IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සෙබළා​ අල්ලන විට ගිල්ල පැකට් වමනය කරවා එළියට ගනී

(*** ඉන්දිකා රාමනායක)

මත්කුඩු පැකට් මුඛයේ සඟවාගෙන යතුරු පැදියෙන් ගොස් කුඩු ජාවාරමේ යෙදුණු හිටපු හමුදා සෙබළෙක් මත්කුඩු පැකට් 15 ක් සමග වත්තල ලන්සියාවත්ත ප්‍රදේශයේ දී පෙරේදා (15) රාත්‍රියේ වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුඛයේ සඟවාගෙන සිටි මත්කුඩු පැකට් ගුලිය එකවරම ගිල දමා ඇති අතර පොලිසිය ඔහුට වමනය කිරීමට සලස්වා ගිල තිබු හෙරොයින් ගුලිය ඉවතට ගෙන ඇත.

සැකකරු ගිල දමා ඉවතට ගෙන තිබු මත්කුඩු ගුලියේ පැකට් 15 ක් තිබු බව පොලිසිය පවසයි.

 සැකකරු කාලයක් තිස්සේ යතුරු පැදියකින් ගොස් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් මග රැක සිට සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගන්නා ලදී.

 සීදුව ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි සැකකරු ඔහු ට්‍රේල් යතුරු පැදියෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි මත්කුඩු පැකට් මිලදී ගෙන එක් පැකට්ටුවක් රුපියල් 1500 ක මුදලකට අලෙවි කරන බව ද පොලිසිය පවසයි.

හමුදා සේවයෙන් ඉවත් කර ඇති අයකු බව කියන ඔහු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්නකු බව ද පොලිසිය සඳහන් කළේය.

 වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂකවරුන් වන සිල්වා, කොඩිකාර, පොලිස් කොස්තාපල්වරුන් වන කපිල (88382), දුශ්‍යන්ත (89125) යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.

 



අදහස් (1)

සෙබළා​ අල්ලන විට ගිල්ල පැකට් වමනය කරවා එළියට ගනී

Kamal Koyrala Thursday, 17 September 2020 05:55 AM

සෙබළු තමයි දැන් කුඩු බිස්නස් ජයටම කරන්නේ.

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site