IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි

(ඩයනා උදයංගනී)

සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මහින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ සළකා බලා මෙම තීරණය ගත් බව ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවකදීය.



අදහස් (77)

එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි

anura Friday, 28 February 2020 05:19 AM

එතකොට දැන් විජිත් හේරත් කිව්වේ වාර්තාව අනුව අත්සන් කරනවයි කියලා...

:       106       253

sadunFriday, 28 February 2020 05:56 AM

එතකොට විජිත වාර්තාව දකින්නේ නැතිවද එහෙම කිව්වේ...?

:       2       135

ජනහිත Saturday, 29 February 2020 01:12 AM

පොහොට්ටු පක්ෂය ඉදිරි මැතිවරණයේදී සටන් පාඨ අතරට එන පළමු සටන් පාඨය නම් MMC ගිවිසුම අපි අත්සන් නොකළේය කියා නියත වශයෙන්ම කියනු ලැබේ. දෙවන සටන් පාඨය වනුයේ පාස්කු ඉරිදා ISIL මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වේ. පොහොට්ටු වේදිකාවේ වැඩිවශයෙන් මෙම සටන්පාඨවලට වැඩි සම්භාවිතාවක් තිබේ. නමුත් දෙවන සටන් පාඨය මෙවර මැතිවරණ වේදිකාවේ කතා කළහොත් එයට පිළිතුරු දීමට කිතුණුවන් සූදානමින් සිටියි. අහිංසක මිනිසුන්ගේ මරණය මතින් දේශපාලනය කරන්නා වූ සහ මැතිවරණ ජයග්‍රහණ අපේක්ෂා කරන්නාවූ සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් මින් මතුවට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරයෙන් නැතිවූ අහිංසක මිනිසුන්ගේ මරණය ඉදිරියට ගෙන ඔවුන්ගේ අවස්ථාවාදී දේශපාලනයට යොදා නොගන්නා මෙන් ඉල්ලමි. අන්තවාදීන්ට කිරිපෙවූ, ඔවුන්ට පඩි ගෙවූ ලොකු ලොක්කන් සහ එම ත්‍රස්ත ප්‍රහාරයේදී ආරක්ෂාව පිළිබඳව වග කිවයුතු සියලු දෙනා අද සිතන්නේ එකම කඳවුරකයි. පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරය මැතිවරණ වේදිකාවල යොදා නොගන්නා ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දෙනමෙන් කාර්දිනල් රන්ජිත් මැතිතුමාගෙන් අප ඉල්ලා සිටිමු. පසුගිය රජය සහ වර්තමාන ගෝඨාභයගේ රජයෙන්ද අපට සිදුවූ සෙතක් නැත...

:       365       428

dambane api Friday, 28 February 2020 10:37 AM

ජනතාවගේ කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් ගිලෙන ආර්ථිකයත්, මේ ඇමෙරිකානු ඉල්ලීමට පිටු දැකීමට හැකි යුද බලයක් රනිල්ට, ගෝඨාට, මහින්දට, විජිත හේරත්ට හෝ කෑ මොරදෙන වාමාංශික දේශපාලනයට හෝ අපේ රටේ ජනතාවට නොමැත. මෙවැනි ඉල්ලීම් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය පවා ප්‍රතික්ෂේප කළත් අපිට එසේ බලයක් නොමැත. කෙසේවෙතත් ලැබෙන මුදල් කන්දරාවත් කොමිස් සහ වෙනත් කාරණා තුළ මෙම දිවයින පාවාදීමට නැවත වරක් හිතන්නේ මෙය ඔවුන්ගේ නිජබිම නොවන නිසාය. ඔවුන් විජය සමග පැමිණි ආක්‍රමණිකයන් වන නිසාය. ඔරිස්සා, තෙලිඟු, කර්ණාටක, අන්ද්‍රා, කේරල, තමිල්නාඩු, සුළු මධ්‍ය ප්‍රදේශ සංකලනය වුණු පිරිසක් නිසාය.

:       145       209

ruFriday, 28 February 2020 03:29 PM

මෙයා දඹානේ නෙමෙයි ඉතියෝපියාවෙ කෙනෙක්.

:       0       0

ලියනගේ Friday, 28 February 2020 05:30 PM

වර්තමාන රජයට ලබන මැතිවරණයේදී යලිත් රජයක් පිහිටුවීමට නොහැක. මේ රජය සිටින්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අවශ්‍ය වුවත් එය කරගැනීමට නොහැකිවය. පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකු සද්දයක් දමා බලයට පැමිණි රජය අද මුනිවත රනින්නේ මන්ද? පාස්කු ප්‍රහාරය නැවත්වීමට නොහැකිවූ වගකිව යුත්තන් අද ඉන්නේ කොහේද?

:       259       1317

malinthaMonday, 02 March 2020 02:33 PM

ඔය මොන බොරු ගෙතුවත් ආයේ මේ වගේ එන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය දැන් ඉන්න තැන බලනවට වඩා එවැනි අය රජකමට යැවූ අය කවුද කියා බලන්න.

:       1       0

NishanSunday, 01 March 2020 12:14 AM

අනතුර තවම තියෙනවා කියන එක විතරක් මතක තියා ගන්න. මේක ඡන්ද ගුණ්ඩුවක් විතරයි.

:       0       18

dilshan rajakaruna Friday, 28 February 2020 05:37 AM

මහා මැතිවරණය අවසන් වෙනකම් විතරයි. ඉන්පසු පත්වෙන නව කැබිනට් එක නැවත ගේනකම් ටිකක් ඉවසන්න වෙනවා. එතකම් ඉඩම් ටිකටික දීම පමණක් කරනවා කෝමාරිකා වැවීමට...

:       747       3155

maxFriday, 28 February 2020 05:57 AM

එහෙමද ආස රාජකරුණා උන්නැහේ...?

:       645       352

Sigithi athalFriday, 28 February 2020 06:52 AM

ආසාව නම් ඒක නෙමේ... බොරු දේවල් වෙන නිසා දැනදැනම රවටා ගැනීමක්... අලුත් ලොක්කා ගෙනාවට පස්සේ ගිය මාස තුනේ රඟපෑ රඟපෑම් ටිකවත් දැකලා ඇත්ත අවබෝධ වෙන්නේ නැතිනම් මොනවා කරන්නද? මේ දෙගොල්ලොම කරන්න හදන්නේ අපිට ආදරේට...

:       287       1055

WijebahuFriday, 28 February 2020 08:03 AM

කොහොමත් ඡන්දෙ ඉවර වෙනකම් අත්හිටුවලා තමයි තිබුනේ... හරි නම් ජනපති ඡන්දෙට ඉස්සෙල්ලා කියපු දේවල් අනුව ඕක ඉරලා විසිකරන්න ඕනෑ. එහෙමයි නියම වීරයන් වැඩ කරන්න ඕනෑ...

:       113       1365

ath gouvaFriday, 28 February 2020 09:15 AM

ශුවර් එකට මෙයා සනීපාරක්ෂක සේවය නොමිලේ කරන කෙනෙක්....

:       106       313

ass charyaFriday, 28 February 2020 10:52 AM

ඇත් ගොව්වා චිචීගේ කුලී හේවායෙක්...

:       219       651

tishan Friday, 28 February 2020 05:37 AM

දැනට අන්දවනවා. ඡන්දෙන් පස්සේ අත්සන් කරනවා.

:       354       1327

samapthFriday, 28 February 2020 06:10 AM

ජනාධිපතිවරණයට කලින් කිව්වේ අත්සන් නොකරනවා කියලා... ඒ වගේම තමයි, කුහක වෙන්න එපා...

:       486       520

ranaFriday, 28 February 2020 06:19 AM

එපා නම් එපා... ඇයි එහෙනම් කොමිසම්? ඒවත් අපේ මුදල් නේද? ඔය 225 බොරු, රැවටිලි වලට තිත තියන්නේ කවද්ද...?

:       168       297

RanFriday, 28 February 2020 07:12 AM

සම්පත් අත්සන් නොකරනවා නම් බන්දුල ගුණවර්ධන කියන්න ඕනේ MCC අවලංගු කරනවා කියලා මිසක් අත් හිටුවනවා කියලා නෙමෙයි. මේක ඡන්දෙ ඉවරවෙනකම් දෙන තාවකාලික සතුටක්.. ඡන්දෙන් පස්සේ ඉතිරි 70%ක් හොඳවෙනවා. අත්හිටුවීම අවලංගු කරනවා.

:       88       651

roshan gunathilakaFriday, 28 February 2020 07:40 AM

අත්හිටුවනවා කියන වචනේ තේරුම හොයලා බලන්නකෝ...!!!

:       0       106

max Friday, 28 February 2020 06:00 AM

ඉතාම සතුටුයි. රට පිළිබඳ හැඟීමක් ඇති හැම දෙනෙකුටම... විශේෂයෙන් ලක්ෂ 69ක් වූ දේශප්‍රේමී ජනතාවට... කෙසේ වුවත් රතු අලි පැටවුන් සහ එජාප, එන්ජීඕ සපෝටර්ලාට නම් හිතට අමාරු ඇති. එ්ක අල්ල ගෙන ආණ්ඩුවටත්, විශේෂයෙන් ජනපතිවරයාටත් පහර දෙන්න නොහැකි නිසා...

:       5500       4351

athuraFriday, 28 February 2020 06:19 AM

ඡන්දෙන් පස්සේ අදහස වෙනස් වුණත් මේ වගේ ඇවිල්ලා අදහස් පල කරන්න ඕනෑ... අපි බලන් ඉන්නවා.

:       116       321

PradeepFriday, 28 February 2020 06:55 AM

මේ අදහසට ලැබී ඇති ප්‍රතිචාර (ඩිස්ලයික්) වලින් සහ සමහර අදහස් වලින් පෙනෙන්නේ MCC අත්සන් නොකිරීම සමහරෙකුට නොසතුටට කාරණාවක් වී ඇති බවයි. අනේ මන්දා මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කියලා. බැරිවෙලාවත් කිව්වා නම් මේක කොහොමහරි අත්සන් කරනවා කියලා, ඊට පස්සේ මෙතන වැලලෙන්න හදනවා. පටු දේශපාලන අරමුණු නැතුව පොදුවේ රටට හොඳක් වෙන අවස්ථාවේ සතුටු වෙන්න. සිදුවෙන්නේ නරකක් නම් විරුද්ධ වෙන්න.

:       772       684

Sanath w.aFriday, 28 February 2020 07:31 AM

කරුණාකර ඩිස්ලයික් ඇති ප්‍රතිචාර කියවන්න.. එම ප්‍රතිචාරවල අදහසට පමණයි ඩිස්ලයික් වැටිලා තියෙන්නේ... ක්‍රියාවට නොවේ.

:       283       182

Pawu hodeFriday, 28 February 2020 06:55 AM

පව් ඉතින් මෙච්චර වුණාට පස්සෙත් මෙහෙම හිතන ඡන්ද දායකයෝ තව ඕනෑතරම් ඉන්නවනේ. කොයි කෙනාට ඡන්දෙ දුන්නත් නියම මැටි මෝල්ලු...

:       81       144

RanFriday, 28 February 2020 07:07 AM

සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 3% එච්චරම මෝඩ නැහැ MAX ඕනෑම මොහොතක මේක අත්සන් කරන්න පුළුවන්... අපිට හිතට අමාරු 69% ඇදගෙනම ඇඳගන්න නිසා

:       206       433

RanFriday, 28 February 2020 08:48 AM

MAX, වැඩිය වචන නාස්තිකරන්න එපා.

:       119       151

Rohana Friday, 28 February 2020 06:20 AM

මෙහි තිබෙන්නේ 'අත්සන් කිරීම අත්හිටුවන බවයි'. එයින් කියැවෙන්නේ ඉදිරි දිනයකදී අත්සන් කරන බවයි. අත්සන් නොකරනවා නම් එම කරුණ කෙලින්ම කියන්න තිබුණා.

:       126       1424

dilshan rajakaruna Friday, 28 February 2020 06:22 AM

මැක්ස්ට කියන්නේ නමේ විදියට උපරිමව කල්පනා කරන්න. ඕක තමයි වෙන්නේ සිද්ධිය... දෙකක් නැහැ. මොකද මේක සිවිල් ආණ්ඩුවක් නොවන නිසා. හැමතැනම අපේ රණ විරුවන්නේ වැඩ කරන්නේ... මේ අය වචන දෙකේ මිනිස්සු නොවෙයි.

:       123       199

dare Friday, 28 February 2020 06:33 AM

"ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව" හරියටම ඇමරිකාවට දන්වලා ලිකිතව ප්‍රතික්ෂේප කලාට පස්සේ අයෙ කියන්න

:       2       1007

තිවංක Friday, 28 February 2020 06:39 AM

ඡන්දෙන් පස්සේ අත්සන් කරන්නේ නෑ කියලා විශ්වාසයිද? අත්හිටුවලා මදි, අහෝසි කරන්නම ඕනේ..

:       27       110

sigithi Friday, 28 February 2020 07:04 AM

අපිට අායෙත් ඔය ගිවිසුම මොනම හේතුවක් නිසා වත් එපා... ඔබ සැමට ස්තුතියි. අපේ රට සියලු දෙවිවරු රැකදේවා... අපේ දුප්පත්කම අපට හොඳයි. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ රටේ සියලු සහෝදර සහෝදරියන් සියලු දෙවිවරු රැකදේවා...

:       7       155

vidya Friday, 28 February 2020 07:13 AM

දැන් ගම්මන්පිල මොකද කියන්නේ සීයට 70ක් හොඳයි කීවනේ...

:       0       1071

Jagath Friday, 28 February 2020 07:25 AM

මේ අය බලයට අාවේ MCC විකුණලානේ. දැන් ඉතින් ඕක දුන්නොත් බයියන් මේ ඡන්දෙට කඩේ යන්නේ කොහොමද රෙදි ඇඳගෙන. ඡන්දෙට පෙර පොරොන්දුවේ හැටියට ගෝඨාභය දිනුවට පස්සේ MCC ගැන ආයේ කතා කරන්න දෙන්නෙත් නෑ වගේනේ.... ටෝක්ස් දුන්නේ. ඉතින් මොකටද කියන්නේ අත්සන් කරන්නේ නෑ කියලා. ඡන්දෙ දිනුවට පස්සේ බලගතහැකි මොනවද කරන්නේ කියලා... එතකොට මෝඩ බයියන් ටික මොනවද කාපු අය වගේ බලාගෙන ඉන්නවා..

:       152       1944

Roshan Gunathilaka Friday, 28 February 2020 07:33 AM

අත්හිටුවනවා කියන්නේ තාවකාලිකව නතර කරනවා කියන එකට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ස්ථිරව අත්සන් නොකිරීමක්. අත්හිටුවනවාට කියන්නේ සස්පෙන්ඩ්.., ඒකෙ තේරුම බලන්න...

:       1       487

RanFriday, 28 February 2020 08:39 AM

රොෂාන් මයා, මේ මිනිස්සුන්ට සිංහල වචනේ තේරෙන්නෙත් නැහැ, ඉංග්‍රීසි වචනේ තේරෙන්නෙත් නැහැ. අත්හිටවනවා කිව්වම හිතන්නේ සම්පුර්නෙන්ම අත්සන් කිරීම නතර කරා කියලා.

:       56       236

Halim Friday, 28 February 2020 07:41 AM

පව් අනේ... සිරිකොතට කඩේයන අයට දොඩවන්න තව මාතෘකාවක් නැතිවුණා.

:       319       133

mihira Friday, 28 February 2020 07:55 AM

දැනට අන්දවනවා. ඡන්දෙන් පස්සේ අත්සන් කරනවා

:       34       364

praddepa Friday, 28 February 2020 08:22 AM

ඇයි ඕක එකපාරටම ඉරා දමනවා කියන්න කොන්ද කෙලින් නැත්තේ ආණ්ඩුවට..?

:       1       313

පර්සි රාජපස්සFriday, 28 February 2020 08:47 AM

එහෙම බැනේ ... ඇමරිකාව තරහාවෙනවානේ.

:       0       39

nimalFriday, 28 February 2020 08:57 AM

ඇමරිකානු ඩොලර් මිලියන 425ක් ඉරා දමන්න...

:       1       17

kamaniFriday, 28 February 2020 10:34 AM

ඒවා ටොයිලට් පේපර් වලට ගන්න...

:       0       128

janahitha Friday, 28 February 2020 10:46 AM

ඔවුන් සමග සටනකට යන්න අපිට යුද බලයක් නැති නිසා අාර්ථික යුද්ධයකට ඔවුන් සමග පැටලෙන්න ඉන් ආරක්ෂා වන්න නිෂ්පාදන හැකියාවක් හැකි කමක් නැති ජාතියක් වන නිසා පාකිස්ථානය එය ප්‍රතික්ශේප කළ ඉන්දියාව එය අපේ දිශාවට යොමු කළා...

:       0       108

kamalSaturday, 29 February 2020 01:20 AM

ආර්ථික බඩබුරුල් ජාතියකට ටොයිලට් පේපර් අත්‍යාවශ්‍යයි.

:       0       105

kamal Friday, 28 February 2020 08:33 AM

මතකද "උඩරට ගිවිසුම" ? ඉතිසාහයෙන් පාඩම් ඉගෙන ගන්නට තරම් මොලයක් නැති රැලක්.

:       42       105

විජිත් Friday, 28 February 2020 08:43 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා "සිහි බුද්ධියෙන්" ඇසිය යුතුයි ' කියලා කියමනක් තියෙනවා නේද...? මේ ගිවිසුමේ පිටතින් කියන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් එහි ඇමුණුම් වලින් ගම්‍ය වෙනබව පෙනෙනවා. ඩොලර් මිලියන 480කට රටක් පාවාදීමට යමෙක්ට හැකි නම්.. ඔහුගේ සිහි බුද්ධිය ගැන දෙවරක් සිතා බැලිය යුතුයි.. අපේ රට අවුරුදු 71 ක්ම පාලනය කළ පාලකයින්ගේ "මෝඩ සහ දීන" කම තම වාසිය කරගත් සමහර විදේශික රටවල් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට මේ "දුෂ්කරම මොහොත" උපයෝගී කර ගන්නවා. එක පාරක් නොව කිහිප වරක්ම "ගිවිසුම් "අත්සන් කිරීමෙන් "ඇනගෙන" තිබෙන මේ රටේ පාලකයින්ගේ දැනුම උගත්කම.. නැවත නැවතත් සිතා බැලිය යුතුයි. යුද්ධය අවසන්වූ වහාම මේ රටට පැමිණි බෑන් කී මුන් දුන් ලිපියට පාලකයින් අත්සන් කළ නිසා " යුද අපරාධ " චෝදනා අපේ රටට එල්ල කිරීමට විදේශයන්ට හැකිවිය. ඒ ලිපිය කියවූ රජීව විජේසිංහ මහතා කීවේ "අත්සන් කරන්න එපා "කියායි. එහෙත් "පීරිස් ලොක්කගේ " කීමට අත්සන් කළ ඒ ලිපිය නිසා අපි වැටුණු වලට වඩා බොහෝ ගැඹුරු වලකට mcc අත්සන් කළහොත් අපි වැටෙනු නිසැකය. තම වාසිය ගැන පමණක්ම සිතන දේශපාලුවන් අපි කිසි විටෙකවත් ඕනෑවට වඩා විශ්වාස කළයුතුද...?

:       1       106

ගගන Friday, 28 February 2020 09:38 AM

සුද්දන්ට රට විකුණලා යුද්ධය නිමාකළ වරදට අපිටම දඬුවම් කරන්න කියලා ලෝකෙට ගිහින් අපවම පාවලා දුන්නා මංගල, රනිල් සහ විරාජ් වගේ උදවිය රජකාලේ හිටියා නම්, මහජන ප්‍රදර්ශනයට තියලා මේ වෙනකොට...

:       505       505

dravida prajava Friday, 28 February 2020 10:41 AM

ඔවුන් දැක්වූ ප්‍රතිරෝදයට මුහුණ දීමට පක්ෂ දෙකටම නොහැකි නිසාත් රට තුළ සිටගෙන ලිපි අදහස් දරන පිරිසටත් එවැනි යුද බලයක් නැති නිසාත් ලෝකයේ පුරා යුරෝපයේ සිටින ද්‍රවිඩ ප්‍රජාවේ බලයට මුහුණ දීමට නොහැකි වුණු නිසාත් දෙගොල්ලන්ටම ඔක්කෝටම අත්සන් කරන්න වුණා.

:       87       1

විපරමා Friday, 28 February 2020 10:55 AM

මහ මැතිවරණය ඉවර වෙනකම් ඉන්නව ඇති... ඊට පස්සේ තමයි වැඩේ කරන්නේ... දූෂිත දේශපාලුවන්ගේ සටකපට වැඩගැන අපි දැනගෙන හුඟක්කල්...

:       42       394

Mahesh Friday, 28 February 2020 01:45 PM

අත්හිටුවයි කියන්නේ පස්සේ ආයේ අත්සන් කරන්නත් පුළුවන් කියලනේ.. ජනතාව ඡන්දේ දුන්නේ ඕක ඉරලා විසිකරන්න මිසක් සලකලා බලබලන්න හෝ අත්හිටුවන්න වගේ විකාර කරන්න නෙමේනේ.. මේ ආණ්ඩුවත් රනිල්ගේ ආණ්ඩුව වගේම රටට විනකරන කල්ලියක් වෙලා..

:       0       242

Champa Friday, 28 February 2020 01:54 PM

අත්හිටුවයි? කවදා වෙනකම්ද? මහ මැතිවරණේ ඉවරවෙනකම්ද? මට මතකයි මීට කලිනුත් දවසක කැබිනට් එක එම්සීසී ගිවිසුම අත්හිටෙව්වා කියලා කිව්වා. තවත් මිනිස්සුන්ව අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඕගොල්ලෝ ගැන තිබ්බ විශ්වාසේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ. රටේ ජනාධිපති එක වචනයකින් කියලා නැහැ අද වෙනතුරු එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මැතිවරණයට ඉස්සෙල්ලා කිව්වෙත් නැහැ අද වෙනතුරු කියලත් නැහැ. එම්සීසී ගැන හොයන්න කමිටුවක් දැම්මේ ඒක හොර පාරෙන් අත්සන් කරන්න මිසක් ප්‍රතිෂේප කරන්න නෙමෙයි. අකුරු කියවන්න දන්න ජනාධිපතිවරයෙකුට කමිටු ඕනේ නැහැ. ගිවිසුම තමන්ම කියවලා තේරුම ගන්න තිබ්බ මේක මොනතරම් රටට අහිතකරද? රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය විතරක් නෙමෙයි ජනතාවත් එක්කම රට ඇමරිකාවට පාවාදීමක්ද කියලා. වගකිවයුතු ජනාධිපතිවරයෙක් නම් තෝල්කයින් නොදා ඔහුම තමයි කියන්නේ ඕනේ තමන් මේ ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා. කියන්න බැරි ඔහු ඇමරිකන් පුරවැසියෙක් හින්දා...

:       313       748

සමරේ - ගම්පහ Saturday, 29 February 2020 12:25 AM

චම්පා නෝනේ.. කවදාද ඩුබායි ඉඳලා ආවේ? අලි බබා සනීපෙන්ද..?

:       210       119

karuSaturday, 29 February 2020 03:51 PM

නෝනේ.. ආයේ ඩුබායි යන්න කලින් මට කෝල් එකක් දෙන්න. මස්කට් කෑල්ලක් තියෙනවා... අබ්දුල්ලාට ගිහින් දෙන්න.

:       0       25

යාපාSaturday, 29 February 2020 06:05 AM

අනේ ඔව් නේද? මුගුරකින් බැටකාපු නයා වගේ කිපිලා ඉන්න බව නම් පේනවා. පව් අපි අනුකම්පා කරනවා වහල්කම නැතිවෙන්න කියලා. දැන් හිතට අමාරු ඇති මේ රට පාවලාදෙන්න බැරි වුණා එකට unp, jvp එකතුවෙලා

:       16       106

SANJEEWA Friday, 28 February 2020 03:29 PM

මහ ඡන්දය ඉවරවෙනකම් පමණි .

:       0       0

THILAK Friday, 28 February 2020 05:16 PM

ඡන්ද ගුණ්ඩු, මෝඩ හැත්තට ඕවා හරි ලොකුයි...

:       815       730

යාපාSaturday, 29 February 2020 06:03 AM

ඇත්තද? පව් නේද වහල්ලුන්ට හිතට අමාරු ඇති...

:       1       0

Bamunuarachchi Friday, 28 February 2020 06:32 PM

එජාප ගොබ්බයින්ට තව සටන් පාඨයක් නැතිවුණා. දැන් ඉතිරිවෙලා තිබෙන්නේ සනීපාරක්ෂක තුවා බෙදිල්ල පමණයි.

:       105       84

BamunuarachchiSunday, 01 March 2020 01:25 AM

ඒක හම්බ වෙන්නෙත් ඒගොල්ලෝ දින්නොත් පමණයි. එතකම් මුහුණ පිහිදාන තුවා තමයි එකම පිහිට කියලා එජාප අගමැති අපේක්ෂක හිතනවා.

:       3       0

chandima Friday, 28 February 2020 06:57 PM

අපේ එක්නැලිගොඩ නෝනලාට ප්‍රෝටීන් ටිකක් එහෙම බීලා රෙඩ් බුල් පාරක් ගහලා දිරපු නූල් වෙනුවට අලුත් නයිලෝන් නූල් එහෙම සවිකරගෙන ලැහැස්ති වෙන්න වෙනවා... මේ යනවිදියට සෑහෙන්න නටන්න වෙනවා ඉස්සරහට...

:       0       0

Rasika Friday, 28 February 2020 07:39 PM

ජිනීවා මර උගුලෙන් අයින් වුණා. ඇමෙරිකන් උගුලෙන් අයින් වුණා. දැන් එ්කත් වැරදියි.. අත්සන් කළත් වරදයි. නොකළත් වරදයි. තමන් වහල්කම් කරන පක්ෂයේ බලයේ නැත්නම්, අනෙක් අය කරන සේරම වරදයි. මේවගේ මෝඩ විදියට හිතන්න එපා. මොන ආණ්ඩුව වුණත්, රටට හොඳ දෙයක් කරනවා නම් එ්ක අගේ කරන්න. නරක දෙයක් නම් විවේචනය කරන්න. කවුරු කළත්, නරක ළමයෙක් වුණත් එ්ක හොඳදෙයක් කළොත් එ්ක අගයන්න. ඔහුව තවතවත් හොඳදේවල් කරන්න පොළඹවන්න. අපිටම තමයි මේ රට හදාගන්න වෙන්නේ...

:       0       0

සමන්ත Friday, 28 February 2020 09:05 PM

සමන්ත මේකත් වෙන ඒවා වගේම රාජපක්ෂ සනුහරේ පට්ට පල් බොරුවක්. ඇමෙරිකාව ඒ අධාරය අපේ රටට නොදී ඉන්න තීරණය කරලා ඉවරයි. (2020 MCC ලැයිස්තුව බලන්න.) එ්ක දැනගෙන මේ බොරුවක් කියන්නේ. ආයෙත් ඉල්ලයි මැතිවරණෙන් පස්සේ . ඔන්න මම කිව්වා.

:       0       0

විජිත් Saturday, 29 February 2020 01:11 AM

මට විශ්වාස කටයුතු ආරංචියක් අද (29.02.2020) ලැබුණා. මේ මාරක ගිවිසුම ගැන... ඒ අනුව මේ ආණ්ඩුව ගිවිසුම අත්සන් කිරීම නවත්වලා ඇමෙරිකාවට යෝජනා කරනවා අපි මේ ගිවිසුම සංශෝධනය කරමු " කියලා. මේ රට පාලනය කරන"බූරුවන්ට" ඇයි බැරි කෙලින්ම කියන්න " අපි මේ ගිවිසුමට අකමැතියි කියලා. මෙය බලෙන් අපේ රට මත පටවන්න ඔබට කිසිම අයිතියක් නැත. මේ රට නිදහස් ස්වෛරී රටක් " කියලා. අවුරුදු 71ක්ම අපේ රට විනාශය කරා ඇදගෙන ගිය සියලුම දේශපාලුවන්ට ශාප වේවා..!!!

:       42       195

Ranjith Saturday, 29 February 2020 01:28 AM

පක්ෂ භේදයෙන් තොරව MCC අයට විරුද්ධ වූ අයගේ ජයග්‍රහණයක්...

:       6       128

සමන්ත Saturday, 29 February 2020 03:55 AM

සමන්ත මේක පට්ටපල් බොරුවක්... ඇමෙරිකාව ලංකාවට ඒ ආධාර වැඩ සටහන අවලංගු කරලා තියෙන්නේ. මේ නරි මිදි කන්න බෑ ඇඹුල් කියන කතාවක්... ගොන් හැත්තට කැඳවත් නෑ.

:       43       89

chawwaSaturday, 29 February 2020 12:43 PM

එහෙම නම් මොකටද ඔහෙලගේ කට්ටිය ඉලෙක්ෂන් එකෙන් පස්සේ අත්සන් කරන්න යන්නේ කියලා මිනිස්සු බය කරන්නේ...?

:       1       1

godayaSaturday, 29 February 2020 12:54 PM

කොහොමත් බටහිර ගැති පරපුටු හැත්තට කන්නවත් නැති වෙයි. අපි නම් කොස් කාලා හරි ජීවත් වෙනවා..

:       1       0

සමන්තSunday, 01 March 2020 05:34 AM

ඔව්.1970-77 කාලේදීත් ඔයවගේ සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, හාල් නැතුව බත් කන්නම් කියලා බලයට ගෙනත් අන්තිමේදී දහස් ගණන් තරුණයෝ මරලා, මිනිස්සුන්ට තණකොල කන්න දීලා 77දී ජේ.ආර්ට හයෙන් පහක බලයක් දූන්න හැටි ගැන අහලා හරි දැනගත්තා නම් තමයි හොඳ.

:       0       1

JuvanesSaturday, 29 February 2020 01:10 PM

මෙයා ඉතියෝපියාවේ කෙනෙක් වගේ කන්න නැහැ... කන්න නැහැ කියන්නේ...

:       1       0

DineshSaturday, 29 February 2020 02:10 PM

මොනවා වුනත් සමනල වසන්තය නම් ඉවරයි.

:       0       0

RiswanSaturday, 29 February 2020 03:42 PM

ඇමෙරිකාව ඔලුව උඩ තියන් ඉන්න නිවට හැත්ත...!! 

:       1       0

MalinthaSunday, 01 March 2020 12:53 AM

අනේ මෙහෙමත් වහල්ලු...

:       0       1

යාපා Saturday, 29 February 2020 06:06 AM

එඩිතර කොන්ද පණතියන ආණ්ඩුවට ජයවේවා...!!!

:       13       107

rocky Saturday, 29 February 2020 11:20 AM

යාපා මහත්තයෝ, ඒ ගොල්ලන්ට කොන්ද පණ තියනවා.. ඒ වුණාට ඡන්ද දායකයින්ට තමයි කොන්ද නැත්තේ... සමහර එවුන්ට නම් කකුල් හතරක්ම තියනවා වගෙයි..!

:       0       0

නන්නාදුනන හාදයා Saturday, 29 February 2020 03:58 PM

ඔය මිනීමරු රටපාවාදෙන යැන්කි ගිවිසුම අත්සන් කළොත් මුළුරටම ලේ විලක් වෙනවා. මේ රට පාවාදෙන ඔය ගිවිසුම් අත්සන් කරන, කැබිනට් එකේදී එයට පක්ෂව අත් උස්සන සියලුම දේශපාලුවන්ටත්, පවුල්වල අයටත්, දරුවන්ටත්... මරණ දඬුවම දීමට නන්නාඳුනන තුවක්කුකරු සූදානමින් සිටියි.

:       0       134

athula Saturday, 29 February 2020 05:31 PM

දැන් දන්නවා අනාගෙන ඉන්නේ... රහස් වාර්තාවකින් පේනවා ඇත්තේ රජය ඉතාම අප්‍රසාදයට පත්වී ඇතිබව දැන් ඔය මහා මැතිවරණය එනනිසා කරන උප්පරවැට්ටි... දැන් පේනවනේ විල්පත්තුවට කරන අපරාධය කිව්වේ මොනවද? කඩොලාන ගිනිතියලා පිට්ටනි හදන්නේ රට හදන්නද...? දැන් කෙළවෙන බව දැනගෙන කරන ප්‍රකාශ ඕකුන් කියන කිසිම දෙයක් පිළිගන්න අපි සූදානම් නැහැ...

:       0       1

බද්රානි Saturday, 29 February 2020 07:43 PM

මේ වගේ ගොබ්බ ජාතියක් ඇමරිකාවට සල්ලි දීලා අල්ලා ගන්න ඕනෑ නැහැ. ඒකට මේ රට ඇතුලේම ශක්තිමත් මෙන්ම බුද්ධිමත් ජාති දෙකක් සිටිනවා. ඔවුන් මේ රට නොමිලේම අයිති කර ගන්න දවස වැඩි ඈතක නැහැ. අන්න එදාට, තියන දේපළ විකුණලා ඇමරිකාවට පණගන්න. ඇමරිකන් එම්බසිය ඉදිරියේ දණ ගහපල්ලා? වැඩිය ඕනෑ නැහැ.. මෙතන ලියන එක බක පණ්ඩිතයෙකුටවත් කියන්න පුලුවන්ද? ඕකේ තියන රටට අහිතකර වගන්ති මොනවද කියලා...

:       0       0

mahinda Sunday, 01 March 2020 01:36 AM

අත් හිටුවා ඇත. දැන් හිටෝපු අත් දෙක එහෙම තිබ්බොත් පැළවෙයිද ? නැත්නම් පස්සේ එළියට ගන්න වෙයිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 75 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 163 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 207 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 370 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 130 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1584 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site