


(ශාන්ත චන්ද්‍රසිරි)
නකල්ස් වනාන්තර පද්ධතියේ තවත් එක් සොඳුරු නිර්මාණයක් වන ජෝඩු දිය ඇල්ල මේ දිනවල එම කලාපය ආශ්‍රිතව පවතින වර්ෂාව හේතුවෙන් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතී.
උසින් මීටර් 45 ක් වන ජෝඩු දිය ඇල්ලට එම නම වැටී ඇත්තේ එක සමාන දිය ඇලි දෙකක් එකම අයුරින් එකම ස්ථානයේ කඩා හැලීම හේතුවෙනි.
වත්තේගම- බඹරැල්ල මාර්ගයේ තවලන්තැන්න, ප්‍රදේශයෙන් ගොස් මෙම දිය ඇල්ල වඩාත් පහසුවෙන් නැරඹිය හැකි බව නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පවසයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස නොලැබු මෙම සුන්දර දියඇල්ල අවට ප්‍රදේශයට මේ වනවිට යළිත් සංචාරකයන් පැමිණෙමින් පවතින බවත්, දියඇල්ල හා නකල්ස් සුන්දර වනාන්තර පද්ධතිය හා ඒ අවට අනෙකුත් දියඇලි නැරඹීමට ඒමේදි පොලිතීන්, ප්ලාස්ටීක් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
සංචාරකයන් නැරඹීමට පැමිණි කෙටි කාලයක් තුළදී නකල්ස් වනාන්තර පද්ධතියේ දිය ඇලි අවට විවිධ අපද්‍රව්‍ය එක්රැස්ව ඇති බවත්, නකල්ස් වනාන්තර පද්ධතිය හා ඒ අවට ප්‍රදේශ පොලිතින් හා ප්ලාස්ටීක්වලින් තොර කලාපයක් ලෙස නම් කර ඇති බැවින් එවැනි අපද්‍රව්‍ය කිසිවක් එම ප්‍රදේශයට රැගෙන නොයන ලෙස සංචාරකයන්ගෙන් සමින්ද විදානගේ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනරම් දිය ඇලි දෙක දුටුව ගමන්ම මගේ සිතට නැඟුණා... අපූරු සිතුවිල්ලකි. සිලිසිලි සීතල ඇල්ලේ... දියරැලි යයි නැළැවිල්ලේ... නැහැවෙමු මේ කඳුරැල්ලේ... අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ... මම එහි මිහිර උපරිමයෙන්ම විඳින්නෙමි.
එකම තැනකින් ඇරඹී පසුව දෙපසට වෙන්වී... දිය ඇලි දෙකක් ලෙස කඩාවැටෙමින්... නරඹන්නන් වශීකළ මේ දෙදෙනා අවසානයේදී යලිත් එක්වුණා.. එක්වී අපමණ වූ ගල් පර්වත.. බාධක මැදින්.. ගඟක් කරාත්.. ඒ ගඟත් සමග අවසානයේදී ගං මෝයෙන් මුහුදට එක්වෙන තෙක්ම අත්නොහැර දැත් බැඳගෙන ඒ ගමන ගියා. මේ දෙදෙනා යුවලක් නම් ඒ සුන්දර යුවතිය අසන්න ඇති ඔහුගෙන්.." මේ හැටි දුරපියමන් කරලා - ඇයි මා ඔබ ළඟ නතරවුණේ...?" කියලා. දියඇලි කියන්නේ සොබාදහම් අම්මාගේ සතුටු කඳුළු.. එයා දුක්වුණාම කඳුළු වියැළෙනවා. ඇයත්.., මිනිසුන් වුණු අපත් අතර ඇති වෙනස එපමණයි.
මම ශ්‍රී ලංකාවෙන් බොහෝ දුර ලෝකයේ එහා කෙළවරක ජීවත්වන එහෙත් අපේ රටට පණමෙන් ආදරේ කරන කෙනෙක්... උදෑසන රැකියාවට යන්න කලින් මම ලංකාදීප ඔන්ලයින් බලනවා එහෙන් මෙහෙන්. එහි නිතරම මම දකින නමක් තියෙනවා විජිත් කියලා. එයාගේ කොමෙන්ට්ස් අපේ පවුලේ හැමෝම කියවනවා. එයාගේ කොමෙන්ට්ස් හරිම වෙනස්. එයා ලියනවා කියලා අපිට හැඟෙන්නේ නැහැ. අපිට හැඟෙන්නේ විජිත් අපි ලඟට ඇවිල්ලා කතන්දරයක් කියනවා වගෙයි. අලි පැටියෙකුගේ මරණයක් ගැන අද විජිත්ගේ කොමෙන්ට් එක මගේ දුවලා දෙන්නවම හැඬවූවා. මම ඒක දුටුවේ දැන්... ඇත්තටම මමත් ඇඬුවා. "ඔයා බයවෙලා අම්මදිහා බලලා.. අඬන්න ඇති.. ඔයාගෙන් ගිලිහුණු කඳුළු කැට ඒ වතුරටම එකතුවෙන්න ඇති. " කියන කොටස හැබැහින් සිදුවෙනවා මට පෙනෙනවා වගෙයි.. විජිත්, අපි ඔයත් එක්ක අමනාප නැහැ අපිව හැඬවූවාට. අපිට මැවී පෙනෙනවා මේ ලෝකයේ ඉන්න සොඳුරු මිනිසෙක් ඔබ තුළින්. ඔබ වැනි අය මේ ලෝකයට වාසනාවක්.... ඉදිරියටත් අපි ඔයාගේ කමෙන්ට්ස් එනකම් බලාගෙන ඉන්නවා. කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකික අපේ පවුලෙන්ම ඔයාටත්, ලංකාදීප ඔන්ලයින් පුවත්පතටත්, සියලුම ශ්‍රී ලාංකිකයින්ටත්, සුබ පැතුම්...!!!
නකල්ස්හි ජෝඩුඇල්ල ඔබත් හිමිහින් නරඹලා පරිස්සමින් ඒ සීතල වතුරට කකුලත් ඔබලා ගෙනියන දේ නැවත රැගෙන හරිතැන විසිකරලා රැකගන්නකෝ... ඒ ඇල්ලත් තම දරුවෙක් කියලා...
ඔහු තවමත් කිසිම බැඳීමක් නැති කෙනෙක්.. හැබැහින් කවදාවත් නොදුටු ඇය.. ඔහුගේ සිත් පැහැර ගත්තේ ඔවුන් අතර ඇති ඒ ආත්මීය බැඳීම වෙන්න ඇති.. ඉහත අාත්ම ගාණකම ඇය ඔහුගේම වෙන්න ඇති. ඔහු ඇගේම වෙන්න ඇති.. ඔවුන් තවමත් ගං මෝය කට අසලකටවත් නෑවිත් නම්.. ඇය කුමක් කියාවිද..? ඔහු නිහඬයි... දෑස් දල්වා සවන් යොමා සිටින්නේ.. ඇයගෙන් පිළිතුරු පතයි.