පුංචි ඡන්දෙන් පසු ජාතික ආණ්ඩුව ගැන තීරණයක් ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද(24) පැවසීය. 24 December 2017
මැතිවරණ නීති කඩ කරමින් අභ්‍යාස පොත් බෙදූ දෙදෙනා අත්අඩංගුවට බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී හා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම යටතේ තරග වදින අපේක්ෂකයෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අභ්‍යාස පොත් බෙදාදීම නිසා අද (24දා) දහවල් බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගන තිබේ. 24 December 2017
නුවරඑළිය කම්කරු කොංග්රස් කාර්යාලයට පහරදීලා අද (24) සිවි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ කාර්යාලයට අලාභ හානි සිදුකර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්. රාමේෂ්වරම් මහතා පවසා සිටී. 24 December 2017
වරදරාජාලා ස්වාධීන වෙන්න යති දෙමල සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල පලාත් පාලන ආයතන 6ක් සදහා තනිව තරග කරන බව එම පක්ෂයේ නායක උතුරු නැගෙනහිර පළාතේ හිටපු එකම ප්‍රධාන අමාත්‍ය වරදරාජා පෙරුමාල් මහතා පැවසීය. 24 December 2017
ඡන්දය ගැන කියා තර්ජනය කළ අය සොයයි මාතලේ මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධායෙන් තරඟ කරන පුද්ගලයකුගේ සහෝදරයකුට බැන තර්ජනය කළැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි. 23 December 2017
‘මැතිවරණයේ නාමයෝජනා දුන් පිරිසේ අපරාධකරුවන් සිටිනවා’ - පැෆරල් පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 22 December 2017
පුංචි ඡන්දයේ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ජනපති ඉදිරියේ ප්‍රතිඥාවක් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රතිඥාවක් ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 22 December 2017
මැතිවරණ නීති කැඩූ 11ක් නිකවැරටියෙන් අල්ලයි නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 December 2017
අම්පාරට පක්ෂ 15ක් ස්වාධීනව 13ක් නම් දෙයි අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙවන අදියරේ පළාත් පාලන ඡන්දය සඳහා නගර සභා දෙකකට සහ ප්‍රාදේශිය සභා 06 කට නාම යෝජනා භාර ගැනිම අද (21) අම්පාර දිසාපති කාර්යාලයේදි සිදුකරනු ලැබිය. 21 December 2017
වවුනියාවට පක්ෂ අටක් නම් දෙයි වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් නාමයෝජනා භාර දී ඇතැයි වවුනියාව තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා අද (21) පස්වරුවේ නිවේදනය කළේය. 21 December 2017
මහනුවරින් පක්ෂ 14 ක් ස්වාධීනව 11 ක් සටනට මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධීන කණ්ඩායම් 11 කින් නාම යෝජනා පත්‍ර 115 ක් ඉදිරිපත් කළ බවත් ඒ සියල්ලම පිළිගත් බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි. 21 December 2017
කොළඹ පළාත් පාලන ආයතන 10ක් සඳහා නම් දෙයි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10ක් සඳහා දේශපාලන පක්ෂ 62ක් සහ ස්වාධීන කණ්ඩායම් 14ක් අද (21) නාමයෝජනා භාරදුන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රධාන තේරීම් භාර නිලධාරී සුනිල් කන්නන්ගර මහතා පැවසීය. 21 December 2017
පොළොන්නරුවට පක්ෂ තුනක් නම් දෙයි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට පොළොන්නරුව මහ නගර සභාව, පොළොන්නරුව, වැලිකන්ද, ඇලහැර යන ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 December 2017
බෙන්තරට ඇල්පිටියට එජාපය නම්දෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අද (21) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නාම යෝජනා බාර දුන්නේය. 21 December 2017
වවුනියා ප්‍රා.සභාවට එක්සත් ජාතික පෙරමුණ නම්දෙයි මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ අද (21) නාමයෝජනා බාර දුන්නේය. 21 December 2017
සන්ධානය ගාල්ල නගර සභාවට නම් දෙයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල මහ නගර සභාව සඳහා නාම යෝජනා බාරදීම අද (21) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. 21 December 2017
එජාපය ගාල්ල මහ නගර සභාවට නම්දෙයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ල මහ නගර සභාව සඳහා නාම යෝජනා බාරදීම අද (21) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකැරිණි. 21 December 2017
මහනුවර දේශපාලන පක්ෂ 116ක් ඡන්ද සටනට මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 116 ක් අද (20) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් පිළිගත් දේශපාලන පක්ෂ වලින් පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම් 54 ක් සිදුකර තිබෙන බවත් මහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය. 20 December 2017
බදුල්ලට සන්ධානය,එජාපය,ජවිපෙ නම් දෙයි පළාත් පාලන මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දෙවන අදියරේ නාමයෝජනා බාරගැනීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (20) සිදුකළේය. 20 December 2017
රත්තොට හා උකුවෙළට සංධානය නම් දෙයි පළාත් පාලන මැතිවරනය සඳහා රත්තොට සභාවට හා උකුවෙළ ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය අද (20) වන දින නාමයෝජනා භාර දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය . 20 December 2017
හිටපු කොටිත් වව්නියාවෙන් පුංචි ඡන්දයට මෙවර පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රාදේශීය සභාව වෙනුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජාතික සටන්කාමීන්ගේ පක්ෂය විසින් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටි මැවරණ කාර්යාලයේදී නාමයෝජනා භාරදීම අද (20) සිදු විය. 20 December 2017
දෙමළ සන්ධානය වව්නියාවට නම් දෙයි මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව ප්‍රාදේශීය සභා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද(20) නාමයෝජනා භාර දුන්නේය. 20 December 2017
කිලිනොච්චියේ ප්‍රා. සභා 3 කට පක්ෂ තුනක් නම් දෙයි මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණත් සමස්ත ලංකා දෙමළ කොංග්රසයත් නාමයෝජනා බාරදීම කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද (20) සිදු කැරිණි. 20 December 2017
ජවිපෙ අම්පාරට නම් දෙයි අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත්පාලන ආයතන 06 කට ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා භාරදෙනු ලැබිය. 20 December 2017
ජවිපෙ මාතලේට නම් දෙයි පළාත් පාලන මැතිවරණය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාරදීම මාතලේ දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරී ඩි පි ඩි කුමාරසිරි මහතා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (20) සිදු කැරිණි. 20 December 2017
ජවිපෙ පොළොන්නරුවට නම් දෙයි පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරකට ජනතා විමුක්ති පෙරමුණ අද (20) පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් ආරියරත්න මහතා ඉදිරියේ නාමයෝජනා පත්‍ර බාර දුන්නේය. 20 December 2017
තුම්පනේට එජාපය - සන්ධානය නම් දෙයි මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගලගෙදර එක්සත් ජාතික පක්ෂ සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.එම්.පී. ද අල්විස් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ද අද (20) නාම යෝජනා බාර දුන්නේය. 20 December 2017
ගාල්ලේ පෙදෙස් රැසකින් නාම යෝජනා පළාත්පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදීම අද(20) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා ඉදිරියේ සිදු කෙරිණි. 20 December 2017
සන්ධාන නාමයෝජනා මාතලේට 2018 පළාත් පාලන මැතිවරනය සදහා මාතලේ පාදේශීය සභාවට හා යටවත්ත ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජනතා නිදහස් සංධානය අද (20) නාමයෝජනා ලබා දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය. 20 December 2017
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026