lankadeepa.lk

ජාතික ආණ්ඩුව දිගටම යනවා - තිලංග

2018 පෙබරවාරි මස 19 ප.ව. 04:56

5     4170

ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යෑමට අද දහවල් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


lankadeepa.lk

ආණ්ඩුව ගෙදර යායුතුයි - දිනේෂ් ගුණවර්ධන

2018 පෙබරවාරි මස 19 ප.ව. 04:10

6     2104

ජාතික ආණ්ඩුවේ කාලය අවසන් බවත්, අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් ධුරය නොදරන බවත්, දැන් ඇත්තේ ආණ්ඩුව ආයුබෝවන් කියා ගෙදර යෑම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ගෙන එමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.


lankadeepa.lk

පාර්ලිමේන්තු විවාදය අවසන්

2018 පෙබරවාරි මස 19 ප.ව. 03:47

8     7493

රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අස පස්වරු 6.23ට පමණ අවසන් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ජගධීර මහතා අවසන් වරට විවාදය එක්වූයේය.


lankadeepa.lk

ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා

2018 පෙබරවාරි මස 12 ප.ව. 05:20

1     4928

මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.


lankadeepa.lk

රතිඤ්ඤා දැල්වීම පාලනයට පොලිසියෙන් අලුත් ක්‍රමයක්

2018 පෙබරවාරි මස 12 ප.ව. 02:46

14     6987

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජයග්‍රහණයේ සතුට සමරමින් මුලතිව් පුදුකුඩිඉරුප්පු ජනතාව රතිඤ්ඤා දල්වා අපිරිසිදු කර තිබු පුදුකුඩිඉරුප්පු නඟරය පොලිස් නිලධාරීන් විසින් පැය 3 ට අධික කාලයක් වැය කරමින් පවිත්‍ර කර ඇත.


lankadeepa.lk

පොහොට්ටුවකට අලියෙක් ගහයි

2018 පෙබරවාරි මස 12 ප.ව. 02:23

3     2336

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවකට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු හා ඔහුගේ බිරිඳ විසින් පහර දීම නිසා තුවාල ලැබූ ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


lankadeepa.lk

හිටපු නගරාධිපති මන්ත්‍රීවරුන්ට මග හරස් කරයි

2018 පෙබරවාරි මස 12 ප.ව. 12:56

0     1043

ලංකා කමිකරු කොංග්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොඩමන් සහ පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක මහතා ගමන්ගත් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නගරාධිපති අලගමුත්තු නන්දකුමාර මහතාව හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම ස්ථානයෙන් ඉවත් කර ඇත.


lankadeepa.lk

දඹුල්ලේ ගැටුමකින් 4 කට තුවාල - 5 ක් පොලිසියේ

2018 පෙබරවාරි මස 12 පෙ.ව. 11:26

0     87

දඹුල්ල ප්‍රාදේශීය සභාවට තරග වැදුණු එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි සීගිරිය පොලිසිය කියයි.


lankadeepa.lk

තුන්වන දිනටත් පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයේ

2018 පෙබරවාරි මස 11 ප.ව. 06:48

15     16099

තම ආධාර කරුවෙකුට පහර දීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ සන්ධානයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුතුණුවන්ද සමඟ පසුගිය 09 වැනිදා බුලත්සිංහල පොලිසිය හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයේ තුන්වන දිනටත් අද (11) නියැලි සිටි.


lankadeepa.lk

මාවනැල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක්ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

2018 පෙබරවාරි මස 11 ප.ව. 05:36

0     1000

මාවනැල්ල ඒදඩුවාව කොට්ඨාංශයේ ඡන්ද පෙට්ටි ගණන් කරන ලද බැමිණිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේදි එය නිවැරදිව ගණනය සිදු කර නැතැයි පවසමින් අද (11) මාවනැල්ල පොලිසියට සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මෙන්ම ෆැපරල් ආයතනයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද අපේක්ෂකයා ඇතුලූ පිරිසක් පැමිණිලි කරන ලද බව එම පක්ෂය පවසයි.


lankadeepa.lk

ගාල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයක්ට මැර ප්‍රහාර

2018 පෙබරවාරි මස 11 ප.ව. 03:23

1     1441

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයග්‍රහණය කළ ගාල්ල හිටපු මහ නගරාධිපතිවරයකු වන කැලුම් සෙනෙවිරත්න මහතා ඇතුළු ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුට නිවසට කඩා වැදී පහර දී ඇති බව පොලිසිය පවසයි.


lankadeepa.lk

එජාප - පොහොට්ටු ගැටුමෙන් තිදෙනෙක් රෝහලේ

2018 පෙබරවාරි මස 11 පෙ.ව. 11:56

0     582

මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වැදුණු මහ අඹගස්වැව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු අතර අද (11) අලුයම හටගත් ගැටුමක් දැඩි වෙහෙසක් දරා මර්දනය කළ බවත් ගැටුමෙන් තුවාල ලබා තිදෙනකු මැදිරිගිරිය මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් මැදිරිගිරිය පොලිසිය පවසයි.


lankadeepa.lk

එජාපයේ පිරිසක් පොහොට්ටුවේ දෙදෙනකුට පහර දෙති

2018 පෙබරවාරි මස 11 පෙ.ව. 11:32

1     290

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශිය සභාවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් දෙදෙනකුට පරාජයට පත්වු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ ආධාර කරුවන් පිරිසක් විසින් අද (11) පහර දෙනු ලැබීමෙන් බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.


lankadeepa.lk

මුලතිව්හී අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙකුට පහර දෙයි

2018 පෙබරවාරි මස 10 ප.ව. 06:21

0     236

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ අපේක්ෂකයෙකු විරුද්ධ පක්ෂ ඡන්ද දායකයෙකුට අද (10) දහවල් පහරදී ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.


lankadeepa.lk

ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදු අයෙකු පුත්තලමේදී අත්අඩංගුවට

2018 පෙබරවාරි මස 10 ප.ව. 02:12

2     506

ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


lankadeepa.lk

මහනුවර ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ප්‍රමාදයක්

2018 පෙබරවාරි මස 09 ප.ව. 06:10

2     757

පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් මැතිවරණ රජාකාරී සඳහා පැමිණි නිලධාරීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.


lankadeepa.lk

බෙලිඅත්තේ අත්පත්‍රිකා බෙදූ අපේක්ෂකයා අත්අඩංගුවට

2018 පෙබරවාරි මස 08 ප.ව. 05:27

0     563

මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු අද (8) මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටියදී බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.


lankadeepa.lk

මැතිවරණයේ පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075

2018 පෙබරවාරි මස 08 ප.ව. 03:12

0     413

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075 දෙනෙකු යොදවන බව හමුදාව කියයි.


lankadeepa.lk

බෙලිඅත්තේ පොහොට්ටු අපේක්ෂකයකුගේ නිවසකට ගල් ප්‍රහාරයක්

2018 පෙබරවාරි මස 08 ප.ව. 12:29

1     640

මෙවර මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ නිවසට ඊයේ(07) රාත්‍රී නාදුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.


lankadeepa.lk

පෝස්ටර් ඇලවූ අයෙක් අත්අඩංගුවට

2018 පෙබරවාරි මස 08 පෙ.ව. 09:24

0     97

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


lankadeepa.lk

බීමතින් ඡන්ද මධ්‍යස්ථානවලට ගියොත් වැඩ වරදී

2018 පෙබරවාරි මස 07 ප.ව. 05:13

0     318

​ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.


lankadeepa.lk

පුංචි ඡන්දෙට 65760ක පොලිස් ආරක්ෂාවක්

2018 පෙබරවාරි මස 07 ප.ව. 04:37

0     172

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.


lankadeepa.lk

ඡන්ද පෝස්ටර් ඇලවු තිදෙනෙක් අත්අඩංගුවට

2018 පෙබරවාරි මස 07 පෙ.ව. 09:43

0     104

යාපනය වඩුක්කොඩ්ඩෙයි මූලායි ප්‍රදේශයේදී දෙමළ විමුක්ති සන්ධානයට අයත් අධාරකරුවන් තිදෙනෙකු ඡන්ද පෝස්ටර් අලවමින් සිටියදී ඡන්ද පොස්ටර් 396 ක්ද සමගින් අද (7) අළුයම අත්අඩංගුවට ගත් බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.


lankadeepa.lk

පොලොන්නරුවේ 10000කට තාවකාලික හැඳුනුම්පත්

2018 පෙබරවාරි මස 05 ප.ව. 07:29

5     607

මෙවර පළාත් පාලන මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයින් 10000 කට තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් ආරියරත්න මහතා පවසයි.


lankadeepa.lk

අයෙක් පැති දෙකකින් ආවාට පෙත්සමක්

2018 පෙබරවාරි මස 05 ප.ව. 03:26

3     2023

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ජනසෙත පෙරමුණෙ නාමයෝජනා ලැයිස්තු දෙක බලරහිත කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.


lankadeepa.lk

ඡන්ද නීති කැඩීයැයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට

2018 පෙබරවාරි මස 02 ප.ව. 04:16

2     982

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ධාවනය කළ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.


lankadeepa.lk

මොණරාගල අපේක්ෂකයෝ ඡන්ද දායකයන්ගේ බිල් ගෙවති

2018 පෙබරවාරි මස 02 ප.ව. 04:14

1     667

මොනරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක අපේක්ෂකයන් විසින් ඡන්ද දායකයන් ගේ විදුලි බිල් හා ජල බිල් ගෙවීමේ සිද්ධින් රාශියක් පිළිබඳ තම නිරික්ෂකයන් නිරීක්ෂණය කර ඇතැයි පැෆරල් සංවිධානය කියයි.


lankadeepa.lk

පෝස්ටර් ඇලවූ දෙදෙනෙක් අත්අඩංගුවට

2018 පෙබරවාරි මස 02 ප.ව. 03:12

0     156

පළාත් පාලන මැතිවරණයට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවකුගේ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අද (2) අලුයම මුලතිව් පුදුකුඩිඉරුප්පු 10 කොටසේ දී අත්අඩංගුවට ගෙන ඇත.


lankadeepa.lk

මැතිවරණ අත්පත්‍රිකා ගෙනයමින් සිටි දෙදෙනෙක් අල්ලයි

2018 පෙබරවාරි මස 02 පෙ.ව. 10:08

0     134

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මැතිවරණ අත්පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොරවගම කැල්ලපතදී පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


lankadeepa.lk

මැතිවරණ නිරීක්ෂනයට නිරීක්ෂකයින් 302 ක්

2018 පෙබරවාරි මස 01 ප.ව. 09:12

0     106

මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා මානව හිමිකම් පිලිබඳ විද්වද් සංසදයේ මැතිවරණ නිරීක්ෂන ජාලය දිස්ත‍්‍රික්ක 19ක් ආවරණය වන පරිදි නිරීක්ෂකයන් 302ක් යොදවා ඇතැයි එහි ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පැවසීය.