IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මඩුල්ල නාමයෝජනා පත‍්‍රයට එරෙහිව රිට් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පළාත් පාලන මැතිවරණයේදී  මොණරාගල මඩුල්ල ප‍්‍රදේශීය සභාවට තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පතිවරයෙක් නම් ලබා දී තිබේ.

එය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් වන බැවින් එම පක්ෂයේ නාමයෝජනා පත‍්‍රය අහෝසි කර එම ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීම අහෝසි කරන නියෝගයක්  නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පස්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (11) රිට් පෙත්සමක්  ගොනු කළේය.


මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර , අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා , සමන් පේ‍්‍රමජිත් වික‍්‍රමආරච්චි , දිසානායක මුදියන්සේලාගේ අරුණසිරි සම්පත් කරුණාරත්න ,දිසානායක මුදියන්සේලාගේ මුණසිංහ නැමැත්තන්ය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය , සහ එම කොමිසමේ සාමාජිකයින් තිදෙනා , දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරී , එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ , පොදු ජන පෙරමුණ පක්ෂ ලේකම්වරුන් සහ නීතිපති  නම් කරනු ලැබ සිටිති.



අදහස් (3)

මඩුල්ල නාමයෝජනා පත‍්‍රයට එරෙහිව රිට් පෙත්සමක්

laksman Friday, 12 January 2018 12:35 AM

විදුහල්පතිලට පමණක් නොව ගුරුවරුන්ට ද දේසපාලනය තහනම් කලයුතුය මොවුන් කරන්නේ විභාග වලින් සමත්කම් නොදක්ව හිතවත් කම් මත උසස්වීම් ලබා ගැනීමට ක්‍රම සකස්කර ගැනීම මේවට ඉඩ නොදිය යුතුය

:       2       18

Lakmal Friday, 12 January 2018 09:18 AM

ඒක ඇත්ත... විදුහල්පතිවරුන්ට මොන දේශපාලන නේද? දේශපාලනේ කරන්න ඕනෑ ජූඩෝ, කසිප්පු කාරයෝනේ...

:       0       82

නිශ්ශංක Friday, 12 January 2018 03:20 PM

මෙවැනී වැරදී හිතාමතා කන ඒවා. රජය නොමග යවනවා විතරක් නෙවෙයි. බොරු කියලා මිනිස්සුත් නොමග යවනවා. මේකට විදුහල්පතිතුමා විතරක් නෙවෙයි අදාල පක්ෂයේ සියලූම අපේක්ෂකයෝ වගකිවයුත්තන් වෙනවා.ඒ නිසා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕන.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 306 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 792 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site