(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල මිට සුළු වේලාවකට පෙර උදාවිය.
මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්වේ.
මැක්ස්වල් සිල්වා රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මීගමුව පළඟතුරේ සාන්ත ආනා දේවස්ථානයේ ද , ජේ.ඩී.ඇන්තනී රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් වෑවල සාන්ත සේවියර් දේවස්ථානයේ දී ද නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්වේ.
මෙයට අමතරව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් ඇතුළු දිවයිනේ සෑම දේවස්ථානයක ම මැදියම් රාත්‍රී නත්තල් දේවමෙහෙයන් පැවැත්වෙන අතර දේව මෙහෙයන්ට ප්‍රථම විශේෂ නත්තල් කැරොල් ගී ගායනා පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
දිළිදු ජනතාවට උදව් කිරිම මෙවර නත්තලේ තේමාව බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.
තේවත්ත පල්ලිය (විමුක්ති ඒස් රුද්‍රිගු)
පුත්තලම (එච්.චන්දන)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සුබ නත්තලක් වේවා