( +++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියකුට ගමන් කිරීමට පොලිස් නිල රථයක් ලබාදීම වැරදි ක්‍රියාවක් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (26) පැවසීය.
වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට යෑමට සිය නිල රථය ලබාදුන් බව කියන එම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබාගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට පිටත්ව යාමට පොලිස් නිල රථයට අමතරව පොලිස් රියැදුරකු ද සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සපයා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.
පොලිස්පතිවරයා ගමන් කරන ප්‍රවේශ මාර්ගය ඔස්සේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයා පිටව ගොස් ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර බැලීමේ දී මේ බව හෙළිවී තිබෙන බව ද පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශපාලකයින් රජයේ වාහන තම තමන්ගේ මිතුරන්, නෑදෑයන් වෙනුවෙන් හැමදා පාවිච්චියට දෙන එකේ කිසිම වැරද්දක් නැහැ...
රාජ්‍ය දේපල අවභාවිතය යටතේ නඩු පැවරිය හැකිය.
ඔහුට තමන්ගේ කියලා වාහනයක් නැතුව ඇති ගෙදර තට්ටුවේ කොන්ක්‍රීට් එක දාගන්න බැරි මිනිහට වෙන කවුරුවත් උදව් කරයිද?
අපි පළිගන්නේ නැහැ කියලා උදේ හවා බෙරිහන් දෙනවා. ඒත් මේ මොනවා ගැනද හොයන්නේ. හූණු බිත්තර වත් මෙච්චර ලොකු නැහැ.
අනේ කාලේ වනේ වාසේ ! ඉස්සර මේවාට කිවේ පැන්ෂන් ගිය පොලිස්කාරයා වගේ කියලා. "කම්මන්නා වසලෝ හොති කම්මන්නා හෝති බ්‍රහම්මිනෝ " මොනා උනත් ඒ ඇස් පි මහත්තයාට ඉස්සර තම උසස් නිලධාරියෙක්. මහා ලොකුවට උදේ හවහා බුදුන් වැඳ , නැතිනම් පල්ලියට ගිහින් , කෝවිලට ගිහින් , දවසට පස් පාරක් දෙවියන් වැන්දත් වැඩක් නැහැ ගුරු ගෞරවය දන්නේ නැතිනම්.
ආණ්ඩුවේ ගොන් පාට්...
ශානි කියන්නේ තමන්ගේ ජීවිතය ගැන නොසලකා රාජකාරිය අවංකව කළ නිලධාරියෙක්... එහෙම මනුස්සයෙකුට ගෙදර යන්න වාහනයක් දුන්නු එකේ වරද මොකක්ද? සමහර විට ශානිට පුද්ගලික වාහනයක්වත් නැතුව ඇති. ඔහුත් රාජකාරී කරන කොට බිලියන ගණන් මහජන මුදල් පිල්ලි ගැහුවා නම් වාහන එකක් නෙවේ කීපයක්ම පුද්ගලිකව ගන්න තිබුණා.
නිලධාරීන්ගෙන් පලිගැනීම එදත් කලා ආයෙත් ඒකම කරනවා. නිලධාරීන් මීට එරෙහිව නැගීසිටිය යුතුය. ජනාධිපතිවරයාගේ වැඩ ඔක්කොම ආන්ඩුව කඩාකප්පල් කරමින් සිටීම කනගාටුයි.
මේ නිලධාරියාට මොනයම් හෝ අනතුරක් සිදුවුණානම් වගකියන්නේ කව්රුන්ද? මනුස්සයෙක් අනතුරකින් ගලවාගැනීමට වාහනයක් ලබාදීම උතුම් ක්‍රියාවක්...
නිල රථය දෙන්න ඇත්තෙ සමහරවිට සුදු වෑන් එකක් ඇවිත් උස්සයි කියලා වෙන්න ඇති . පවුල් පාලනේ අය බලයේ ඉන්න කාලේ සිද්ධ වෙච්ච් දේවල් කවුද නොදන්නේ ?
අපේ හිටපු ලොක්කනේ කියලා මානුෂිකව හිතලා කරපු උදව්වක්... එ්ක ගැන ඕනෑවට වඩා වෙන්න ඕනේ නෑ කියලයි මට නම් හිතෙන්නේ...
ශානි එන හැම ආණ්ඩුවකටම දෙකට නැමිලා වැඩ කළා නම් අද SSP නෙමෙයි DIG කෙනෙක්...
මේ ගැන ලියන්න ඉස්සෙල්ල කියන්න ඕනේ දෙයක් තියෙනවා. බැඳුම්කරේ වෝහාරික වාර්තාව නව රජයේ කට්ටිය පිළිගන්නේ නැතිලුනේ. ඒක හදල තියෙන්නේ ඒගොල්ලන්ගේ වැරදිත් පෙන්නළලු. ඒක නිසා ඒක වැරදිලු. මොකද එම වාර්තාව රජයට අවාසියි. ෂානි මහත්තයත් රජයට පක්ෂව ඉඳල චුදිතයෙක් උනා නම් නිල වාහනය දීපු එකේ වැරද්දක් කිසි කෙනෙක් නොකියන තිබුන සිකුරුයි. ඒ වගේම වාහනේ දීපු නිලධාරියට උසස්වීමකුත් ලැබෙනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.