( ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක )
කිලිනෝච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යාපනය දක්වා ගමන් ගන්නා දුම්රියේ ගැටීමෙන් හමුදා සමාජිකයින් 5 දෙනකු මිය ගොස් තිබේ.
කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළ පිහිටි යුද හමුදා රෝහලේ සිට සෙබළුන් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය කිලිනොච්චිය නගරය දෙසට ගමන් කිරීමේදී දුම්රිය ස්ථානය අසළ පිහිටි 55 මංසන්ධිය අසළ දුම්රිය හරස් මාර්ගයේදී ට්‍රක් රථය කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ යාල්දේවී දුම්රියේ ගැටී ඇත.
ට්‍රක්රථය දුම්රියේ ගැටීමෙන් එහි ගමන්ගත් සෙබළුන් සිව් දෙනෙකු එම ස්ථානයේම මිය ගොස් සිටි බවටත් බරපතල තුවාල ලබා සිටි තවත් යුද හමුදා සෙබලුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් සෙබෙළෙකු මිය ගොස් අති අතර තුවාල ලබා ඇති අනෙක් සෙබළුන් දෙදෙනාගේ තත්වයද බරපතල බවට රෝහල් බලධාරීන් පැවසූහ.
යුද හමුදා ට්‍රක්රථයේ රියදුරු දුම්රිය නොදැකීම නිසා මෙම අනතුර සිදුව ඇති බවටත් අනතුරට මුහුණදුන් සියලුම යුද හමුදා සෙබලුන් කිලිනොච්චිය යුද හමුදා රෝහලේ රාකාරි නිරත සෙබලුන් බවට හඳුනාගෙන තිබේ. ඔවුන් භාරතීපුරම් පිහිටි යුද හමුදා වෛද්‍ය බලකා කඳවුර වෙත ජලය ගෙන ඒම සඳහා ගමන්කරමින් සිටියදී මෙසේ අනතුරට පත්ව තිබේ.







( ඡායාරූප - රොමේෂ් මධුෂංක )

( ඡායාරූපය -සිතුම් චතුරංග )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දවස ගානේ මාර්ග අනතුරුවලින් මිනිස්සු මැරෙනවා. දේශපාලනය හැර වෙන දෙයක් ගැන කවුරුත් කතා කරන්නේ නෑ. මාරාන්තික උපවාස කරන අය මේවා ගැනත් ඇස් ඇරියොත් හොඳයි .
අයියෝ අහිංසක සෙබළු. ඉතාම ඛේදනිය සිද්දියක්. ඔබ සියලු දෙනාටම නිවන් සුව විරුවනි.
අනේ පවු. ඔබ සියලු දෙනාට නිවන් සුව සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබලා ජාතියේ මුර දේවතාවන්. මේ අය අතර ඉතා අසරණ පවුල්වල අය ඉන්න පුළුවන්. අපට ඔවුන් හට උපකාර කල හැකි නම්.
රියදුරුගේ නොසැලකිල්ල නේද ??? රටට වටිනා ජීවිත ටිකක් අහිමිවීම බලවත් පාඩුවක්......
දෙවියනේ ඇයි මේ දරුවන්ගේ ජීවිත මේ විදිහට විනාස වුනේ මිය ගිය ඔබ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා ! අනෙක් සියලුදෙනාට ඉක්මන් සුව ලැබේවා !
දෙවියනේ ඇයි මේ දරුවන්ගේ ජීවිත මේ විදිහට විනාස වුනේ මිය ගිය ඔබ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා ! අනෙක් සියලුදෙනාට ඉක්මන් සුව ලැබේවා !
ජීවිතක්ෂයට පත් රට වෙනුවෙන් රාජකාරියේ සිටි සෙබළුන්ට නිවන් සුව පතමු
දුම්රිය රියදුරන් හොඳාකාරවම දන්නවා අනාරක්ෂිත ගේට්ටු. මෙවැනි ස්ථාන වල ඔවුන් නලාව ශබ්ද නොකරන්නේ කුමන කාරණයක් නිසාද. බොහෝ විට වාහන රියදුරුට පාර නොපෙනීමට ඇති අවස්තාව වැඩියි .
ඔබ සියලු දෙනාට නිවන් සුව පතමි
රටේ ජීවනාලිය, රටේ සම්පත් දායකයෝ දරාගැනීමට අමාරු අතිශය සෝචනීය පුවතක්. මතු සංසාරයේ කෙදිනකවත් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා! තුවාල ලැබූ අනෙක් ඇත්තෝ තිසරණ සරණින් දෙවි රැකවරණින් වහා සුව පත් වේවා! සෙබල රියදුරුට වැරදුණා පුදුමයි. හිතාගන්නත් අමාරුයි.
නොසැලකිල්ල නිසා සිදුවන මෙවැනි අනතුරු නිසා සිදුවන අකල් ජිවිත හානි අනන්තයි. දුම්රියක් ආවත් නැතත් දුම්රිය හරස් මගදී වාහනය නවතා ධාවනය කිරීම වැදගත්.
හමුදා රථවාහන මහාමාර්ග වල ගමන් කරනා ආකාරය යහපත් නැහැ. බොහෝවිට මේ අය වාහන ධාවනය කරන්නේ මාර්ග නීති මායිම් නොකරමින්. ඒකයි මෙවැනි අනතුරු වලට හේතුව.
අපි ඉතාම දුක්වෙමු, ඔවුන්ට දෙවි පිහිට පතමු.
පළමුව මිය ගිය හමුදා භටයන්ට නිවන්සුව ප්‍රර්ථනා කරනවා, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට කණගාටුව පල කරනවා. මෙම ජිවිත නැතිවෙලා තිබෙන්නේ මෙම හමුදා රියදුරාගේ නොසැල්ලකිල්ල නිසා බව පින්තුර බලනකොට වැටහෙනවා, ත්‍රිවිධ හමුධ රියදුරෝ බොහෝ විට පාරේ වාහන ධාවනය කරනකොට මාර්ග නීති ගැන හෝ පාරේ යන සිවිල් මිනිසුන්ගෙ ජිවිත සහ දේපල ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන කාර්යභාරය රටේ පුරවැසියන්ගේ ජිවිත සහ දේපල ආරක්ෂාකර රටේ ආරක්ෂාව ඇතිකිරීම බව මේ රියදුරන් කල්පනා කරන්නේ නැහැ, දැනට අවුරුදු 4 කට පමණ පෙර මම මාර්ගයේ ගමන් කරනකොට මගේ ඇඟට ආපු නාවික හමුදා වාහනයකින් බේරෙන්න මට කාණුවකට පනින්න සිදුවුණා, එහිදී මගේ පාදයේ සිදු වුණ තුවාලයට විෂබීජ ඇතුල් වීම නිසා මට පසුව රෝහල් ගතවෙන්න පවා සිදුවුණා. හමුදා සාමාජිකයන්ට තම පුහුණුවේදී මුල ඉඳලම විනය පිළිබඳව උගන්වනවා විනය පිළිබඳව ඔවුන් මුල් තැන ගෙන, හමුදා කඳවුරු තුල සහ යුධයේදී ඔවුන් මෙම විනය නීතිරීති වලට අනුකුලව ක්‍රියාකරන බව අපි දන්නවා, නමුත් මහා මාර්ගයේදී පමණක් මෙසේ විනය විරෝධිව, නීති විරෝධිව හැසිරෙන්නේ මොකද ?
දුම්රිය හරස් මාර්ගයක් යනු මාරක කපොල්ලක්. කීය ගියත් එම ස්ථාන වල ආරක්ෂක පද්දති සකසා තිබීම රජයේ සම්පුර්ණ වගකීමක්. මාරක ස්ථානයකට උණ බම්බු හරහට දැමීම මගීන්ගේ ආරක්ෂාවට ගන්නා බාල විසඳුමකි.
දේසපාලුවෝ පාර්ලිමේන්තුවට අලුත් විදුලි සෝපාන, කැමරා හයි කරගන්නවා . දුම්රිය හරස් පාරට ගේට්ටුවක් දාන්නේ නෑ
නිවන් සුව පතමී