IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සිවශක්ති ආනන්දන්ගෙන් දෙමළ සන්ධානයට කොන්දේසි

(එෆ්.අස්ලම්)

ජනාධිපතිවරණයට පෙරාතුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට මසක කාලයක් රජයට ලබාදෙන ගිවිසුමක් මෙරට සිටින සියලු රාජ්‍යතාන්ත්‍රිකයින් ඉදිරියේ අත්සන් කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළයුතු යැයි එම සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ යළිත් බලයට පැමිණීම වළකාලීමේ විකල්පය රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම නම් ඒ සඳහා මෙකී කොන්දේසි රජය වෙත ඉදිරිපත් කිරීම සුදුසු එකම ක්‍රියාමාර්ගය යැයිද ආනන්දන් මහතා කීය.

යහපාලනය හා දෙමළ ජනතාවගේ අනාගතය යන තේමාව යටතේ උතුරේ දේශපාලන පක්ෂවල හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) වව්නියාවේදී පැවති සාකච්ඡාවකදී ආනන්දන් මන්ත්‍රීවරයා මේ අදහස් පළකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවශක්ති ආනන්දන් මහතා මෙසේද කීය.

‘‘මේ ආණ්ඩුව දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයින් වන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් 14 සමගින් එක්ව කටයුතු කරගෙන යනවා.මේ රටේ දේශපාලන වශයෙන් අවුල්සහගත තත්වයක් ඇතිවූ අවස්ථාවේ අපේ දේශපාලකයින් සහ නීතිඥයින් රෑ දවල් වෙහෙසීලා අධිකරණයට ගිහිං තමයි මේ අගමැතිවරයාගේ සහ ආණ්ඩුවේ ධූර ටික නැවත හිමිකර දුන්නේ.

මේ නිසා දෙමළ ජාතික සන්ධානය මෙරට සිටින සියලු විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් කොළඹදී කැඳවා වසර හතරහමාරක කාලයක් තමන් රජයට සහාය වූවද දේශපාලන විසඳුම් දීමේ සිට සෑම පොරොන්දුවක්ම රජය ඉටුනොකළ බවට ඔවුන් ඉදිරියේ  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕන.

ජනාධිපතිවරණයට තවත් මාස තුනක් පමණයි තියෙන්නේ. මේ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය දිය නොහැකි තත්වයක් ඇති බව ප්‍රකාශ කරන්න ඕන. මෙනිසා රජය දෙමළ ජනතාවගේ සියළුම ගැටලුවලට මාසයක් ඇතුළත විසඳුම් දිය යුතු බවට බලකරන ගිවිසුමකට එලඹිය යුතුයි.

විදෙස් රටවල්වලටත් යම් යම් බලාපොරොත්තු තියෙනවා. ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල්ව ගේනවාද මහින්ද පාර්ශ්වයේ අපේක්ෂකයා ගේනවද කියන ප්‍රශ්නය ඇමරිකාව, ඉන්දියාව, චීනය වගේ රටවල්වලටත් තියෙනවා.

ජනාධිපතිවරණය ගත්තම උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි. ජාත්‍යන්තරයත් මේ ආණ්ඩුවම බලයට ගෙන එන්න සහාය වන්නේ නම් මේ ආණ්ඩුව තුළින්ම දෙමළ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාගත හැකියි‘‘ යැයි ද ඒ මහතා පැවසීය.



අදහස් (2)

සිවශක්ති ආනන්දන්ගෙන් දෙමළ සන්ධානයට කොන්දේසි

shan Monday, 22 July 2019 12:54 PM

අනේ ඔබලාගේ ඡන්ද ටික තියාගනිල්ලා. අපි සිංහලයාගේ ඡන්දවලින් ජනාධිපතිවරයෙක් පත් කර ගන්නම්.. ඕනෑ කෙනෙකුගෙන් විසඳුම් හොයා ගනිල්ලා... පණ බේරගෙන ඉන්න පුළුවන් විදිහට පළාතම බේරා දුන්නම එනවා. අපට නීතිදාන්න.

:       0       756

charles Tuesday, 23 July 2019 02:25 AM

තව මොනවද ඕනේ. තව මස 4 තියන්නේ. ඕන දෙයක් දැම්ම ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1669 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site