
(මුදිතා දයානන්ද)
පීඩාවටත් අසරණභාවයටත් පත් ජනතාව වෙනුවෙන් කරන අරගලය පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ ඉටු කරන්නට සුදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(07) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවකදීය.
මහමැතිවරණ ප්‍රතිඵල ලෙස නිකුත් වුයේ ජනතාව පෙට්ටියට දැමු ඡන්ද මිස වෙන යමක් නොවන බවට තමන් විශ්වාස කරන බවද පෙට්ටි මාරු කිරීමක් හෝ වෙනත් ජිල්මාට් එකක් ගැන හෝ කියන්න තරම් තත්ත්වයකට තමන් පත් නොවන බවද ඔහු පැවසීය. ඒ අනුව තම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි වන ජනතා කැමැත්ත මෙය බව පිළිගන්නා බවද ඔහු පැවසීය.
විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොවන බවද ඉන්පිටත සිට විපක්ෂයේ කාර්යභාරය වඩාත් හොඳින් ඉටුකිරිමේ හැකියාව ඇති බවද ඒ අනුව තම වගකීම හා යුතුකම ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ඔහු පැවසීය.
මැතිවරණ ප්‍රතිඵලය දෙස බලා තම දේශපාලන ව්‍යපාරයේ කාර්යභාරය අකුළා නොගන්නා අතර ජනතා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ගොවි ජනතාව, කම්කරු ජනතාව, රැකියා විරහිත තරුණ ප්‍රජාව සමග එක්ව තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යන බවද ඔහු පැවසීය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)

COMMENTS
ඇයි අරගල කරන්නේ? වෙන ක්‍රමයක් නැද්ද? 71 ඉඳලා අරගල කරලා රට විනාශ කරලයි තියෙන්නේ.
පීඩිතයින් වෙනුවෙන් ඔයතරම් කැක්කුමක් තියෙනවා නම්, මුලින්ම සරසවියට ඇතුල්වන සිසුන්ට නවක වද දී ඇති කරන පීඩාව නවත්වන්නට. තමන් කියන දේ ප්‍රායෝගිකව පිළිපදිනවා නම් ජනතාව ජවිපෙ දිහා මීට වඩා සැලකිල්ලෙන් බලයි.
වෙන මොනවා කියන්නද අනේ හිත හදාගන්න...
දවල්ද? මේ රතු අලි පැටියාට මද කිපිලද කොහේද කියන කතා...
අනේ රතු අලි පැටියෝ දැන්වත් නවත්තගන්න.
ඇතුලේ ඉඳලා වැඩක් කළේ නැති අය එළියේ ඉඳලා මොන කෙංගෙඩියක් කරන්නද?
ඔව් ඔව් ... දැන් 70 දශකයේ සිටම එක එක ආකාරයේ අරගල කරා මෙන්ම දැනටත් කරමින්මනේ ඉන්නේ...
ඔව් ඉතිං දැන් එහෙම හරි කියමු යාලුවා. කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබුණාලුනේ. ඇතුලෙ ඉඳලත් නොකරපු දේවල් එළියේදී කොහොම කරයිද? විශ්ව විද්‍යාලවල කොල්ලො කෙල්ලො ටික පාරට බස්සලා රටේ අනාගතය විනාශ කරන දේවල් තමයි ඉතින් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් යාලුවා....
ලංකාවේ මිනිස්සු කවදාවත් අතීතය අමතක කරන්නේ නැහැ....
පීඩිත පන්තිය නැතිනම් ඔබලාට මොකද වෙන්නේ...?
අපිට පෝස්ටරයක්වත් ගහන්න ඉන්නේ පීඩිත පන්තිය විතරයි.