(අසුන්තා එදිරිසූරිය)
ශරීරයට කිසිසේත් නුසුදුසු බැර ලෝහ අඩංගු රෙදි වර්ග වර්ණ ගැන්වීමට භාවිත කරනා පිළිකා කාරක ඩයි වර්ග සහ කාලය ඉකුත්වූ පාන් පිටි, හාල් පිටි ආදිය යොදා බාල කිරීම්වලට ලක් කරන ලද කහ වර්ග වෙළෙඳ පොළට නිකුත් විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඉල්ලා සිටියි.
කහ සඳහා වැඩි ඉල්ලුමක් පවතින කාලවල දී හා කහ සැපයුම් අඩාළ වන කාලවල දී මෙවැනි බාල කරන ලද කහ වර්ග වෙෙළඳ පොළට නිකුත්වීම කලක පටන් මෙරට සිදුවන නීති විරෝධී කටයුත්තක් බව ද ඔහු කීය.
මෙලෙස බාල කහ වර්ග ආහාරයට ගැනීමෙන් අක්මාවට හා වකුගඩුවලට ඍජු බලපෑමක් එල්ල කළ හැකි වන අතර ස්නායු පද්ධතියට ද බලපෑම් ඇති කළ හැකි බව සොයා ගෙන ඇත.
ඇදුම වැනි රෝගී තත්ත්වයන් උත්සන්න වීමට ද බාල කහ පාවිච්චියට ගැනීම හේතුවිය හැක. මේ නිසා ආහාර පිළියෙළ කිරීමට කහ මිල දී ගැනීමේ දී ආහාර ප්‍රමිතීන්ට අනුව සකස් කරන තත්ත්වයෙන් උසස් වෙළෙඳ නාමයෙන් යුතු කහ පාවිච්චි කිරීම සුදුසු බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාරගර්භ කරුණු ඉදිරිපත් කිරීම ගැන මහාචාර්යතුමාට අපගේ ස්තුතිය... මෙම සොයා ගැනීම රටට ඉමහත් ප්‍රයෝජනවත් දෙයක්. මෙතරම් වසවිස ආහාර වලට කලවම් කර තිබියදීත්, ඒවා ගැන වැටලීමට සෞඛ්‍ය බලධාරීන් දක්වන්නෙ පුදුමාකාර මැලිකමක්. මිරිස් හා කුළුබඩු ඇඹරුම්හල් වල තවත් දෙයක් සිදු වෙනවා.. නයි මිරිස් නමින් හඳුන්වන අධික සැර මිනිස් වර්ගය මිලට ගෙන එය මිරිස් කුඩු වලට කලවම් කරනවා.. මා සිතනා ආකාරයට මේ නයිමිරිස් වල තිබෙන අධික සැර ගතිය වකුගඩු ආදී ඉන්ද්‍රියන්ට හානි කර ඇති කරනවා ඇති.. කෙසේ වෙතත්, මිරිස් මෝල් හිමියන් මේවා පැකට් කොට වෙළෙඳපොළට දමනු පෙනේ.. කරුණාකර මේ පිළිබඳ පරික්ෂා කරන ලෙස සෞඛ්‍යය බලධාරීන් ගෙන් ඉල්ලා සිටිමු..