(දසුන් රාජපක්ෂ)
විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී ධරන් නැමැති නිලධාරීයා බව සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (14) පැවසීය.
එම පොලිස් නිලධාරීයා කර එලෙස ඇත්තේ පොලිස් බාරයේ තබාගෙන ස්විස් කුමාර් නැමැත්තා රෝහල්ගත කරන ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කළ නියෝගය කඩකරමින් බවද සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා මහතා කීය.
පොලිස් පරීක්ෂක ශ්‍රී ධරන් මහතා එම සැකකරු පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ලාල් කුමාර ගමගේ මහතා කළ නියෝගයකට අනුව බවද සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා මහතා සඳහන් කළේය.
මෙම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇසූ හරස් ප්‍රශ්න හමුවේ සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා කියා සිටියේ එම නියෝගය කඩ කිරිමට හේතු වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ලාල් කුමාර ගමගේ මහතා ලබාදී ඇති නියෝගයක් නිසා බවයි.
එලෙස අනාවරණය වීමෙන් පසුව මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කිරිමට කටයුතු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නොව නියෝජ්‍ය පොලිස්පති ලාල් කුමාර ගමගේ මහතා බව කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.
COMMENTS
මේවගේ ජීවිත විනාශ කරන පාපතරයන් නිදහස් කරනවා නම්... අපේ පොලිසිය මොනයම්ම හෝ දෙයකට ඇයි එම නිලධාරින් තව දුරටත් එම නිලයේ තියන්නේ මෙවන් නිලධාරින්ගේ කෝට් එක ගලවන්න. මේ වගෙ දෙයක් එම නිලධාරියෙක්ට වුණා නම්...
පොලිසියේ තත්ත්වය ඉතා භයානක අවධියක තිබූ වග පැහැදිලියි. තව ටික කාලයක් මෙසේ වී නම් පාතාලයත් පොලිසියත් දෙකක් නොව එකක් වන්නට තිබුණි. බලයේ සිටි දේශපාලකයින් මේ පිටුපස සිට ඇතුවාට කිසිදු සැකයක් නැත...
පොලිසි කවදත් එකයි, මහින්දගේ කාලෙ මීට එහා. වෙනස ඒවා යටගිය එකයි...
උපරිම දඬුවම් ලබාදෙනු. ඒ පාසල් දැරිය විඳපු දුක අනිවාර්යයෙන්ම වැරැදිකරුවන්ට ලැබිය යුතුමයි.
අනේ මේ දුව ඒ මුසල දවසේ අර මාරයින්ට අසුනොවුණා නම් අදත් ජීවත්වෙනවා.. දොස්තර නෝනා කෙනෙක් වෙලා, එහෙමත් නැතිනම් ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වෙලා... ජනතාවට සේවය කරනවා. දුවේ ඔයා දෙමළ වෙන්න පුළුවන්... දෙමළ කියන්නෙත් අපේම රටේ අපේම අය. එ්ත් ඔයා එදා මුහුණදීපු ඒ අවාසනාවන්ත ඉරණම හෙට අපේ රටේ සිංහල, මුස්ලිම්, මැලේ, බර්ගර්.. ඕනෑම දැරියක් මුහුණ දෙන අවාසනාවන්තම සිදුවීමක් වෙන්න පුළුවන්... අපි නීතියට කොයිතරම් ආදරේ කළත්, ගරුකළත්... නීතියත් අද එක පැත්තකට නැමිලා, එක්කෝ මුදල් පැත්තට, නැතිනම් දූෂිත දේශපාලුවන්ගේ පැත්තට.. නීතිය අපිට ආදරේ නැතිලු.. එ්ත් දුවේ අපි ඔයාට හැමදාම ආදරෙයි. ඒ ඔයා අපේම කෙනෙක් නිසා. මතු උපදින කිසිම ආත්මයකදී ඔබට මෙවන් දුක්මුසු ඉරණමක් අත්නොවේවා. ඔයාට නිවන් සුව අත්වේවා ..!!!
ප්‍රදේශයේ පොලීසියට ප්‍රදේශයේ දේශපාලකයින් ඇඟිලි ගසනවාමයි. ඒ නිසා ප්‍රදේශයේ පොලිසියට අමතරව විශේෂ ඒකක කිහිපයක් හදලා පාලනය කළ යුතුයි. එය සෘජුව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාකළ යුතුයි...ඒ වගේම පොලිස් පැමැණිලි සඳහා ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවලා ඒවායේ පැමිණිලි ලිඛිතව විද්‍යුත් තැපැල් මගින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමු. අවශ්‍ය අවස්ථාවන්වලදී සහ ඉල්ලීම් ඇතිවිට ප්‍රදේශයේ පොලිසියෙන් බාහිරව පරීක්ෂණ කිරීමට කණ්ඩායම් යොදවමු.