IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිසිසේතම රජය අතහැර යන්නේ නෑ - එස් . බී

රංජන් කස්තුරි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර  ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමති එස් . බී දිසානායක මහතා පැවසීය. 

“මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් කිසිසේත් රජය අතහැර නොයන අතර ශක්තිමත් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා“ යයි  ඇමති දිසානායක මහතා කීය .

ආණ්ඩුව ඇතුලේ කළ යුතු ප්‍රබල වෙනස්කම් කිරිමේ අදහස තවදුරටත් තිබෙන අතර එම අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.



අදහස් (17)

කිසිසේතම රජය අතහැර යන්නේ නෑ - එස් . බී

sirimal Monday, 19 February 2018 12:19 PM

ගියොත් ඉතින් විකාර කාරයෙක් වගේ... උම්මන්තකයෙක් වගේ පාරදිගේ දුව දුව ඉන්න තමා වෙන්නේ. දැන්වත් ඔය එක් වෙලාවට... එක එක වාචාල කතා කියවන එකේ තේරුමක් නැතිබව තේරුම් ගත්තොත් නරකද?

:       0       390

saliya Monday, 19 February 2018 12:23 PM

ඔබතුමාලා අයින් වෙනවා නම් ඇමති මණ්ඩලය අඩු වෙලා අපට සහනයක් වෙනවා. ඔබතුමාලා වරප්‍රසාද විඳලා අන්තිමට ඒවායේ වගකීම, අගමැතිගේ පිටින් අරින්න. ඔබලාගේ කුහක ප්‍රතිපත්ති ජනතාවට තේරුම් ගැනීමට හැකි වේවිද මන්දා...

:       0       363

RaveendraMonday, 19 February 2018 01:01 PM

සාලිය මයා වෙත, මොහු ඔබගේත්, අපගේත් මහජන සේවකයෙක් බැවින් "ඔබතුමාලා" යන වැදගත් වචන භාවිතා කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       188

Raveendra Monday, 19 February 2018 12:32 PM

මේ බලලෝභීන් කෙසේ මෙම තනතුරු දාලා යන්නද? මහජන මුදලින් පිනට කකා බිබී පිනටම ජීවත්වෙන්න කැමති පිං රෑනකි. පිං ගොනාගේ ඇගේ හංවඩු ගහනවා "පිං ගොනා" කියලා. ඒ වගේ තමයි මේ අයටත් කරන්න තියෙන්නේ.

:       0       287

Ruhunu Monday, 19 February 2018 12:43 PM

මළත් යන්නෙ නම් නැහැ තමයි.

:       0       128

Eric Subash Monday, 19 February 2018 12:44 PM

මෙයාට යනවා නම් යන්න වෙන්නේ ගෙදර තමයි. ඡන්දෙකින් නම් එනවා බොරු. කවුරුවත් දෙන්නේ නැහැ

:       0       168

රවින් Monday, 19 February 2018 12:46 PM

අත හැරියොත් යන්න දිහාවක් තියෙන්න එපායැ.

:       0       86

ජගත් ලියනගේ Monday, 19 February 2018 12:52 PM

ඔයින් මෙයින් අන්තිමට සිද්ධ වෙන්නේ මේ තියන විදියටම 2020 වෙනකං කොහොම හරි ගැට ගහගෙන යන එක තමයි. සාමාන්‍ය රටේ ජනතාවට හෙණ ගහල ගියත් කමක් නැහැ පාලකයින්ට.

:       60       64

Pradeep Liyanage Monday, 19 February 2018 12:59 PM

ආණ්ඩුව අතහැරලා ගියොත් මේ අයට ගෙදර තමයි යන්න වෙන්නේ. මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන් සදහටම අතුගාල දාන්න ඕනෑ.

:       23       231

Lanka Perera Monday, 19 February 2018 04:19 PM

යන්න ඕන වෙලාවක පත්රේට නෙමෙයි, කතා නායක තුමාට කියලා යන්න

:       0       0

mini Monday, 19 February 2018 05:02 PM

කව්ද අනේ රන් ආකාරයක් ඇත හැර යන්නේ.

:       0       0

Ratnamalala Monday, 19 February 2018 06:08 PM

පිං ඇමතිනේ. ඒක දමල යනවා කියල අපිත් හිතන්නේ නැහැ.

:       0       0

Ranjan Tuesday, 20 February 2018 03:17 AM

වෙන කොහේ යන්නද?

:       0       0

jayasekara Tuesday, 20 February 2018 05:01 AM

රජය අතහෙර ගියොත් ..බොල අනාතයිනේ....මුන්ව අපි ඡන්දෙන් ගෙදර යැව්වත් ...චිට් දීල අයෙමත් ගන්න එක නැතිකරන්න ඕන .... මහජන මුදලින් කන පින් ගොන්නු....

:       0       0

Prabath Tuesday, 20 February 2018 05:35 AM

අපි පොඩිකාලේ අපි චක් ගුඩු පනිනකොට කොටු ඇදල මාරුවෙන් මාරුවට පනිනවා. මෙයා ඊයේ රැ ටීවී නිවුස් වලට අපි එහෙට පනින්නේ නැහැ මෙහෙට පනින්නේ නැහැ කියල මහා ලොකු උජාරුවට කියනවා. මේ වගේ අය තමයි ආණ්ඩු ගෙනියන්න තීරණය කරන්නේ.

:       0       78

LankaPerera Tuesday, 20 February 2018 06:56 AM

මෙයාලට අමාරුම දෙය ඇමතිකම් දාලා ගෙදර යන එක

:       0       19

sam Tuesday, 20 February 2018 08:21 AM

පිළිල, ගස්වල ඇලිලා එයින් යුෂ උරා බී ජීවත් වෙනවා මිසක් ගස හැර යනවා කවුරුවත් දැකලා තියනවද?

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 126 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 50 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 416 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 589 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 330 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 269 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site