IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අම්පාරට පක්ෂ 15ක් ස්වාධීනව 13ක් නම් දෙයි

වසන්ත චන්ද්‍රපාල
 
අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙවන අදියරේ පළාත් පාලන ඡන්දය සඳහා නගර සභා දෙකකට සහ ප‍්‍රාදේශිය සභා 06 කට නාම යෝජනා භාර ගැනිම අද (21)  අම්පාර දිසාපති කාර්යාලයේදි සිදුකරනු ලැබිය. 
 
මෙම පළාත් පාලන ආයතන වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 15 ක් සහ ස්වාධීන කණ්ඩායම් 13 නාම යෝජනා භාරදි තිබෙන බව අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා පැවසීය.

මෙම නාම යෝජනා වලින් කල්මුනේ මහ නගර සභාව  සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා දෙකක් ප‍්‍රතික්ශ්ප වි තිබේ.
 
කල්මුනේ මහ නගර සභාව සඳහා පක්ෂ 09 ක් සහ ස්වාධීන කණ්ඩායම් 06 ක් නාම යෝජනා දි තිබේ. තිරුක්කෝවිල් ප‍්‍රාදේශීය සභාව සඳහා පක්ෂ 07 ක් නාම යෝජනා දි ඇති අතර නින්දවුර් ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ හතරක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
 
අම්පාර නගර සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර එක් ස්වාධීන කණ්ඩායමක් ද නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.දමන ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
 
එම සභාවට ද එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කල අතර උහන  ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.එම සභාවට ද එක් ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
 
මහඔය ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 05 ක් නාම යෝජනා ඉදිරිපත් කර ඇත. පොතුවිල් ප‍්‍රාදේශිය සභාව සඳහා පක්ෂ 09 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබිය.
 
තිරුක්කෝවිල් ප‍්‍රාදේශිය සභාව සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවක අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධායම් වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා එම නම් දෙක පමණක් ප‍්‍රතික්ශේප වි තිබේ.
 



අදහස් (0)

අම්පාරට පක්ෂ 15ක් ස්වාධීනව 13ක් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site