IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


දඹුල්ලේ ගැටුමකින් 4 කට තුවාල - 5 ක් පොලිසියේ

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල  ප්‍රාදේශීය සභාවට තරග වැදුණු එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගැටුමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි සීගිරිය පොලිසිය කියයි.


දඹුල්ල  ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදී පරාජය වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර සීගිරිය ප්‍රදේශයේ දී 11 දින පස්වරුවේ එක  ගැටුමක් හටගෙන තිබේ. එයින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු සහ ‍ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු තුවාල ලබා සීගිරිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර සිටිති.


මෙසේ ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්  ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් සීගිරිය පොලිසිය කියයි.


මීට අමතරව   නිකවටවන ප්‍රදේශයේදී ශ්‍රී  පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු  වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට නියමිත බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.


දඹුල්ල  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකම සුළු සුළු ගැටුම්කාරී තත්ත්වයන් කිහිපයක් වාර්තා වී ඇතත් ඒවා එම ස්ථානවලම සමථයකට පත් වූ  බව පොලීසිය සඳහන් කළේය. පහර දීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සීගිරිය පොලිසිය කියයි.



අදහස් (0)

දඹුල්ලේ ගැටුමකින් 4 කට තුවාල - 5 ක් පොලිසියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1228 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site