IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ.

ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හැදෑරීමෙන් පසුව මොවුන් දෙදෙනා 2016 වසරේදී මෙලබර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීම ආරම්භ කර තිබේ.

තේජානි ගුණරත්න ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.



අදහස් (16)

මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ

chandima Monday, 19 December 2022 05:29 PM

මාරයි, ඒත් කොළඹ විශ්ව විද්‍යාලයට සහ පාසල් අධ්‍යාපනයට, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගත්තු ජාත්‍යන්තර ණය ගෙවන්නේ මේ කන්නත් නැතිව ඉන්න අපේ රටේ මිනිස්සු...

:       17       40

විජේ Monday, 19 December 2022 06:22 PM

මෙච්චර මොලයක් තියන දෙන්නෙක් ඔයතරම් පටුවට හිතන එකක් නෑ කියලා විශ්වාස කරනවා. තව ඉස්සරහට එයාලා එයාලගෙ යුතුකම් ඉෂ්ඨ කරයි...

:       8       30

CHANDIMAMonday, 19 December 2022 08:19 PM

ඔහොම උගත්තු, මොල කාරයෝ කී දෙනෙක් නම් පිටරට ගිහින් ඇතිද? ඒත් තවම ණය බරට කරගහන්නේ මැදපෙරදිග කුලී වැඩකරන, ගෙවල්වල බැලමෙහෙවර කරන අපේ මිනිස්සු. අපි බලමු ඔය කියන විදිහට බොහෝම පුළුල්ව හිතයිද කියලා...?

:       7       28

'පෙළපාලි' විශ්ව විද්‍යාලයMonday, 19 December 2022 07:08 PM

ඇයි අපේ රටේත් 'පෙළපාලි' විශ්ව විද්‍යාලයක් තියෙන්නේ... කැලණියේ...!!

:       5       33

chandana Monday, 19 December 2022 05:56 PM

ආඩම්බරයි දුවේ ඔයාලා දෙන්නා ගැන... රටේ නම තියාගෙන හැම දේකටම වාසනාවන්...!

:       3       40

Nimal Monday, 19 December 2022 06:26 PM

ඔවුන්ගේ අනාගතයට සුබපතමු...!

:       2       42

Rohana Monday, 19 December 2022 10:06 PM

සතුටුයි. සුබ පැතුම්.

:       1       18

dhamneth Monday, 19 December 2022 10:08 PM

ඒ රටවලට අන්තර මන්තර යන්තර නැති නිසා ළමුන් හොඳට ඉගෙනගන්නවා .අවුරුදු දහය පහලව එකම වසරේ ඉන්නේ නැහැ

:       4       41

Ashani Tuesday, 20 December 2022 02:28 AM

ලංකාවේ MBA හෝ PHD වගේ ඖසි වල මැරෙන්න ඕනි නෑ.... නමුත් මෙල්බෝන් යුනි එකට යනවා කියන්නේ සල්ලි ගොඩක් ඔනී... අනිවා පෝසත් පව්ලක ළමයි කියලා ෂුවර්.... කෙසේ වෙතත් සුබපතනවා...යන්නනම් එපා ලංකාවට ....එක අපහු ගොඩ එන්නේ නෑ......

:       3       4

වසරකට රු. ලක්‍ෂ 96 කි..!Tuesday, 20 December 2022 03:01 PM

එක්කෙනෙකුට අවුරුද්දකට යන වියදම [නවාතැනට.. කෑමබීමට.. විදුලිබිලට... ඩේටා බිලට... බස් ගාස්තුවලට] රුපියල් ලක්‍ෂ 96 කි..!

:       0       2

ලුම්බිණි Tuesday, 20 December 2022 05:07 AM

සුභ පැතුම්!

:       0       2

mahesh jaya Tuesday, 20 December 2022 06:31 AM

මේ රටෙන් තව දහසක් විද්යාඥයන් බිහි වෙන්න තියන අවකාශය වලක්වන විභහගයක් තමයි ielts විභාගය .ඕක හින්දා ස්කිල් වීසා එකක්වත් ගන්න බැරුව පසුතැවෙන දහසක් දෙනා ඉන්නවා.අමු කුහක විදිහට පවත්වන එක්සෑම් එකක් ලංකාවේ ielts එක්සෑම් එක.අනෙක් රටවල ielts එක්සැමිනර්ස් ලා ලමයව පාස් කරන්න හදද්දී මෙහෙ ඉන්න කුහකයෝ ඒකෙනුත් හම්බ කරගෙන කන්න බලනවා.මේවා වෙනස් කලොත් ඩොලර් ඕන තරම් ලැබේවි

:       0       3

Santhu Tuesday, 20 December 2022 12:34 PM

අද අප රට වැටී ඇති උද්ධමයට, මේ දෙන්නා පමනක් නොවේ ලංකාවේ හැදී වැඩී, විදේශීය ධනවත් රට වලට ඡීවත් වී මුදල් උපයමින්, ලංකාවෙ ගත කල ඒ දුෂ්කර අතීතය අමතක කර ඉන්නා අයත් මතකයට ගන්නවා නම් අගෙයි තමා. දූලා දෙදෙනාට බුදුසරනයි!

:       0       0

චන්දිම ෆොන්සේකා Wednesday, 21 December 2022 05:48 PM

මේ ඉගෙනගෙන පිටරට ගියා කියලා උගත් මිනිස්සුන්ටම බනින එක වැරැදියි. පොඩ්ඩක් හිතන්න මේ රටේ ජනතාව ඡන්දයක් ආවහාම උදෙන්ම ගිහින් පත් කරගන්නේ නූගත් හොරු ටිකක් විතරයි. උගත් මිනිහාට කොච්චර වුවමනාව තිබ්බා වුණත් රටට සේවයක් කරන්න හරි හමන් ඉඩක් තියෙනවද? තමන්ගේ වටිනා ජීවිත කාලේ නිකරුනේ රටටත්, තමන්ටත් ඵලක් නැතුව කා දමන්නයි වෙන්නේ...

:       0       0

පුරවැසි Wednesday, 21 December 2022 07:14 PM

ඉන්න හිතෙන, එන්න හිතෙන රටේ උපන් කෙනාට ද්විත්ව පුරවැසිකම දෙන්න ඩොලර් 2000ක් ගන්න ලංකාව... රන් බිජු දාන කිකිලි මරපු කතාව මේ මොංගල් දේශපාලුවන් අහලාම නැද්ද දන්නේ නැහැ.

:       0       0

LGPJ Thursday, 22 December 2022 07:18 AM

මගේ හදපිරි සුබපැතුම්... ශ්‍රී ලංකා දියණිවරුන්ට..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site