IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - මුජිබුර් රහුමාන්

විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.   ඔහු මේ බව කීවේ දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එකතු වෙමිනි. 

ඡන්ද ප්‍රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්‍රීවරයා කිවේය.

මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.

‘‘පොදුජන පෙරමුණට වඩා ඊට විරුද්ධව විශාල ජනමතයක් තිබෙනවා. 55 % කට එහා ජනමතයක් තිබෙනවා. මැතිවරණයෙන් යම් පණිවිඩයක් දෙනවා. වංචා දූෂණ සෙවීම ඉෂ්ඨ නොකිරීම ගැන යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. 

විමල් වීරවංශ මහතා විවිධ දේ කිව්වා.  අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.

ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි. මේ රටේ ජාතිවායට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා.  මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි. ‘ යයිද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.   



අදහස් (27)

විමල් එළියේ ඉන්නේ අගමැති නිසා - මුජිබුර් රහුමාන්

sirimal Monday, 19 February 2018 12:56 PM

එතකොට ඇතුලට යන්නේ කවුරු හින්දාද?

:       1       174

සතයපාල Monday, 19 February 2018 01:05 PM

කතාව ඇත්ත... හොරු හොරුන්ව රැක්කා. ලැජ්ජා නැතිව කියන එකයි පුදුමේ !

:       687       862

සාම Monday, 19 February 2018 01:07 PM

ඒකටනේ වෙනසක් කරන්න අපි 2015 ඡන්දේ දුන්නේ නේද? අපිම අපටම මඩු වලිගෙන් තලා ගම්මු..

:       503       232

Bamunuarachchi Monday, 19 February 2018 01:10 PM

එහෙමනම් රනිල් මහතා එදා බේරුනේ මහින්ද මහතා සිරිකොත ඉස්සරහ පාරට තාර දාපු නිසා නේද ?

:       3       415

ranjith Monday, 19 February 2018 01:32 PM

අපි දන්නේ නැහැනේ අගමැතිවරයාට චුදිතයන් නඩුවලින් නිදහස් කරන්න පුළුවන් කියල. ඒ කියන්නේ අගමැති නිතිය නවනවා? මරු යහපාලනේ

:       68       752

pawan Monday, 19 February 2018 01:59 PM

ඕනෙ කෙනෙකුට පරණ පාස්පොර්ට් එක මග හැරුණොත් අලුත් එකක් ගන්න පුළුවන්. එතකොට පරණ එක ඉබේ අවලංගු වෙන එක විතරයි වෙන්නේ. තානාපති කාර්යාලයෙන් වැරදීමකින් අවලංගු එකට වීසා ගැහුවොත් ලංකාවේ ආගමන විගමන නිලධාරීන්ට ගුවන්තොටුපළේදී හොයාගන්න පුළුවන්. එතකොට පිටරට යන්න බැහැ. විමල් වීරවංශ මහතා මෙතන වරදක් කර නැහැ. කියන විදියට කාටවත් පින් දෙන්න වුවමනාවක් නැහැ.

:       1322       1710

KamalMonday, 19 February 2018 02:25 PM

කාට වුණත් පාස්පෝට් දෙකක් ඉදිරිපත් කරන්න බෑ මහත්තයෝ. පරණ එක බාරදීල තමා අලුත් එකක් ගන්නෙ.

:       1278       1152

BamunuarachchiMonday, 19 February 2018 03:53 PM

අලුත් එක පරණ එකට අමුණලා දෙකම දෙනවා. ඒගොල්ලෝ තියා ගන්නේ නැත. මා ළඟ පාස්පෝට් 3 තිබෙනවා.

:       0       0

රත්නායකMonday, 19 February 2018 04:10 PM

හරි දැන් ඔය සිද්දියෙන් රටට මහා ලොකු පාඩුවක් වුනාද. ඔයිට වඩා රටේ අපරාද වෙලා නැද්ද. 2015 කිවිවෙ හොරකම් කියල ඔයවගේ එ්වද. මිනිස්සුන්ට ඕවා අැල්ලුව කියලා ලැබෙන ඉලව්වක් නෑ. ජීවන වියදම අහස උසට. ලොකු ලොකු හොරාකෑමි අැස්ඉදිරිපිට වෙනව එ්ව යටගහනව. කොහෙද නැති පාස්පෝට් එකක් අල්ලගෙන අවුරැදු 3ක් තිස්සේ දගලනවා. අධිකරනයත් මාර ස්වාධීනයි නේද.

:       0       0

SLMonday, 19 February 2018 05:57 PM

පරණ එක නැතිවුනොත්? මොකද කරන්නේ. එතකොට මොකද කරන්නේ.

:       0       0

SampathTuesday, 20 February 2018 04:21 AM

කමල් ඔයා දන්න තරම තමයි. මගේ ගාවත් මගේ මල්ලී ගාවත් මගේ තාත්තා ගාවත් අපේ පරණ පාස්පෝර්ට් තාම තියෙනවා අලුත් එක්ක අමුණලා. අපි රට යනකොට එනකොට ඒවිදියටම තමයි පරණ එක දෙන්න ඕන කියල කොහෙවත් කියලා නෑ

:       1       0

janahitha Tuesday, 20 February 2018 05:29 AM

මෝඩකම ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්න එපා . පරණ පාස්පෝර්ට් නැති වූනාම ඉදිරිපත් කරන්නේ මොකක්ද , ඔයවගේ හබවලින් තමයි වැරදිකරු එලියට එන්නේ .

:       33       144

රංගTuesday, 20 February 2018 08:33 AM

පරණ එක බාර දීල අලුත් එක ගන්න ඕන කියල කොහෙද මෙයා තියෙන්නෙ..කියන්නකො බලන්න...අලුත් පාස් පෝට් තියෙන ගොඩක් අයගෙ පරණ ඒව දෙක තුන එකට අමුණල තියෙන්නෙ...ඇයි දැක්කෙ නැද්ද ඔබ තුමා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො පාස්පොට් පහලොවක් විතර මීඩිය වලට ගෙනෙල්ල පෙන්නුව..නොදන්න කතා කියන්න ගිහින් වරිගෙ නහගන්න එපා...

:       0       98

SagaraTuesday, 20 February 2018 10:23 AM

මෙතනදී කරලා තියෙන්නේ පරණ පාස්පෝට් එක නැතිවුණා කියලා අලුත් එකක් අරගෙන. පස්සේ පරණ එකෙන් යන්න හදල. වැඩේ මාට්ටු. පස්සේ කීවේ පරණ එක නැවත හමුවුණා කියලා . ඒක ඇත්ත නම් ඒ බව දැනුම් දිය යුතු වනවා. වලංගු පාස්පෝට් දෙකක් ළඟ තබා ගැනීමයි කල වරද.

:       0       0

Sunil Monday, 19 February 2018 02:24 PM

ඒ කතාව ඇත්තනම් අගමැති තුමා නීති විරෝධී කාරියක නිරත වී ඇති බවයි පෙනෙන්නේ. අපි එතුමාව පත් කලේ එවැනි ක්‍රියාවල් සඳහා නොවේ.

:       66       376

Lalith Monday, 19 February 2018 02:33 PM

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව 70% ක ජනමතයක් තිබෙනවා කියලා මුජිබුර් රහුමාන් දන්නේ නැහැ වගේ.

:       824       1061

suneth Monday, 19 February 2018 04:06 PM

එතකොට මීගමු උසාවියෙ නඩු දාල තියෙන්නෙ පොලොසියෙන් ද?

:       0       0

Mano Monday, 19 February 2018 05:27 PM

අගමැති නීතිය නමනවා. ඕං අපි නෙවෙයි කියන්නේ. ඒ ගොල්ලොමයි

:       0       0

Ratnamalala Monday, 19 February 2018 06:04 PM

සේරම එක මල්ලේ ලුණු කන අය. අගමැති අපරාද කාරයන්ව රකිනවා කියන එකද මේ කියන්නේ?

:       0       0

sirimantha Kodituwakku Tuesday, 20 February 2018 12:53 AM

නීතිය කාටත් එක වෙන්න ඕන.

:       0       0

rocky Tuesday, 20 February 2018 02:44 AM

"විෂ ඝෝර සරුපයා - දැක නොහරු මෝඩයා!"

:       0       0

ALAPALU Tuesday, 20 February 2018 04:00 AM

මෙයා හිතන් ඉන්නේ මෙයාගේ අම්මගේ අප්පාගේ බූදලය කියලා..............

:       0       4

kasun Tuesday, 20 February 2018 05:11 AM

ඕක නිසා තමයි ඕගොල්ලෝ මේ පර පැරදුනේ දැන් අපි අගමැතිට පින් දෙන්නද ඕන ? කරුණාකරලා හොරු අල්ලන මේක ඕගොල්ලොන්ට ලැබුණ අන්තිම අවස්ථාව......

:       0       1

hema Tuesday, 20 February 2018 05:49 AM

කමල් යමක් කියන්න කලින් හොයල බලන්න දන්න දේවල් ප්‍රසිද්දියේ කියන්න එපා අලුත් පාස් පොර්ට් එක නිකුත් කරද්දී පරණ පාස් පොර්ට් එකට cancel seal එක ගහල එක අයිති අයට දෙනවා එතකොට ඒ පරණ එකේ වලිඩ් විසා තියනවනම් දෙකම use කරන්න පුළුවන්

:       0       12

sanath Tuesday, 20 February 2018 06:44 AM

ඒ කියන්නේ අපේ ලිච්චවී අගමැති නීතිය නමනවා කියලනේ . ඔබ තුමා හරි.

:       0       19

Padmini Tuesday, 20 February 2018 07:01 AM

මම බොහොම අගය කරනවා මේ මහත්මයාගේ චතුර, ඉතාමත් තාර්කික, සංයමයෙන්, බොහොම පරිස්සමින් කරන සංවාද ගැන. මෙවැනි දේශපාලකයින් සමග යමක් බුද්ධිමත්ව විසදා ගන්න පුළුවන්.

:       37       0

rocky Tuesday, 20 February 2018 10:25 AM

පද්මිණි, අයි අයියෝ මොනවද මේ කියන්නේ? ඉතාමත් අතාර්කික ලෙස, කිසිම සංයමයක් නැතුව කිසිම පරිස්සමන් නැතුව, කිසිම හරයක් නැති වල් පල් දොඩවන වාචාල විශේෂඥයකු වගෙයි අපට නම් පෙනෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 199 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 287 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 74 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 958 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 256 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 303 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site