(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අන්තර් ජාලය මගින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03) දින ආරම්භ කළේය.
හලාවත මහා රෝහලේ රෝහල් අධ්‍යක්ෂ කපිල මල්වාරච්චි මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් සිදුකරන ප්‍රථම වැඩසටහන බව රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පවසයි.
කොරෝනා තත්වය හමුවේ රෝගින් පරික්ෂාවේදි පවතින සෞඛ්‍ය ගැටළු අවම කර ගැනිම මේ අනුව සිදුවන බව කියයි.
හලාවත මහරෝහලේ පිළිකා ප්‍රතිකාර සායනයට දෛනිකව රෝගීන් 40 -50 ත් අතර සංඛ්‍යාවක් සහභාගිව වන බවත් මෙම වීඩියෝ ප්‍රතිකාර ක්‍රමය මගින් එම සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මහා රෝහලේ පමණක් පිළිකා ප්‍රතිකාර ලබාදීමේ ඒකකයක් පිහිටා තිබේ.
මන්නාරමේ සිට කොච්චිකඩේ දක්වා සායනවලට පැමිණෙන සියලුම රෝගීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධව සොයා බැලීම් සිදුකර අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර තිබේ.
මන්නාරම, කල්පිටිය, පුත්තලම වැනි දුරස්ථ ප්‍රදේශවල සිට සායනයට පැමිණෙන රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම ගැන රෝගීන් සිය ප්‍රසාදයට පළ කළහ.
ඉදිරියේ දී සෙසු සායනවල ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. විශේෂඥ වෛද්‍ය නුදර් ජෝෂප් මහතා ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු සහ හෙද නිලධාරිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳයි.. අපි මේක පටන් ගත්තා යාපනේ මහරෝහලේ 2011 වසරේදී... ඇත්තටම දුරපළාත් වල රෝහල්වලට මේ පහසුකම දෙන්නම ඕනෑ. මහරගම අපේක්ෂා රෝහලේ උපදේශන මධ්‍යස්ථානයේ වැඩ කරනකොට මම දැකපු දේ තමයි, දුර බැහැර ඉන්න රෝගීන් මිල මුදල් ප්‍රශ්න නිසා ප්‍රතිකාර මග අරින්න උත්සාහ කරනවා. එ්ක හරිම ඛේදනීය තත්වයක්... නමුත් මේ විදියට වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඉඩ තිබෙනවා නම් ඒ අයගේ දුප්පත් ආර්ථිකයට හරිම පිටිවහලක් වේවි.. ඉතාම සතුටුයි..