IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුංචි ඡන්දයේ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ජනපති ඉදිරියේ ප්‍රතිඥාවක්

(විනීතා එම්. ගමගේ)

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  ප‍්‍රකාශ කළේය.

ඔවුන්ගෙන ප‍්‍රතිඥාවක් ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට එකඟව එම ප‍්‍රතිපත්තිවලට බැඳී දේශපාලනය කරන බවට යැයි ද අමාත්‍යවරයා කීය.

නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන  බව කී ඇමැතිවරයා ලබන 26 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මැතිවරණ වැඩපිළිවෙළ එළි දැක්වීමට බලාපොරොත්තු  වන බව ද පැවැසීය.



අදහස් (6)

පුංචි ඡන්දයේ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ජනපති ඉදිරියේ ප්‍රතිඥාවක්

Sathyayaa Friday, 22 December 2017 11:01 PM

"නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන බව කී ඇමැතිවරයා...." අනේ මගේ කට තමයි.

:       0       177

Raveendra Saturday, 23 December 2017 04:39 AM

පළමුව ප‍්‍රතිඥාව යන වචනයේ නියම අරුත ඔය ඉන්න හැත්ත බුරුත්තම දැනගැනීම වඩාත් යෝග්‍ය වනු ඇත. එසේ නොමැතිව මෙය තවත් එක් විහිළුවන් වනු ඇත.

:       0       123

lapaya Saturday, 23 December 2017 06:29 AM

ප්‍රතිඥාවේ දී තහනම් වචන ආප්ප සහ පිහිය කියලයි ආරංචිය.

:       0       77

Chandra Saturday, 23 December 2017 02:51 PM

පොරොන්දු වූ පරිදි පක්ෂ පාට නොබලා රට ගැන හිතන්න . දුෂිතයන් ඇසුරු නොකරන්න, ඔබට පිං. ශ්‍රී ලංකාව ගැන හිතුවොත් ජය .

:       0       0

කිරා Saturday, 23 December 2017 03:13 PM

හැබැයි, පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ගැනීමට කටයුතු කරන බැවින් එම රැස්වීමේදී ගොරව ගොරවා නිදාගැනීම තහනම්.

:       0       0

Tissa Sunday, 24 December 2017 06:04 AM

මම කොන්ත්‍රාත් වලින් ගසා කන්නේ නැත. වාහන අවභාවිතා කරන්නේ නැත. මම පරාවල් වලින් ගසා කන්නේ නැත. මම සල්ලිවලට පක්ෂ මාරුකරන්නේ නැත. ලැබෙන දීමනා මුදලින් පමණක් ජීවත් වෙමි. පුදුමයි එත් ඇත්තද? .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site