IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


තුන්වන දිනටත් පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයේ

[බන්දු තඹවිට]
 
තම ආධාර කරුවෙකුට පහර දීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ  සන්ධානයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුතුණුවන්ද සමඟ පසුගිය 09 වැනිදා  බුලත්සිංහල පොලිසිය හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයේ තුන්වන දිනටත් අද (11)   නියැලි සිටි. 
 
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධාන  ලැයිස්තුවෙන්  ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් තම එජාප ආධාර කරුවෙකුට පහර දී නිවෙස් වලට ගොස් ඡන්ද දායකයන්ට බල කරමින් මැතිවරණ නීති උල්ලංගනය වන ආකාරයට කටයුතු කිරීම පිළිබඳව බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
 
නියෝජ්‍ය අමාත්‍ය වරයා කැබ් රථයක් උඩ නැග මෙම විරෝධතාවයේ යෙදී සිටින අතර ඔහු අසල ඔහුගේ පුතුණුවන්ද සිටියි . පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්ධියට අදාල පුද්ගලයා ව අත් අඩංගුවට නොගත හොත් හෝ තමාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළහොත් තමා ගිනි තබා ගන්නා බව ප්‍රකාශ කරමින් සිටී.
 
කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා විරෝධතාව නවත්වා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටියත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තෙක් තමා ඉවත්ව නොයන බව පාලිත තෙවරප්පෙරුම මහතා පවසා තිබේ.
 
මේ පිළිබඳව කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින බවත් ,ඔවුන්ගෙන් එක අයෙක් (10) වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර ඉතා ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත්ය.
 
නියෝජ්‍ය අමාත්‍ය වරයා අසල සුළු පිරිසක් රැදී  සිටියත් සවස් වන විට විශාල පිරිසක් බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ  රැස්වී පාලිත තෙවරප්පෙරුම මහතාට සහයෝගය දැක්වූ අතර බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් මාරු කර යවන ලෙසද එම පිරිස ඉල්ලමින් උද්ඝෝෂණය කළේය.

 



අදහස් (15)

තුන්වන දිනටත් පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයේ

gayana Sunday, 11 February 2018 03:33 PM

විකාර රූපි මන්ද මානසිකත්වයෙන් පෙලෙන, මෙවැනි ක්‍රියා නිසා ද පවතින රජය අපහසුතාවයට පත් වේ.

:       32       36475

wije Sunday, 11 February 2018 03:56 PM

මේපාර ඡන්දෙන් යූ.එන්.පී පරාදවුණු එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

:       105       444

Manochikithsaka Sunday, 11 February 2018 04:04 PM

මේවට කියන්නේ බොරු ෂෝ කියලා.. මෙයත් එක්ක ඉන්න ගැලරියටම හොඳයි මේවා !!!

:       18       47

Don Sunday, 11 February 2018 06:30 PM

මැටි හරක් රැල ...අන්ත පරාජයේ වගකීම දරන්නන්ද ඕවායින්

:       0       0

maheshika Monday, 12 February 2018 12:52 AM

මේ වගේ පොරවල් ඡන්දවලින් පරාජය කල යුතුයි. නැතිනම් මොවුන්ව ආදර්ශයට ගන්න. තරුණ පරපුර අමාරුවේ වැටීම වැළක්විය නොහැක. අනික මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ නේද ඉන්නේ? ඔය තුට්ටු දෙකට කන 5 ස්ටාර් කෑම දිරවගන්න ටිකක් ඔහොම බඩගින්නේ හිටියට කමක් නැහැ.

:       0       0

sampath Monday, 12 February 2018 03:42 AM

බයවෙන් එපා කීයටවත් මෙතුමා ගිනි තියාගන් නෑ ඔයාල ගෙදර ගිහින් නිදාගන්න ඕවට බය වෙන්න එපා.

:       2       32

Bamunuarachchi Monday, 12 February 2018 04:49 AM

ගැලරියට වීරයෙක් වෙන මොනවා කියන්නද.?

:       12       24

hira Monday, 12 February 2018 05:24 AM

මේ ගොන් පාට් දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. UNP එක පරදින එක අහන්න දෙයක් ද.?

:       42       76

Bamunuarachchi Monday, 12 February 2018 05:34 AM

බැරිවෙලාවත් වාහනේ ගිනිගත්තොත් මෙයා සුනේ සුන්

:       3       19

j.walpita. Monday, 12 February 2018 08:16 AM

මේ වගේ අයට පක්ෂයේ අපේක්ෂකකම දෙන ඔවුන්ට හෙනගහනවා. පස්තුන්කෝරලයේ නිසා පුදුමවෙන්න දෙයක් නැහැ. පුතාව එදිරියට එන ඡන්දයට ප්‍රසිද්ධ කරගන්නට කරන වැඩක් බව ඕනේ කෙනෙකුට තේරෙනවා..

:       1       0

sampath Monday, 12 February 2018 08:20 AM

නීති සම්පාදනය කරන අය නීතිය නොදනී. ප්‍රශ්නය ව්‍යවස්ථාදායකයට සෙවිය යුත්තේ නීති සම්පාදන ක්‍රියාවලියකට දායක විය හැකි අය පමණි. පොලිසිය නිසි ලෙස ක්‍රියා නොකරයි නම් ඒ ගැන එතැනින් ඉහළට දන්වන්න ක්‍රමවේදයක් තියෙද්දී ඔතන ඉන්න බෑ. දිවිනසා ගැනීමට තෙත් කිරීමත් කලින් නම් වරදක් කෙසේ වෙතත් මහජන පීඩාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හැකියි. ඒ වගේම කථානායකතුමාට මේ සම්බන්ධව විනය ක්‍රියා මාර්ග ගත හැකි මේකේ නරකම ආදර්ශය රටක් විදියට ජාත්‍යන්තරය ඉදිරියේ අපි විහිළුවට හා හාස්‍යයට ලක්වීමයි. මේවා බලාගෙන අදාල දේශපාලන පක්ෂ නායකයින් නිහඬව ඉන්නේ ඇයි? මොනවා වුණත් මෙතුමා මේ කරන වැඩෙන් ඡන්ද ටිකක් වැඩිවෙයි. අඩුම තරමේ මන්ත්‍රීතුමෙකුට සුදුසු ඇඳුමක් ඇඳන් ඇවිත් ඕක කරන්න... අපි තාම ගෝත්‍රික සමාජයක්, ම්ලේච්ඡ රටක් කියලා ලෝකේ මිනිස්සු හිතන එක ඇත්ත නොවුණත් සාධාරණයි මේ වගේ ක්‍රියාවලින්...

:       64       1

කනිෂ්ක Monday, 12 February 2018 08:56 AM

මෙය මාකටින්වලට හොඳ අවස්ථාවක් නම් නොවේ. ප්‍රාදේශීය සභා පැරදුණු ආණ්ඩුවේ පිච්චෙන රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න එපා.

:       0       0

හිරාන් Monday, 12 February 2018 10:22 AM

මේ වගේ ඇමති කෙනෙක් ඉන්න එක රටට අහිසංක ජනතාවට ලොකු සහනයක් නැත්තම් පොලිසිය අදුරන එකා හැමදාම රජ වෙනවා

:       0       0

Ranjith Silva Monday, 12 February 2018 10:37 AM

මෙය ඉන්න පක්ෂයේ අයට මොලයක් නැත්ද ගෙනත් ටිකක් අවවාද කරන්න.

:       0       0

R.Liyanage Friday, 16 February 2018 11:30 AM

බාල වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1759 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site