IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


‘‘ලංකාවේ ඇත්තේ බොහෝ රටවල් ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක‍්‍රමයක්‘‘

(ඉන්දික අරුණ කුමාර)

ශ‍්‍රී ලංකාව තුළ ඇත්තේ අද වන විට ලෝකයේ බොහෝ රටවල් ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක‍්‍රමයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ආසියානු කලාපයේ දශක දෙකකට පෙර හොඳම අධ්‍යාපන ක‍්‍රමයට හිමිකම් කි ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය අද වන විට දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විකෘති වී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදල් ප‍්‍රතිපාදන මත නාඋල -  අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකරන ලද උත්සවශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (22) එක් වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

අතීතයේ විදෙස් රටවල් රැසක දරුවන් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය හැදැරීමට මෙරටට පැමිණි බවත් අදවන විට අපේ රටේ දරුවන් විදේශ විනිමය විශාල ලෙස වශයෙන් වැය කර විදෙස් අධ්‍යාපනය ලැබීමට පෙළඹි ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී සමාජය තුළ ගොඩනැගී ඇති සටන හේතුවෙන් වත්මන් අධ්‍යාපන ක‍්‍රමය අංගවිකල තත්ත්වයට පත්වී ඇති බවත් ජාතික පාසලකට ඇතුළත්වීමට නොහැකි වූ ළමුන් මානසිකව බිඳවැටීමට ලක්වන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

   ”ඇතැම් දරුවන් අද අධ්‍යාපනයේ සම අවස්ථා නැහැ කියලා කලබල වෙනවා. ජාතික පාසලක අධ්‍යාපනය නොමැතිව ඉහළට ඉගෙන ගන්න බෑ කියලා රටේ මතයක් හදලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ වැඩි වශයෙන් දෙමව්පියෝ.

එතකොට අපි ළමයි පාසලට යවන්නේ මානසිකව බිදවට්ටලා , මානසික රෝගීන් බවට පත්කරලා.

දරුවන්ගේ දහම්පාසල් අධ්‍යාපනය මෙන්ම සංස්කෘතික කටයුතු පවා නතර කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. කලාව සෞන්දර්ය වගේ කටයුතු වලිනුත් ඈත් කරනවා.

පැය 05 ක් පාසලේ ඉන්න දරුවා හොඳටම හෙම්බත් වුනාට පස්සේ ඇදගෙන ගිහින් දානවා ටියුෂන් ක්ලාස් එකකට.

ලෝකේ පිළිගත් ක‍්‍රමවේදය තමයි යමක් අවබෝධ කරගන්න දරුවෙකුගේ මොළයේ සක‍්‍රිය මට්ටම පැය පහයි කියන එක.

ඒ නිසා තමයි පාසලේ කටයුතු පැය 05 න් නතර කරන්නේ.

මේ රේස් එක දුවන්නේ කුමක් සඳහාද මේකෙන් දිනන්නේ බුද්ධිය වර්ධනය නොවු දැනුමෙන් වර්ධනය වෙච්ච පිරිසක් පමණයි.”

 

 

 

 

 

 



අදහස් (15)

‘‘ලංකාවේ ඇත්තේ බොහෝ රටවල් ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක‍්‍රමයක්‘‘

Perakum Monday, 22 October 2018 01:50 PM

අද රටේ සිටින බොහෝ අධ්‍යාපනඥයින්ගේ අදහසද මෙයමයි. ඒත් බලධාරීන් කිසිවෙක් ඊට සුදුසු ප්‍රතිකර්ම නොකරන්නේ මන්ද...? අවසානයේ රටේ අනාගත පරපුර අපේක්ෂා භංග වූ මානසික රෝගීන් වීම වැළැක්විය නොහැක.

:       4       126

Amila Monday, 22 October 2018 02:13 PM

වෙනස් වන ලෝකයේ වෙනස් නොවීම තමා අධ්‍යාපනයේ සහ රටේ විනාශයට මුල. දැන් නිකන් අධ්‍යාපනය දුන්නට වැඩක් තියේද? රැල්ලක් වගේ උපකාර පන්තිවලට සල්ලි විසිකරද්දි... හැබැයි ඉතින් රතු පක්ෂ නම් කියන්නේ නිදහස් අධ්‍යාපනයේ රැක ගන්න ඕනේ කියලා. මේ මුදල් නාස්තිය ගැන කතා නැහැ. අද ඉස්කොලේ ඉවරවෙලා රෑ වෙනකන් පන්ති වල... ඒට පස්සේ ඉතින් ලෙඩරෝග සහ දෙමාපියෝ සල්ලි ප්‍රශ්න කියකිය අඬනවා. පුද්ගලික යුනිවර්සිටි වලට විරුද්ධයි. ඒත් උපාධි පිටරට යුනිවර්සිටි එකකින් දුන්නට කමක් නැහැ... කියන මතයත් එහෙමයි. මේවා වෙනස් වෙන්න ඕනේ... අපේ රටේම පුද්ගලික යුනිවර්සිටි දාන්න දෙන්න ඕනේ.. එතකොට රටින් පිට යන විශාල සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුලවන් (අමතක කරන්න එපා රට ගිහින් ඉගෙන ගනිද්දිත් එදිනෙදා වියදමට තව මෙහෙන් සල්ලිත් පිටවෙනවා කියලා)

:       274       343

PerakumTuesday, 23 October 2018 02:30 AM

අනේ Amila, අපි කොච්චර කිව්වත් කවුද අහන්නේ...? අපි නිකන් සවුත්තු වෙනවා විතරයි.

:       0       30

OMG Monday, 22 October 2018 03:11 PM

ඇයි ලංකාවම ප‍්‍රතික්ෂේප කරපු දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ... ප්‍රතික්ෂේප කරන්නවත් අධ්‍යාපන සුදුසුකමක් නැහැ.

:       0       0

සතයපාල Monday, 22 October 2018 04:06 PM

චන්ද්‍රිකාගේ ආණ්ඩුව...

:       0       0

Sriyal Monday, 22 October 2018 04:14 PM

අධ්‍යාපනය විතරක් නෙවෙයි බොහෝ දේවල් ලෝකයත් සමග වෙනස් නොවීම නිසා අපි බොහෝ දේවල් වලින් පසුගාමී වෙලා

:       0       0

OMG Monday, 22 October 2018 06:18 PM

ප‍්‍රතික්ෂේප කල මන්ත්‍රීවරු ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නකොට මේක මොකක්ද? ප‍්‍රතික්ෂේප කල අධ්‍යාපන ක‍්‍රමයේ දැනුම වත් මේ අයට තියෙනවද?

:       0       44

prasad Monday, 22 October 2018 08:36 PM

වෙනත් රටවලට වඩා විශාල පරිමාවක් විෂය කරුණු පාසලෙන් උගන්වනවා. ඒ මදිවට හවසට පන්ති යනවා. මේවා ඔක්කොම ඔලුවට දාගන්න ලමයින්ට වෙලාවක් නැහැ. විවේකයක්, සෙල්ලම් කාලයක් නැහැ. මොකටද මෙච්චර නහින්නේ- අනවශ්‍ය තරඟයක් ඇතිවෙලා නිසා. පාසලේ පාඩම් ඉගෙන ගත්තම මදිද 9 පන්තිය වත් වෙනතුරු? සා පෙළ / උසස් පෙළ ටියුෂන් පන්ති ගියත් කමක් නැහැ.

:       0       4

dhamneth Tuesday, 23 October 2018 01:27 AM

අද අපේ අධ්‍යාපනයේ දිවි පැවැත්ම සඳහා අධ්‍යාපනය දැනුම ලබා ගැනීම සඳහා අධ්‍යාපනය යන කිසිවක් නැහැ. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් බහුතරයකින් පෙනීයන්නේ පලදායක දෙයක් කරනවට වඩා උද්ඝෝෂණවලට නැඹුරුවක්.

:       38       2

දිලුම් Tuesday, 23 October 2018 03:31 AM

අපේ අධ්‍යාපනය කෑවේ අට පාස් දේශපාලකයො ප්‍රතිපත්ති කිය කියා අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරපු නිසා. එක්කෙනෙක් ඇවිත් විෂයන් වැඩි කරනවා අනිත් කෙනා ඇවිත් විෂයන් අඩුකරනවා.

:       0       75

Perera Tuesday, 23 October 2018 03:45 AM

ඔව් ඉතින් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මැති ඇමති ගොල්ලොත් පාර්ලිමේන්තුවට කොහොම හරි රිංගගෙන ඉන්න රටේ, ලෝකෙම ප්‍රතික්ෂේප කරපු අධ්‍යාපන ක්‍රමයක් තියෙන එක පුදුම වෙන්ඩ දෙයක් නොවේ බලන් යනකොට.

:       0       112

PerakumTuesday, 23 October 2018 05:38 AM

හරියට හරි. වැරැද්ද අපේ අතේ. අනිත් සැරෙත් මේ වගේම කට්ටියකට කතිරෙ ගහමු...!

:       0       2

sirimanana Tuesday, 23 October 2018 05:31 AM

මෙයත් කටින් බතල හිටවන කෙනෙක්.

:       0       4

දිලුම් Tuesday, 23 October 2018 06:18 AM

ලෝකේ හොදම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තෙ නෙවැනි තැන අපිට ළඟම සිංගප්පූරුවෙ අධ්‍යාපන ක්‍රමය. ඇයි අපේ අයට සහ අධ්‍යාපනේ බලධාරින්ට බැරි ඒවයේ අධ්‍යාපන ක්‍රමවේදයන් අධ්‍යයනය කරලා මේ රටේ අධ්‍යාපනය යහමගට ගන්න. නැති බනේම කියව කියවා හිටියට මේක කවදාවත් හරියන්නේ නෑ.

:       0       0

kap Tuesday, 23 October 2018 08:24 AM

අවුරුදු 10-15 වැඩිය පාර්ලිමේන්තුවේ ඉඳලා, ඒ ඇමැතිකමත් කරලා, දැන්ද හලෝ තේරෙන්නේ ගැලපෙන්නේ නෑ කියලා? විරුද්ධ පක්ෂයේ ඉන්නකොටවත් කියන්න තිබ්බේ නැද්ද මේ ගැන..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site