ජාජබ රැලියට මහ සෙනඟක් ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි. 04 January 2023
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙත්සම් අත්සන් කරයි අනීතික හා අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය. 02 January 2023
පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි 2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි. 02 January 2023
පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය. 31 December 2022
කොට කලිසමින් දේවකාරිය ඉටුකළ වෛද්‍යවරයා බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. 30 December 2022
රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය. 29 December 2022
කොටුවෙන්ම කොච්චියට කෝච්චියෙන් කොටුවට දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු වසර 23 කට පසු ඊයේ දින පස්වරුවේ ආරම්භ කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 28 December 2022
රැඳවියන්ගේ කුසලතා කලඑළි දකියි ’’ශිල්ප 2022 සිර සරˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා කලඑළි දැක්වීමේ කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශණය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදි සිදුවිණි. 27 December 2022
අනුලා මහා රහත් තෙරණිය වන්දනා කරන්න මහා සෙනගක් ඓතිහාසික අනුලා චෛත්‍යයේ සිදු කළ කැනීමිවලින් හමුවු ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් මෙහනින් වහන්සේලා 5000 අධික පිරිසක් අද දින වැඩම කර සිටියහ. 26 December 2022
යුරෝපා සංචාරකයන් රැගෙන දැවැන්තයෙක් ත්‍රිකුණාමලයට යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රිලංකාවේ සංචාරයක් සදහා ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට අද (26) සේන්දු වුහ. 26 December 2022
සුනාමිය සිහිකර රටම නිහඬ වේ සුනාමි ඛේදවාචකයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා රටපුරා මොහොතක් නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි. 26 December 2022
පස්කන්දෙන් ආ මාරයා දරු දෙදෙනා ඩැහැ ගනී අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දුනුවිල උතුර වසමේ පිහිටි නිවෙසක් මතට අද (25)පෙරවරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇත. 25 December 2022
වැස්සට පසු කොළඹ නගරය අලුයම සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. 25 December 2022
සුබ නත්තලක් වේවා ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල මිට සුළු වේලාවකට පෙර උදාවිය. 24 December 2022
කැරොල් ගී බලන්න කාදිනල් හිමියෝ වැලිකඩට නත්තල් උත්සවයට සමගාමීව වැලිකඩ බන්ධනාගාර නේවාසිකයින්ගේ නත්තල් කැරොල් ගී වැඩසටහන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේද්රයේදී පැවැත්විණි. 23 December 2022
විදුලි බිලට එරෙහිව ජනතාව පෙළ ගැසෙති රජයේ වැඩි කිරීමට යෝජිත විදුල බිල සංශෝධනයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අරගලයේ නියම සංවිධානයේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (23) පැවැත්විය 23 December 2022
මහ බැංකු අධිපති උමංදාව බලන්න යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය. 22 December 2022
සේවක කප්පාදුව නවතනු:බලාගාරය නොවිකුනනු නොරෝච්චෝල ලක්විජය බලාගාරය විකිණිමට හා එහි සේවකයන් බහුතරයක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තිර්ණයට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි වෘත්තිය සමිති රැසක සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් ලක්විජය බලාගාරය ඉදිරිපිටට අද දහවල් විරෝධතාවයක නිරත වුහ. 22 December 2022
යුදහමුදා නත්තල් ගී නෙළුම් පොකුණේ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගීත සංදර්ශනය මෙවරත් උත්සව මෙවරත් නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්විණ. 22 December 2022
ශූරයන් පිළිගන්න ඇවිත් ආජන්ටිනාව යුධ පිටියක් වෙයි ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් අවුරුදු 5 ක දරුවකු කොමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 21 December 2022
කැඩුණු දුම්රිය මැදිරිවලට යළි පණ දෙයි රත්මලාන දුම්රිය වැඩපොලේ මේ වන විට අනතුරුවලට ලක්වූ දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි රැසක් අලුත්වැඩියා කරමින් පවතින බව එම දුම්රිය වැඩපොලේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 December 2022
නත්තලට හැඩ වෙන කොළඹ නත්තල උදා වීමට ඇත්තේ තව සතියකට අඩු කාළයක්. ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල් අසිරිය විදීමට සූදානම් වෙද්දී කොළඹ නගරය ඇතුලු අවට ප්‍රදේශත් නත්තල් සිරියෙන් අලංකාර වී ගෙන තිබේ. 19 December 2022
මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ. 19 December 2022
සනසන්න ආ ජනාධිපති පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. 19 December 2022
හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 19 December 2022
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය. 19 December 2022
‘‘ලෝක අරගලවලදී එක පිලකටවත් බෙදෙන්නේ නෑ‘‘ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 December 2022
ගුවන් හමුදාව ගිනි නිවීමේ පෙරහුවරුවක ගුවන් හමුදා මුලස්ථානය තුළ ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී එයට ප්‍රතිචාර දැක්වීම සහ පුද්ගලයන් මුදා ගැනීම සම්බන්ධයෙන් පෙරහුරුවක් ගුවන් හමුදා මුලස්ථානයේ දී අද (16) පැවැත්විණි. 16 December 2022
පොලිසිය අයිස් සොයා පාසල් පීරයි කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . 16 December 2022
‘‘රට මුහුණ දී ඇති දුෂ්කරතාව ගැන හිතන්න‘‘ - රෝටරි සභාපතිනි ශ්‍රී ලංකාවේ ආයතන ලාභය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් වැළකී, රට මුහුණදී ඇති දැඩි ආර්ථික දුෂ්කරතාව හමුවේ සමාජ, පාරිසරික සහ මූල්‍ය යන ත්‍රිත්වයේ පහළම මායිම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව රොටරි ඉන්ටර්නැෂනල් සංවිධානයෙහි ප්‍රථම කාන්තා සභාපති වන ජෙනිෆර් ජෝන්ස් මහත්මිය පැවසුවාය. 15 December 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026