකට අනුව  වැටලූ බවත් ඔවුන් සියලුදෙනාම අද (7) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.