රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අස පස්වරු 6.23ට පමණ අවසන් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ජගධීර මහතා අවසන් වරට විවාදය එක්වූයේය.
ඔහුගේ කතාවෙන් පසු පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබන බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
රටේ ඇතිවී ඇතැයි කියන අස්ථාවර භාවය ගැන විවාදයක් අවශ්‍ය යයි අද උදේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී තීරණය වූයේ අද සවස 4ට එම විවාදය ආරම්භ කිරීමටයි.
අද පස්වරු 4.00 ට විවාදය ආරම්භ කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර විමල් වීරවංශ මහතා එය ස්ථිර කළේය. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූහ.
විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර වංචා දූෂණ සම්බන්ධයෙන් දෙදෙනාම චෝදනා එල්ල කර ගත්හ.
විවාදයේදී මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් පහත සම්බන්ධතාවලින්...
විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - මුජිබුර් රහුමාන්
අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යන්නේ නෑ - නාමල්
ආණ්ඩුව විසිරුවා ඡන්දයකට යමු - වාසු
ව්‍යාකූලත්වයට හේතුව ජනපති - අගමැති බල පොරයයි - අනුර කුමාර
කිසිසේත්ම රජය අතහැර යන්නේ නෑ - එස් . බී
ජාතික ආණ්ඩුව දිගටම යනවා - තිලංග
රාජිත - විමල් ගැටුමක
ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ - විමල් වීරවංශ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තමුන්නාසේලා සියලු දෙනාම ගෙදර යා යුතුයි. මහින්ද මහතාගෙන් ගොඩ ගියා ඇරෙන්න කරපු කිසිම දෙයක් නොමැත.
ආණ්ඩුව පෙරලා රාජ්‍ය බලය ලබාදෙන්න කියල නේද විවාදයක් ඉල්ලුවේ? කෝ එතකොට බලයට පත් කරන්න හිටිය මන්ත්‍රීතුමා මේ වතාවෙත් " ඇබ්සන්ට්" නේ. විවාදය පටන්ගත්ත කෙනාත් වැඩේ ඉවරවෙන්න කලින් සේරම දමල ගහල පුපුරා පුපුරා එළියට ගියා කියලයි කියන්නේ. දැන් ඉතින් වොයිස් කට් දෙයි බ්‍රේකින් නිවුස් දායි ඇති වෙනකන්.
පොහොට්ටු ලොක්කා අදත් නැද්ද? චන්දෙ දීපු අයට 'සුභ අනාගතයක් '
පොහොට්ටු ලොක්කා තවම රගර් බලනවා. ඒකයි ආවේ නැත්තේ...
හැම තැනදිම ලොක්කා ඉන්නේ නැහැ ඒ වුනාට වැඩේ යනවා. අන්න ඒකයි නියම පරිපාලනය.
මොනවා හරි කරලා පසුගිය නඩු ටිකෙන් අපිව බේරුනොත් ඇති. රටට මොනා වුනත් මොකෝ.