(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අතුපාරය කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයක තිබූ බැනර් කටවුට් හා කොඩි ගිනිතබා කපා දමා විනාශ කොට ඇතැයි දඹුල්ල පොලිසියට අද (1) පැමිණිල්ලක් ලැබී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පැවසුවේ තම කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට තිබූ මෙම දේපළවලට කවුරුන් විසින් හානි කළේ දැයි යන්න නොදන්නා බවයි.
දේශපාලන අන්තවාදීන් මෙම විනාශය සිදු කර ඇති බව ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ හැමෝගෙම පොදු සතුරා වෙලා තියෙන්නේ ජ.වි.පෙ. ... ඒ කියන්නේ එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප., ඒකාබද්දෙ හැමෝම දන්නවා ජ.වි.පෙ. ජයග්‍රහණය කළොත් එයාලගෙ සෙල්ලම් ඉවරයි කියලා.
ඉතින් මොකද බලාගෙන ඉන්නේ දෙන්න රිටර්න් එක... ඔය ගොල්ලන්ගේ කව්රුහරි ඕක දැකලා ඇති...
මේ ඡායාරූප වලට අනුව බැනර් වල හිටපු අපේක්ෂකයා එක්ක තිබ්බ තරහකට, ඒ කියන්නේ නාමයෝජනා නොලැබිච්ච අයෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්. ඡන්දෙ දාන්න යන මුල්ම පස් දෙනා ඝාතනය කරනවා කියපු, පාරේ පරාල ඇණ තියපු අයට තවත් මොනවද?
මෙදාපාර ජවීපෙ නොසිතු පෙරලියක් කරනවා.
මෙවර ජවිපෙ බහුතර බලයක් ගන්නවා සහතිකයි.
ඉවරයි. දැන් කොහොමද ඡන්දෙ දෙන්නේ. මේවා නැතිව අපිට ඡන්දෙ දෙන්න බෑනේ. පෝස්ටරයක් කියවා තමයි අපි අපේ පක්ෂය වෙනස් කරලා කාටද ඡන්දෙ දෙන්නේ කියල තීරණය කරන්නේ.
පුළුවන් නම් පාර්ලිමේන්තුවට එදා තේරිච්ච හොදම සුපිරි මන්ත්‍රී 40 න් 15 ක් වේදිකාවට ගෙනත් පෙන්නන්න. අපිට ඡන්දෙ දෙන්න.