IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයක්ට මැර ප්‍රහාර

(සුමතිපාල දීයගහගේ) 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයග්‍රහණය කළ ගාල්ල හිටපු මහ නගරාධිපතිවරයකු වන කැලුම් සෙනෙවිරත්න මහතා ඇතුළු ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුට නිවසට කඩා වැදී පහර දී ඇති බව පොලිසිය පවසයි.  

තුවාල ලැබූ සොහොයුරන් දෙදෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රහාරයෙන් කැලුම් සෙනෙවිරත්න මහතාගේ එක් අතක ඇගිලි දෙකකටද තුවාල සිදුවී ඇත. 

කඩු පොලු රැගෙන නිවසට කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කළ බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් ද  සිටින බව ද ඔහු කියයි.

පරාජයෙන් වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂයේ එක් අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කළ බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල මහ නගර සභා කණ්ඩායම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කැලුම් සෙනෙවිරත්න මහතාගේ නායකත්වය යටතේ තරග කළේය.

 ප්‍රහාරයට පැමිණි පිරිස රැගෙන පැමිණි කඩු පොලුද දමා පලා ගිය බවද වාර්තාවේ. 



අදහස් (1)

ගාල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයක්ට මැර ප්‍රහාර

කුමාර් (ගල්ෆ්) Sunday, 11 February 2018 04:11 PM

මේ වගේ අයට ගහල මදි.... මේ අයව හමගහන්න ඕනෑ.

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 306 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 792 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site