අංජුල මහික වීරරත්න
දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ විනාශයක් ගැන කතා කරන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බබළවමින් එය මෙරට විශිෂ්ඨතම පක්ෂය බවට පත්කර තිබේ දැයි නලීන් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනපති විනාශ කිරීමට කළ එක් ක්‍රියාවක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැයි අභියෝගයක් කරන බවද නලීන් බණ්ඩාර මහතා කීය.
ශ්‍රේෂ්ඨ නායකත්වයකින් ඇරැඹුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ මැතිවරණයේදී මුළු ශ්‍රී ලංකාවෙන්ම ආසන හයක් පමණක් ගන්නා විට පක්ෂය විනාශ කළේ කවුදැයි මුළු ලෝකයටම ඔප්පු වනු ඇතැයි ද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපති එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල කළ චෝදනා සියල්ලටම පක්ෂයක් ලෙස ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බවද නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘එජාප නායකත්වය සමඟ මටත් බරපතල ගැටුමක් තියෙනවා’
sandy123 Wednesday, 05 December 2018 06:20 AM
ගමු කඩුව. යමු සටනට.
indra Wednesday, 05 December 2018 06:36 AM
ඔබතුමා තාම පාසැල් අවදියේ ඒ නිසා වැටහෙන්නේ නෑ මහා දවල් මුළු රටේම ජනතාව ඇහැරලා ඉද්දි මහජනයාගේ මුදල් හොරකම් කරා...දෙවැනි ,තුන්වැනි වතාවටත් එහෙම කරා එහෙම කරේ නෑ කියල පොතක් ලියපු කෙනෙකුත් හිටිය , ඔබ තුමාට ඇහිලවත් තියනවද ? හිතෙන හිතෙන වෙලාවට රටේ සම්පත් විදේශිකයන්ට දෙන්න ගත්තේ ඔබලාගේ කණ්ඩායම , දැන් රට බෙදීමට පොරොන්දු ඇතිව 122 හදාගෙන ඉන්නවා හිතන්න එපා රටේ ජනතාව රැවටෙයි කියල ආයෙත්,
athuraWednesday, 05 December 2018 07:24 AM
ඔබතුමාට අනුව අනිත් අය ඔක්කොම සුද්ධවන්තයෝය. අනේ මෙහෙමත් සාමාන්‍ය ජනතාවක්.
sandy123Wednesday, 05 December 2018 07:53 AM
සුනාමි ව්‍යසනයේදී රටම නට්ටම් වෙත්දී ඒ මුදල් හොර කෑවේ කව්ද මහත්තයෝ....
kapWednesday, 05 December 2018 09:22 AM
රටේ සම්පත් විකුණන්න වුනේ මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න අය අමුකම්මැලියි... කිසිම සේවයක් කරන්නේ නැති, රාජ්‍ය දේපල විනාශ කරන, ලාභ ලබන්න කිසිම දෙයක් වෙනස් කරන්න නොදෙන, හැමදාම ආණ්ඩුවේ භාණ්ඩාගාරේ පිහිටෙන් දුවන ආයතන නඩත්තු කරන්න වෙන නිසා.... තමන්ගේ බිස්නස් එක්ක හැමදාම පාඩුවට දුවනවා නම්, ඔයා මොකක්ද කරන්නේ..? ඒක දියුණු කරන්න හදනකොට ඒකෙ වැඩ කරන අය දෙන්නැතිකොට මොනවද ඔයා කරන්නේ..?
Hafeel Wednesday, 05 December 2018 07:13 AM
රනිල් සහ මෛත්‍රී දෙදෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලා ඉවරයි. ආයිත් විනාශ කරන්න මොකුත් නැහැ. මේ දෙදෙනාම එක කරත්තයක ගැට ගහන්න ඕනේ..
aseWednesday, 05 December 2018 11:10 AM
අනේ මන්දා මහින්දත් තමන්ගේ වරිගය හින්දා අනන එකේ කෙළවරක් නෑ නේද?
Nimal Wednesday, 05 December 2018 09:49 AM
අපිත් ඒජාපෙ පක්ෂයේ හිටපු කාලයක් තුබුණා එහි සාමාජික දේශපාලකයින් තමුන්ගේ දේපල වස්තුව පක්ෂය නිසා නැති කරගත්තු. ඒ වැදගත් මහත්තුරු දේශපාලනයෙන් අද මේ කට්ටිය වගේ හම්බකරගත්තේ නැහැ. එවැනි එජාප යක් නොවේ අද තියෙන්නේ.
sandy123Wednesday, 05 December 2018 12:18 PM
හැමෝම දැන් මුදලට කෑදරයි. ඒකට පක්ෂ හෝ ආගම් නැහැ...
Raveendra Wednesday, 05 December 2018 12:33 PM
අම්මපා... මේ ගොයියට එක පාරටම මොකද වුනේ? මේ තල් අත්තට බොරළු හලනවා වගේ දෙන්නේ හතර අතට...?
lakmal Wednesday, 05 December 2018 02:32 PM
අනිත් පැත්තට පනින්ටවත් හිතිලද?