ජාතික ආණ්ඩුවේ කාලය අවසන් බවත්, අලුත් ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් ධුරය නොදරන බවත්, දැන් ඇත්තේ ආණ්ඩුව ආයුබෝවන් කියා ගෙදර යෑම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ගෙන එමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම යෝජනාව විමල් වීරවංශ මහතා ස්ථිර කළේය.
රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම විවාදය අද පස්වරු 4.00 ට ආරම්භ විය.
කල්තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම විවාදයේදී යෝජනාව ඒකාබද්ධ විපක්ෂ නායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආණ්ඩුව ගෙදර යායුතුයි - දිනේෂ් ගුණවර්ධන
wimal Monday, 19 February 2018 10:55 AM
අනිවාර්යයෙන්ම යන්න ඕනෑ රට විනාශ කරන්න දෙන්න බැහැ. අලුත් රටක්, අලුත් ආණ්ඩුවක්. ඔබට ජය වේවා !!!
Muhan Monday, 19 February 2018 11:03 AM
ඒ දවස්වල මෙයා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපු කෙනෙක්... දැන් නැති ප්‍රශ්න ඇදගෙන කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න හදනවා.
sampath pathirana Monday, 19 February 2018 11:37 AM
ආණ්ඩුව අනිවාර්යයෙන් ගෙදර යුතුය... දැන්වත් රට හදන්න ඉඩදෙන්න.
sirimal Monday, 19 February 2018 12:24 PM
මේ ගොල්ලන්ට දූෂිතයින්, මිනීමරුවන්, අපරාධකරුවන් සේරටම තව බොහෝ කාලයක් මේ ලෙසටම සුදු හුණු ගගා තමා ඉන්න වෙන්නේ. කිසිම ලැජ්ජාවක් නැතුව දූෂිතයන් සුදනන් ලෙස පෙන්වන්නට උත්සාහ කරමින් දැන් මේ කරන නාඩගම් බොරලුගොඩ සිංහයා දැනගත්තොත් මොනවා හිතයිද?
chithranandaTuesday, 20 February 2018 12:00 AM
අනුන්ට අවවාද දෙන්න කලින් දැනගන්න ඕන ඒවා පිළිපදින්න.
Chandra Wednesday, 28 February 2018 11:34 AM
ගිය රජයේ බොහෝ කල් ඉදලත් දැන් නේ මෙයා දුෂණ , වංචා , මිනීමැරුම් දැකල තියෙන්නේ . පව්.!