IMG-LOGO

‘ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’

(එෆ්.අස්ලම්)

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

මෙම තීන්දුව ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

ලබන 18 වැනි දා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මෙකී හෙළිදරව්ව කරන බවත් තම පක්ෂයේ අමාත්‍යවරයකු වුවත් මෙකී ක්‍රියාවට එරෙහිව අකමැත්තෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් විජේසිරි මහතා කියා සිටියේය.

එම අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලංකාදීපය කරන ලද විමසුමකදී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ 18 වැනිදා පාර්ලිමේන්තුවේදීම ඔහු පිළිබඳ හෙළිකරන බවයි.



අදහස් (32)

‘ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’

Ara Sunday, 16 June 2019 06:46 AM

ඊළඟ පාර ඡන්දෙන් පැරදෙනවා කියලා දැනගෙන දැන් ඔක්කොම එළි කරනවා. ඕවා කලින් කියන්න බැරි වුනේ... මොකද? ෂුවර් එකට එහා පැත්තට පනින්න බලාගෙන තමයා මෙයත් ඉන්නේ...

:       102       658

hesaSunday, 16 June 2019 07:40 PM

මොන පැත්තට පැන්නත් වැඩක්ද දැන් හැමෝම හබස් තමයි

:       6       4

Mahee Sunday, 16 June 2019 06:57 AM

උඩ ඉඳලා අන්තිමයා දක්වා කොයි නම හෙළිකලත් හරි යනවා. මංකොල්ලයේ ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ...

:       123       705

NishanMonday, 17 June 2019 01:19 AM

ආණ්ඩු පක්ෂයේ විතරද? ඇයි විපක්ෂයේ අය? විපක්ෂයේ අය හොරකම් ඇති වෙන්න කරලා පරම්පරා ගානකට ඇති වෙන්න හොයාගෙනයි ඉන්නේ ගිය ආණ්ඩු කාලේ. දැන් මෙයාලගේ වාරේ.

:       229       36

nimalMonday, 17 June 2019 10:47 AM

කොහෙද ඔප්පුවෙලා තියෙන්නේ විපක්ෂය හොරකම් කළා කියලා? වසර 4ක් 5 ක් ගිහින් එකක්වත් ඔප්පු කළාද?

:       100       139

ජයන්ත මිලානෝ Sunday, 16 June 2019 07:56 AM

18 වෙනිදාට තව කල්තියෙනවනේ. ඊට කලින් කෝටි කීපයක් ඔය කියන මන්ත්‍රීවරුන්ට ලැබෙයි. ඊට පස්සේ ඇහුවොත් කියයි එදා කතා කළේ කටින් නෙමේ කියලා. කොහොම වුනත් මේ ගොල්ලන්ගේ රට මංකොල්ලකෑම් කාටවත් නතර කරන්න බැහැ.

:       66       672

rama Sunday, 16 June 2019 08:36 AM

මෙච්චර කල් සඟවාගෙන හිටියා දැන් කොටස ලැබෙන්නේ නැතුව ඇති... එ්කයි හෙළි කරන්නේ...

:       0       500

SLW Sunday, 16 June 2019 08:38 AM

වැඩක් නෑ ඕවා කිව්වා කියලා. කවුරුවත් හිරේ යන්නේ නැහැ. එයාට සමහර විට තව ඇමතිකමක් දෙයි. ඔබතුමාටත් ඇමතිකමක් ලැබෙයි. මෝඩ චූන් තමයි.

:       0       435

mendis Sunday, 16 June 2019 10:01 AM

ඕනේ ඔට්ටුවක් ඕක හෙළි කරන්නේ නැහැ. තමන්ට ඉදිරියේදී හොරකම් කරන්නට අවස්ථාව නැති වෙන බැවින්, කිසි කෙනෙක් වර්තමානයේ සිදුවන මංකොල්ලකෑම් හෙළි කරන්නේ නැහැ.

:       0       321

Chris Sunday, 16 June 2019 10:35 AM

මේවා කලින් කියනවා නම් කියලා දාන්න. පාර්ලිමේන්තුවේදී කියන එක ඒ වෙලාවට කියන්න මේ වාගේ එහෙන් මෙහෙන් කියන්න දඟලනකොට හොරා පැනලා යාවි... නැත්නම් ලියකියවිලි හදලා හොරකම් වහවි

:       1       234

maheshika Sunday, 16 June 2019 10:52 AM

මේ මංකොල්ලය කොයිතරම් කාලයක ඉඳලා වෙන දෙයක්ද? එළිදරව් කරන්න නැකත එනකම් හිටියද?

:       1       341

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 16 June 2019 11:38 AM

අර නළුවා වගේ මෙයත් නළුවෙක් වෙන්න යනවා වගේ...

:       334       771

Kumara Sunday, 16 June 2019 12:00 PM

අනේ මහත්තයෝ ඕවා හෙළිකරනවට වඩා හොඳ ඔබතුමාලා 225 දෙනාම රටට පව්නොදී මකබෑවිලා ගියා නම්...

:       155       490

kap Sunday, 16 June 2019 12:40 PM

ඇයි 18? 16 අපලද ? බයිලා ඔස්තාර්ලා...

:       0       415

දිසානායක් මුද්යන්සේලාගේ දිසානායක Sunday, 16 June 2019 12:43 PM

අනේ පිස්සු කියවන්න එපා විජේසිරි මල්ලී. ඔයා විජේසිරි මුදලාලිගේ පුතානේ... ඔබ දන්නේ නැද්ද බිස්නස්...? ගානට ලංසු තියාගනියි...

:       0       637

weera Sunday, 16 June 2019 01:43 PM

වෙන මොකක් හරි විපතක් කරයි... මේ දවස් ටිකට කල්පනාවෙන්... මිනිස්සුන්ගේ හිත වෙන පැත්තකට යවන්න කරන සෙල්ලමක් 225ම භංගවේවා...!!!

:       0       331

Hafeel Sunday, 16 June 2019 02:49 PM

බලමු 18 වැනිදාට... රන්ජනුත් කිව්වා කුඩු ගහන ඇමතිලාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. නමුත් නම් ටික හෙළිකරන්න බයවුණා.

:       0       437

Sumith Sunday, 16 June 2019 04:00 PM

මොනවා කිව්වත් වැඩක් නැහැ. ජනතාවට එපාවෙලා ඉන්නේ.

:       0       340

යසවතී සපරමාදු Sunday, 16 June 2019 05:10 PM

මුට්ටිය දාල බලනවා ඒ ඇමතිතුමාගෙන් ගානක් කඩාගන්න පුලුවන්ද කියලා.

:       0       1

කපිල Sunday, 16 June 2019 05:54 PM

අද රෑට මෙයාට කෝටි කීපයක් හෝ ඇමති කමක් ඔෆර් කලාම හෙට නිහඬයි.

:       0       1

chandima Sunday, 16 June 2019 06:29 PM

එහෙම වත් කරන්නම වෙනවා. නැතිනම් මේපාරත් අර තරුණ නායකයට බබා පෙන්නලා ජනාධිපතිවරනෙට කරඬු ගෙනියන අලියෙක්ව දාන්නනේ යන්නේ.

:       0       0

tommy Sunday, 16 June 2019 10:35 PM

රන්ජන් රාමනායක 2

:       0       0

Chandima Monday, 17 June 2019 02:58 AM

මේ මැතිවරණෙන් පස්සේ නියෝජ්‍ය නායකයත් එක්කල අවුරුදු තුනක් අනික් පැත්තට මුක්කු ගහන්න යන්න කට්ටිය තෝරන්නවත් පටන්ගත්තද මේ එකපාරටම ...අනික්පැත්ත

:       0       0

Akila Monday, 17 June 2019 03:15 AM

මේක බොරු තර්ජනයක් , ලොකු කුට්ටියක් කඩා ගන්න තමයි මේ රඟපෑම , තව ටික දවසකින් අඩුමගානේ විදේශ සංචාරයක් වත් සෙට් වෙයි මෙයාගේ කට්ටියට

:       0       0

thilakasiri Monday, 17 June 2019 03:20 AM

මුහුණ චරිතය පෙන්වන කැඩපතයි. මේ මුහුණ?

:       0       0

janahitha Monday, 17 June 2019 03:26 AM

රටට කාර්යක්ෂම පාලකයෙක් අත්‍යවශ්‍ය වී ඇත 2015 උන් මන් මුලාව නොවේවා ජනතාවට තියෙන්නේ වැඩකළ හැකි එඩිතර නායකයෙක් ( හොරුන් අතරින් ජනතා හිතැති දේශපාලකයා) පත්කර ගැනීම පමණි

:       0       2

ලසන්ත Monday, 17 June 2019 03:26 AM

රජයේ නිළධාරීන්ට පමණක්ද රජයේ මුදල් සාවද්‍ය ලෙස හෝ අයථාලෙස පරිහරනය කිරීම වැරදි වෙන්නේ. මොහුත් රජයේ මුදල් අයථාලෙස පරිහරණය කරන බව දැන දැනත් ඒ බව සඟවා ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන්ම පෙනේ. එනිසා මේ මන්ත්‍රීටත් තොරතුරු සැඟවීම සමුබන්ධයෙන් දඬුවම් කල යුතුය.

:       0       0

srilankan Monday, 17 June 2019 04:50 AM

මේ විහිලු අහලා, දැකලා දැන් එපාම වෙලා තියෙන්නේ

:       0       2

milechchaya Monday, 17 June 2019 04:54 AM

අනේ බොරු කියලා අපාගත වෙන්න එපා ලිච්චවි පාලනයක් තියෙන ධර්මද්වීපයේ එකම හොර මැති ඇමතියෙක් වත් නැති බව දන්නේ නැතිද?

:       1       0

lion Monday, 17 June 2019 07:51 AM

මෙයාගේ බොරු චුන් දාන්න දක්ෂයා, තර්ජන දානවා පස්සේ ටොක්කක් කළා නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන හැඟෙනවා

:       0       1

Bamunuarachchi Wednesday, 19 June 2019 12:05 AM

කෝ මොකවත් හෙළිකළේ නැහැනේ? ඕවා දේශපාලු කතා අපි ඕවාට රැවටෙන්නේ නැත.

:       0       0

de silva Wednesday, 19 June 2019 11:00 PM

නමත් චමින්දනේ ? ඔය කතා චමින්දලටම හොඳය

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site