IMG-LOGO

අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යන්නේ නෑ - නාමල්

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට මුක්කු නොගසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය.

මුක්කු ගසා ආණ්ඩුව ගෙන යා නොහැකි බවත් ජනවරම ඇත්තේ කොතනදැයි බැලීමට නම් පාර්ලිමේන්තුව විසිරවිය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය.

නාමල් රාජපක්ෂ  මහතා මෙසේ ද කීවේය. 

“මැතිවරණ අල්ලස් මධ්‍යයේ නොයෙක් බාධක මැද පොහොට්ටුවට ඡන්දය දුන් සියලු දෙනාට ස්තුති වෙනවා. ශ්‍රීලනිප ඇමැතිවරයා වංගෙඩියක් දුන්නම, එජාප ඇමැතිවරයා ගිහින් දෙනවා මෝල් ගහක්. ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මෙයයි. ඒත් බඩු බෙදලා ඡන්ද ගන්න බෑ කියලා ජනතාව පෙන්නුවා.

මට දැන් ආණ්ඩුවේ විපක්ෂෙ හොයන්න බෑ. ටීඑන්ඒ ඉඳන් වටේම ඉන්නේ එකට. ඔක්කොගෙම ඡන්ද එකතු කරලා කියනවා මහින්දට වඩා ගත්තා කියලා. 

රාජිත සේනාරත්න කියනවා අපි ආණ්ඩුවක් ගන්න හදනවා කියලා. අපි ආණ්ඩුවට මුක්කු ගහන්න හැදුවේ නෑ. අපි ඒ බව මුලින්ම කිව්වා. 

මේ ඡන්දයේ සියයට 80ක් දෙනා ඡන්දය දුන්නා. ප්‍රාදේශීය සභා මැතිවරණ ඉතිහාසයේ විපක්ෂය ජයග්‍රහණය කළා. දැන්වත් ජනතාවට තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරයි කියලා අපි හිතුවා. ඡන්ද ප්‍රතිඵලය ආපු ගමන් යූඇන්පී අය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. ශ්‍රීලනිප සභාපතිකමත් තියාගෙන ශ්‍රීලනිපය කියනවා එජාප නායකයා මරු කරන්න කියලා. එජාපය කියනවා ශ්‍රීලනිප නායකයා මාරු කරන්න කියලා.


අපි ආණ්ඩුවට ජැක් ගහන්න ගියේ නෑ. හැබැයි අපි කිව්වා ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න කියලා. 

කරු අගමැති කරනවාද එජාප නායකයා කවුද කියලා තීරණය කිරීම ශ්‍රීලනිප නායකයාගේ වැඩක් නෙමෙයි. තිලංග සුමතිපාල මහතා ඊයේ රෑ එකක් කියනවා. උදේ මහින්ද අමරවීර මහතා තව එකක් කියනවා. එජාපෙන් දවල්ට තව එකක් කියනවා. මෙහෙම කොහොම ආණ්ඩුවක් කරගෙන යන්නේ. 

විපක්ෂ නායකවරයා කියනවා පොහොට්ටුව ජාතිවාදය අවුස්සනවා කියලා. දෙමළ ජාතික සන්ධානය තමයි ජාතිවාදය වැපිරුවේ. 

ජැක් ගහලා මුක්කු ගහලා ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. ජනමතය තේරුම් ගන්න. පාර්ලිමේන්තුව විසිරුවන්න. බලමු ජනමතය කොහෙද තියෙන්නේ කියලා‘‘ යයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 



අදහස් (23)

අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යන්නේ නෑ - නාමල්

sirimal Monday, 19 February 2018 01:00 PM

මෙදාපාර නම් මුක්කු වලින් බේරෙන්න ලැබෙන එකක් නැහැ. හමුදා කාරයෙක්ලු දඩයම පටන්ගන්න යන්නේ. එයාට නම් පුදුම අමාරුවක් තියෙන්නේ... සේරම කට්ටිය ආණ්ඩුවේ උළු ගෙදරට යවන්න.

:       3       577

පිටිගල මිලානෝ Monday, 19 February 2018 01:01 PM

මහින්ද රාජපක්ෂ දිනනවා දකින්න කැමැතියි නම් නොදන්නා තමන්ගේ තරමට වඩා විශාල ප්‍රකාශ නොකර පැත්තකට වෙලා ඉන්න. ගිය පාරත් එතුමාගේ ඡන්ද ගොඩාක් කැඩුනේ ඔබ නිසායි..

:       176       1005

dasaTuesday, 20 February 2018 01:43 AM

මිලානෝ, නොදන්නා දවල් කතා කරන්න එපා. මෙතුමා කොහොමද නොදන්නා කෙනෙක් වෙන්නේ? නීති විභාගේත් ඉහළින්ම සමත්. ලෝකෙන්ම චන්ද්‍රිකා පිළිබඳව විශාරදයා එතුමාගේ සහෝදරයායි.

:       0       0

chathuri Monday, 19 February 2018 01:12 PM

ආණ්ඩුව කියන්නේ මුක්කු ගහන තැනක් නෙමෙයි. උගතුන් පිරි, රටක් පාලනය කරන තැනක්...

:       48       198

rocky Monday, 19 February 2018 01:51 PM

ඔහේ කවුද මහත්තයෝ පාර්ලිමේන්තුව විසුරුවන්න කියන්න... ඒ පිය මහරජාණන්ගේ කාලේ සෙල්ලම් දාන්න දැන් බැහැ. 45% ක ඡන්ද පළාත් පාලන මැතිවරණයකින් ලැබුණාම, ඔහෙලා මේ රටේ අයිතිකාරයෝ වෙන්න හදනවද?

:       74       702

ජයන්ත මිලානෝ Monday, 19 February 2018 02:26 PM

ඉක්මනින් කාර් රේස් බලන්න පුළුවන් වෙයි වගේ.

:       49       176

Faizerthaji Monday, 19 February 2018 02:44 PM

අනේ මන්ත්‍රීතුමා ජනතාව අවරුදු පහකටයි වරම දීල තියෙන්නේ. ඔබේ බුද්දිමත් තාත්ති වගේ වෙලාපහෙන් ඡන්දය තියන්න අපිට කිසිම උවමනාවක් නැහැ.

:       0       3

V.warnakulasuriya Monday, 19 February 2018 03:21 PM

ශ්‍රී ලංකා දේශපාලකයින්ගෙන් ළමා කතා අහන්නත් පුරවැසියන්ට සිදුවී ඇත. තමන්ගේ අතීතයන් අමතක කර කතා කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට ආවේනික ලක්ෂණයක් වී ඇත. නාමල් බේබිට " බේබි" කියන්නේ සමහර විට ඊයේ පෙරේදා ඉපදුණු නිසා වෙන්නට පුළුවනි.

:       60       248

Susil Monday, 19 February 2018 07:18 PM

අනේද කියන්නෙ

:       0       0

Nalaka Monday, 19 February 2018 09:15 PM

තාම මේ රටේ වැඩි ඡන්ද දායකයෝ සංඛ්‍යාවක් ඔයාට කලින් උපන් අය. හැම දේටම කියවන්නේ නැතුව වැඩක් බලාගන්න.දේශපාලන උපදේශ ගන්න අපි මෝඩයෝ නෙමෙයි.

:       0       0

සෙනෙවි Tuesday, 20 February 2018 12:36 AM

ඔබගේ වැඩ කිඩ ඉසිලිය හැකි බලා සතුටු විය හැකි ජන කොටසක් වහලුන් ලෙස ලංකාවේ සිටී ඉදිරියටම යන්න. අපේරට සිම්බාබ්වේ දේශය තත්වයට පත් කරන්න

:       0       0

faru Tuesday, 20 February 2018 03:30 AM

නරියා කිව්වලු මිදි තිත්තයි කියලා.

:       0       0

අසෝක ජයතිලක මිලානෝ Tuesday, 20 February 2018 03:34 AM

නාමල්, තාත්තා දිනනවා බලන්න කැමති නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න. මේ පුවත්පතේ පාටක අදහස් කියවා තමන් කවුද කියා තේරුම් ගන්න.

:       0       0

Kuru Gune Tuesday, 20 February 2018 04:03 AM

අනේ නාමල් පැත්තකට වෙලා ඉන්න, මේපාරත් මහින්ද මහත්තයව පරද්දන්නද හදන්නේ.........

:       0       35

ase Tuesday, 20 February 2018 04:09 AM

දන්නේ නැති නිසයි අහන්නේ, ඔය කොන්දෙටත් මුක්කු ගහලද ??

:       0       0

Sunil Tuesday, 20 February 2018 04:21 AM

මුක්කු වලට ගන්නේ හොඳ ශක්තිමත් මුක්කු. කැඩුන දිරපු මුක්කු ගන්නේ නැහැ කිසිම දෙකට මුක්කු ගහන්න. ඔය මුක්කු වල තත්වය මජහනතාව හොඳින්ම දන්නවා. ඔවුන්ට කිසිදෙයක් අමතක වී නැහැ. ඔවුන් මැරී ඉපදිලාත් නැහැ.

:       0       0

PRADEEP Tuesday, 20 February 2018 06:54 AM

ඇත්තම කියනවනම් රටේ ජනතාව ගරු කරන්නේ මහින්ද රාජපක්ෂ කියන පුත්ගලයට පමණි. එතුමා අපිට රජෙක් ...

:       14       1

Padmini Tuesday, 20 February 2018 06:57 AM

ඔයාටත් ලොකු චෝදනා තියෙනවා ළමයෝ. නීති විභාගය සමත් වුනු විදිය පිලිබදව. කටමැත නොදොඩා ඉන්නවා නම් හොදයි.

:       0       3

Shan Tuesday, 20 February 2018 07:15 AM

කතා කරන්නේ නම් ජාතික වීරයෙක් වගේ.

:       0       1

Jehaan Tuesday, 20 February 2018 07:58 AM

තාත්තා නැති නම් ඔබතුමාටත් මුක්කුවක් තියා ඩක්කුවක් වත් නැහැ. පමණට වැඩිය ඉදිමෙන්න එපා. ඔය ටික කියන්න ඔබට වඩා සුදුස්සෝ පක්ෂයේ ඉන්නවා.

:       0       10

banda Tuesday, 20 February 2018 08:27 AM

කොහොමත් මහා ඡන්දෙ එන්නේ 2020 .එතකම් ඉවසන්න

:       0       2

Bimal Tuesday, 20 February 2018 08:55 AM

ගිය පාරත් පියාණන්ට ගෙදර යන්න වුනේ සමහරුන්ගේ අඳ බාල කතා නිසා බව තවමත් තේරිලා නැති හැටි. හපොයි කවදා මොලය පෑදේවිද?

:       0       5

Sarasi Tuesday, 20 February 2018 08:57 AM

හනේ ඇත්තට මහින්ද මහතාට පක්ෂයේ කවුරුවත්ම නැද්ද මහජන ප්‍රකාශ නිකුත් කරන්න මෙයා ඇරෙන්න. උම්මග්ග ජාතකයේ කේවට්ටයාව මතක් වෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site