නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහි පෙත්සම් අට හෙට විභාගයට පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් අටම හෙට(16 ) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය. 15 January 2018
නිදහස සොයා ගිය පොහොට්ටුවකට ගුටි පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කටුවන ප්‍රදේශයේ ක්‍රියාකාරිකයකුට අද (15) දහවල් මිද්දෙනිය නගරයේදී කිසියම් පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇත. 15 January 2018
නිතිවිරෝධි මැතිවරණ ප්රචාරක කාර්යාලයක් වටලයි මෙවර පළාත් පාලන මැතිවරණයේ පොලොන්නරුව මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පොලොන්නරුවල බැඳිවැව ප්‍රදේශයේ පිහිටි බලපත්‍රයක් රහිතව පවත්වාගෙන ගිය මැතිවරණ ප්රචාරක කාර්යාලයක මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රදර්ශනය කර තිබු බැනර්, කටවුට්,සැරසිලි තොගයක් අද (15) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 15 January 2018
අගමැති රැළි 25 ටම යයි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන රැළි 25 ක් පැවැත්වීමට සැලසුම්කර ඇති ඇති අතර ඒ සියලුම රැළි සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමටද නියමිතය. 14 January 2018
අරලගංවිල ඡන්ද කාර්යාලයකට කළු තෙල් ප්‍රහාරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවට තරග වදින ස්වාධීන කණ්ඩායමේ අරලගංවිල, ඉහළ වැව පිහිටි ප්‍රධාන කාර්යාලයට අද (14) අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි. 14 January 2018
සබරගමුවේ ගුරු මාරු අත්හිටුවයි සබරගමුව පළාතේ සියලුම වාර්ෂික ගුරුමාරුවීම් 15 වැනිදා සිට තාවකාලිකව අත්හිටවූ බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය. 14 January 2018
රන් මාල කොල්ලයට අපේක්ෂකයන් දෙදෙනකු සැකපිට කලවංචිකුඩිහිදී පවුම් පහමාරක රන් මාලයක් කොල්ලකෑ බව කියන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 January 2018
එජාප අපේක්ෂකයාගේ සොහොයුරාට බෙලිඅත්තේදී මැර ප්‍රහාරයක් තංගල්ල පලපොත කොට්ඨාශයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ නිවසට පැමිණි නාදුනන පිරිසක් විසින් අපේක්ෂකයාගේ සොහොයුරාට කඩුවකින් පහර දී තුවාල සිදු කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 13 January 2018
සන්ධානයේ ප්රචාරක පුවරු දෙකකට ආරච්චිකට්ටුවේදී හානි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයෙන් තරග කරන හලාවත - විල්පත පදිංචි ඒ.එම්.සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ මැතිවරණ ප්රචාරක පුවරු දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කර ඇති බව පල්ලම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක සදහන් වේ. 13 January 2018
දිස්ත්‍රික් 8ක තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දිස්ත්‍රික්ක 08 ක තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතිබව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 12 January 2018
බීමතින් රිය පැදවූ පොහොට්ටුවේ අපේක්ෂකයකුට දඩ බීමත්ව රිය පැදවූ බවට නොච්චියාගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෙවර පළාත් පාලන මැතිවරණට තරග වදින අපේක්ෂකයකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ තඹුත්තේගම මහේස්ත්‍රාත් චමිලා නදීෂානි මහත්මිය ඔහුට රුපියල් 20000ක දඩයක් නියම කළාය. 12 January 2018
මඩුල්ල නාමයෝජනා පත්‍රයට එරෙහිව රිට් පෙත්සමක් පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල මඩුල්ල ප්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී තිබේ. 11 January 2018
ඡන්ද වැඩට ගිහින් වැඩ තහනමට ලක්වෙයි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයක් වන ඉඳුරුව ගෝනගල්පුර උප තැපැල් ස්ථානාධිපතිවරයාට සහය පළ කරමින් ප්රචාරක කටයුතු කළ එම තැපැල් කාර්යාලයේ සහායිකාව වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි. 11 January 2018
ආරච්චිකට්ටුව එජාප අපේක්ෂකයාට ඇප ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරග වැදී සිටින කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයකු සහ ඔහුගේ ආධාරකරුවකු රුපියල් 50000 බැගින්වන ශරීර ඇප මත මුදා හැරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නියෝග කළේය. 10 January 2018
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ අරණායක නාත්තාකන්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 57ක් නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අනුයුක්ත කිරිමට විරෝධය පළ කරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇත. 09 January 2018
හෙම්මාතගමදීත් පෝස්ටර් ඇලවූ අයෙක් අල්ලයි මැතිවරණ නිතී කඩමින් ත්‍රිරෝද රථයක් උපයෝගි කරගනිමින් පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයෙකුගේ පොස්ටර් ඇලවු පුද්ගලයකු පොස්ටර් තොගයක් සමග ඊයේ (8 ) රාත්‍රී 11ට පමණ හෙම්මාතගම ඕලාන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනිමට හෙම්මාතගම පොලිසිය කටයුතු කර තිබුණි. 09 January 2018
පෝස්ටර් අලවමින් සිටි 4 දැලේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 09 January 2018
එජාප අපේක්ෂිකාවකගේ නිවසට ගල් ප්‍රහාරයක් එජාපය යටතේ කොටගල ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදි තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 08 January 2018
කසිප්පු පෙරමින් සිටි අපේක්ෂකයෙකු පොලිස් දැලේ පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 03 January 2018
කොන්දොස්තරවරු දෙන්නෙක් බඳවා ගත්තැයි පැමිණිල්ලක් හැටන් ලංගම ඩිපෝවේ කොන්දොස්තර තනතුරු දෙකක් සදහා පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණීල්ලක් කර ඇත. 03 January 2018
එජාප අපේක්ෂකයන් ගැන පළාත් මන්ත්‍රී දන්නෙත් නැතිලු ‘‘එක්සත් ජාතික පක්ෂයෙන් දඹුල්ල මහ නගර සභාවට හා දඹුල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයන් කවුරුන්ද යන්න මම තවමත් දන්නෙ නෑ... මම ඒ අයට උදව් කරන්නේ ෆේස්බුක් දැකලා‘‘ යැයි එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් පවසයි. 02 January 2018
ඡන්ද අපේක්ෂකයා බුදු පිළිම බෙදයි මැතිවරණ නිති උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය. 02 January 2018
දඹුල්ලේ ජවිපෙ බැනර්, කටවුට්, කොඩි කපති දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අතුපාරය කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයක තිබූ බැනර් කටවුට් හා කොඩි ගිනිතබා කපා දමා විනාශ කොට ඇතැයි දඹුල්ල පොලිසියට අද (1) පැමිණිල්ලක් ලැබී තිබේ. 01 January 2018
ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්ද ව්‍යාපාරවල පළාත් පාලන ඡන්දයේ දී සමහර කේෂත්ර නිලධාරින් පවුලේ සාමාජිකයින් අපේක්ෂකයන් කරගෙන ෙඔවුන් වෙනුවෙන් ප්රචාරක කටයුතුවල නියැලෙන්නේ යැයි පැෆරල් සංවිධානය චෝදනා කරයි. 01 January 2018
නිවස ඉදිරිපිට තිබූ ප්රචාරක පුවරුවකට ගිනි තබයි හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂිකාවකගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ ප්රචාරක පුවරුවකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 01 January 2018
පෝස්ටර් ඇලවූ මුස්ලිම් කොන්ග්රස් දෙදෙනෙක් සැකපිට මැතිවරණ නීති කඩ කරමින් පුත්තලම නගරයේ පත්‍රිකා අලවමින් සිටී සැකකරුවන් දෙදෙනකු අද පත්‍රිකා 207 සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 31 December 2017
පුංචි ඡන්දේට නුවරඑළියෙන් අපේක්ෂකයන් 2237 ක් 2018 පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 12 ක් සඳහා මෙවර අපේක්ෂකයින් 2237 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම් ගණනාවකින් ඉදිරිපත් වී ඇත. 29 December 2017
ශ්‍රීලනිප අපේක්ෂකයකු අත්අඩංගුවට ඉදිරි ඡන්දයේදී පොහොට්ටුවට ඡන්දය දෙන බව පැවසූ පුද්ගලයකුට පහරදුන්නේ යැයි සැකපිට ශ්‍රීලනිප අපේක්ෂකයකු ඇතුලු තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය කියයි. 28 December 2017
මාතලේ මැතිවරණ පැමිණිලි 28ක් මාතලේ දිස්ත්‍රික්ය තුළ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද(28) වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් පිළිබඳ පැමිණිලි 28 ක් වාර්තාවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි. 28 December 2017
පක්ෂ සාමාජිකත්වය අහෝසි කළැයි ආසන සංවිධායකවරියට චෝදනා නාඋල එක්සත් ජාතික පක්ෂ හිටපු විපක්ෂ නායක වරයා තම එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලග්ගල ආසන සංවිධායකවරිය වෙත චෝදනා කරයි. 25 December 2017
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026