IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජිත - විමල් ගැටුමක

ඇමැති රාජිත සේනාරත්න මහතා සහ විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 

රාජිත සේනාරත්න මහතාගේ චෝදනා ඔප්පුකළහොත් තමා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙන බව විමල් වීරවංශ මහතා පැවසීය.

“අද උදේ මෙයාලා මහ ලොකුවට කිව්වේ ජාතික ආණ්ඩුව නෑ කියලා.  දැන් මේ තියෙන්නේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම කිව්වේ නෑ කියලා මහින්ද අමරවීර මහතා කියලා තියෙනවා“. (දුරකතන බලාගෙන රාජිත ඇමැතිවරයා කියයි)

විමල් වීරවංශ - යම් ලේඛණයක් ගැන කියනවා නම් සභාගත කරන්න කියන්න. අප්පයි පුතයි දෙන්නම එකයි.

රාජිත - මෙතුමා තාක්ෂණය ගැන දන්නේ නෑ. මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න.

විමල් වීරවංශ - මේ කැබිනට් ප්‍රකාශක කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. මම හෙට ඉල්ලා අස්වෙනවා.

රාජිත සේනාරත්න - ඇයි ඒලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕනා ඕලෙවල් පාස් වෙන්න. 

පාර්ලිමේන්තුවේ දැඩි ඝෝෂා

මේවනවිට රාජිත සේනාරත්න මහතා විවාදයේ අදහස් දක්වමින් සිටින අතර යහපාලන ආණ්ඩුව නොවෙනස්ව ඉදිරියට යන බව අමාත්‍යවරයා කීවේය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්නොවන බවද අමාත්‍යවරයා සදහන් කළේය.



අදහස් (15)

රාජිත - විමල් ගැටුමක

sachith Monday, 19 February 2018 11:21 AM

ඉස්සර කිව්වේ ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා කියලා. දැන් කියන්න තියෙන්නේ වාචාලකමට තවත් වාචාලයෙක් පාර්ලිමේන්තුවේදී හම්බ වෙනවා කියලයි.

:       289       377

RaveendraMonday, 19 February 2018 12:36 PM

සචිත් මයා වෙත, ඔබගේ අදහස් මෙසේ "තිරිසන් වාචලයෙකුට තවත් වාචලයෙක් දියවන්නා ඔයේදී මුණගැසෙනවා ලෙස වෙනස් වුණොත් එය ගැලපෙනු ඇත.

:       310       521

කරුණාපාලMonday, 19 February 2018 01:55 PM

සචිත් හා රවීන්ද්‍ර දෙදෙනාම වෙත, අපි කුමන විදිහට නිර්වචනය කලත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් ජාතියේ පවට උපන් නොසණ්ඩාල වාචාලයෝ තමයි. කට හැකරකමට කටමැත දෙඩෙව්වාට වැඩ බැරි ටාසන්ලා. ප්‍රශ්න විසඳනවා වෙනුවට, ප්‍රශ්න තළුමරමින් කයිවාරු ගහන්න මේ ඈයෝ හරිම දක්ෂයි. ඒ වගේම රටේ ඉන්න ගොබ්බයින්ගේ වැඩේ, මේ අයට හුරේ දාන එකයි.

:       0       167

RaveendraMonday, 19 February 2018 04:25 PM

කරුණාපාල මයා වෙත, ඔබ නිසිලෙස මේ අයට චරිත සහතික ලියාදී ඇතිබව අපද සතුටින් සදහන් කිරීමට කැමැත්තෙමු.

:       0       0

sumudu Monday, 19 February 2018 11:36 AM

විමල් වීරවංස ගොඩක් පොහොසත් . සාපෙ අසමත් වුනාට කම් නැත. ලෝකේ වැඩිපුර සල්ලි හොයල තියෙන්නේ ඉගන නොගත් අය. අපි ඉගනගෙන අඩු පඩියට සොච්චම් ජීවිතයක් ගෙවනවා . ඔය හැමෝම සැප විදිනවා . බොරුවට අපිට ඡන්දෙ දාන්න කියනව . අන්තිමට හිටපු මුණු ටික අයෙත් ඉන්නවා .

:       455       259

දිලාන් Monday, 19 February 2018 11:45 AM

තව කෙනෙක් නූගත් යැයි අපහාස කිරීම ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කිරීම සැබෑ උගතෙකුගේ ලක්ෂණයක් නොවන අතර අධ්‍යාපන මට්ටම මෙම අවස්ථාවට අදාල කාරණයක්ද නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා යම් අධ්‍යාපන මට්ටමක් තිබිය යුතු වන්නේ නම් එය සලකා බැලිය යුත්තේ නාමයෝජනා ලබාදීමේදීය. දෙදෙනෙකු අතර සංවාදයේදී එක අයෙකුගේ අධ්‍යාපන මට්ටම ඉහල වූ පමණින් ඔහු කියන දෙය වඩා නිවැරදි යයි තීරණය කල නොහැකිය.

:       11       802

Pradeep Liyanage Monday, 19 February 2018 01:06 PM

බුද්ධිමත්කම සහතික වලින් මනින්න බෑ. ඔය කියන හැටියට විමල් විරවංශ සාමාන්‍ය පෙළ ෆේල් කියමුකෝ, ඔය වාදකරන මහලොකු උගත් දත් දොස්තරගෙයි විමල්ගෙයි වෙනසක් නැහැනේ. දෙන්නම කියවනවා විතරයි...

:       201       175

parakkrama Monday, 19 February 2018 01:23 PM

අපට නම් පෙනෙන්නේ දෙන්නම වාචාලයෝ හැටියට ඔප්පු කර ඇති බවකුයි .

:       37       26

leel gunawardena Monday, 19 February 2018 01:34 PM

මේ දෙන්නම කරන්නේ එකම දේවල් අනික් සහෝදර දේශපාලකයන්ට අශෝබන ලෙස නිග්‍රහ කරනවා, මිට වැඩිය හොඳ දේවල් මේ දෙන්නට කරන්න බැරිද ?

:       35       23

silva Monday, 19 February 2018 02:17 PM

සැබෑ උගත්කම ඇති තැන නිහතමානීකමද ඇත.

:       1       67

asi Monday, 19 February 2018 05:23 PM

බුද්ධ ධර්මය පිලිබද හරි අවබෝධයක් තියෙනවනම් ඒකට සේරම යටයි. සමහරක් හිතාගෙන ඉන්නෙ O/L ,A/L පාස්උනාම උපාධි ගත්තම තමන්ට වැඩිය කවුරුත් නැ තමන් සියල්ල දත් කියල. ඊට පස්සෙ බදුන් වහන්සේටත් අපහාස කරනවා, අභියෝග කරනවා. උගතුන් බුද්ධිමතුන් කියන අයගෙ කෙරුවාව පේනවනෙ. මේ කට්ටිය උඩින් තියාගෙන කරන්න ගිහින් තමයි ඉක්මනටම සවුත්තු වුනේ. O/L ,A/L උපාධි වගේ ලොකු කම් වලටයි ඒ අයගෙ කුහකකම් වලටයි ජනතාව යට වුන කාලෙ ඉවරයි. ජනතාව තීන්දු කර අවසන්.

:       0       0

tikiri Tuesday, 20 February 2018 03:55 AM

මුඛරි කමින් දෙදෙනා සමාන වුනත් විමල් මහජනයාට තේරෙන විදියට ඇත්ත කියනවා . රාජිත කරන්නේ කිසිම තේරුමක් නැති බොරු කියා කියා වැඩක් කල අයට අපහාස කිරීම පමණයි .

:       1       104

arschfikaa Tuesday, 20 February 2018 07:51 AM

මේගොල්ලෝ දෙන්නාගේම වාද විවාදවල් ගැන පුදුමවෙන්නට කාරනයක්නම් නැත.

:       0       1

prakaash Tuesday, 20 February 2018 12:16 PM

විමල් රටට ආදරේ කෙනෙකු බව පැහැදිලි වන කරුණකි.නමුත් රාජිත කියන්නේ බොරුව දෙසා බාමින් හොරකමින් වංචාවෙන් වැඩ කරන කුමන්ත්‍රණ කාරයෙකි.

:       1       8

mahinda r kithulgoda Saturday, 24 February 2018 02:16 AM

දොස්තර කොන්දොස්තර ලෙවල් එකේ වගේ උනාට.......වීරවංස.......ජාතික වන්සකතාව මිනිස්සුන්ගේ හදවතට .දැනෙන්න කතා කරනවා..එතන වෙනසක් දකිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site