IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


විද්‍යා දැරිය මැරූ ශෂිකුමාර් - විජයකලා මහේෂ්වරන් අතර සම්බන්ධයක් තිබුණා

(*** දසුන් රාජපක්ෂ)

යාපනය විද්‍යා දැරිය ඝාතනය කළ මහලිංගම් ශෂිකුමාර් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර කිට්ටු සම්බන්ධාවයක් තිබූ බව චුන්නාකම් පොලිසියේ හිටපු කොස්තාපල්වරයකු වූ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඥානලිංගම් මයුරන් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) පැවසීය.

ඥානලිංගම් මයුරන් මහතා එලෙස කියා සිටියේ ඔහු මෙම කොමිසමට කළ පැමිණිල්ලක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි ලබා දෙමිණි.

මෙම පැමිණිල්ල මගින් තමාව අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ මැදිහත්වීමකට අනුව බව ඥානලිංගම් මයුරන් මහතා සඳහන් කර සිටියි.

එම පැමිණිල්ල ඊයේ යළි කැඳවූ අවස්ථාවේ විනිසුරු මඬුල්ලේ සහ අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඥානලිංගම් මයුරන් මහතා මෙසේද කීය.

විද්‍යා දැරිය ඝාතනය කළ බව කියන මහලිංගම් ශෂිකුමාර් නොහොත් සුවිස්කුමාර් ලයිට් කණුවක බැඳ තබා ප්‍රදේශවාසීන් ඔහුට පහර දුන්නා. ඒ අවස්ථාවේ එතනට පැමිණි විජයකලා මහේෂ්‍වරන් මහත්මිය ඔහුව ලෙහන ලෙස නියෝග කළා. ඉන්පසු ඔහුගේ අතින් අල්ලාගෙන ඔහුව එක්කගෙන ගියා. ඒ බව දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මට ඉදිරිපත් කළ හැකියි.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා:- 2012 වසරේ සිදුවූ රන් බඩු කොල්ලකෑමේ සිද්ධියක් ගැන ඔබ අසා තිබේද?
සාක්ෂිකරු:- ඔව්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු සිටියා. අසනීප තත්ත්වයේ සිටි එක් සැකකරුවකු මියගියා. එහිදී රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදල් හා රන් බඩු කොල්ල කා තිබෙනවා. මේ සිදුවීම 2011 නොවැම්බර් 27 වැනිදා සිදුවූවක් වුවත් මියගිය සැකකරුට වධහිංසා කර ඔහු අපි විසින් මරා දමා තිබුණු බව සඳහන් කර යහපාලන ආණ්‍ඩුව පත්වූ පසු අපිව අත්අඩංගුවට ගත්තා.

විනිසුරු මඩුල්ල:- අපිට පෙනෙන විදිහට මංකොල්ලකරුවන් නිදහස් කර ඔවුන්ව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව පෙනී යනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා:- මියගිය කන්දරාසා සුමන් නමැත්තාට වධහිංසා පැමිණවීම මත ඔබට නඩුවක් දැම්මද?
සාක්ෂිකරු:- ඒ ගැන අපෙන් කිසිදු කටඋත්තරයක් ගන්නේ නැතිව අපව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළා.

විනිසුරු මඩුල්ල:- පැමිණිල්ලක සාක්ෂි සටහන් කරන්නේ නැතිව ඔබව රිමාන්ඩ් බාරයට පත් කිරීමට එම මහේස්ත්‍රාත්වරයා නියෝගයක් දුන්නේ කුමන පදනම් යටතේ දැයි දැනගතයුතුයි.
සාක්ෂිකරු:- එලෙස නියෝග කර තිබෙන්නේ මේ සිද්ධිය මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ සිදුවූවක් නිසයි. මගේ නඩුවට අදාළව මේ වනවිටත් මා රිමාන්ඩ් බාරයේ සිටියද තවමත් රහස් පොලිසිය මගෙන් කිසිදු කටඋත්තරයක් අරගෙන නැහැ. මියගිය පුද්ගලයාට අපි වධහිංසා පැමුණුවේ නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් මාංචු දැමූ නිසා ඔහුගේ අත්වල හා වැලමිටේ සීරීම් පමණක් ඇති වී තිබෙන බව දැක්වෙනවා.

විනිසුරු මඩුල්ල:- පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය තැනැත්තාට වධහිංසා පමුණුවා නැති බව පෙනී යනවා. මේ නඩුව ඇසූ මහේස්ත්‍රාත්වරයා කාගේ හෝ ඉල්ලීමක් මත ඔබව රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව පැහැදිලියි. මියගිය පුද්ගලයාගේ වැලමිටේ පමණයි සීරීම් තිබෙන්නේ. එලෙස සිදුවූ නිසා වධහිංසා පමුණුවා ඇති බව නිගමනය කළ නොහැකියි. මියගිය කන්දරාසා නමැත්තාගේ නඩුව මාස 6 කින් අවසන් කර තිබෙනවා. අපගේ අත්දැකීම් අනුව එලෙස අඩු කාලයකින් මෙවැනි නඩුවක් අවසන් කරන්න බැහැ.
සාක්ෂිකරු:- අපව භාරයට ගත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ කාලයක් අපව රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඒ කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු වූ බෙන් හෙමර්සන්  ලංකාවට පැමිණෙන බව මා මාධ්‍ය මගින් දැනගත්තා. ඒ නිසා කෙටි කාලයකින් අපේ නඩුව අවසන් කළා විය යුතුයි.

විනිසුරු මඩුල්ල:- ඔබගේ නඩු ගොනුව තුළ කන්දරාසා සුමන් නමැත්තාට කරන්ට් ඇල්ලීම, කකුල්වලට ඇණ ගැසීම, පුරුෂ ලිංගය අඬුවකින් අල්ලා පොඩි කිරීම වගේ වධ හිංසා කළ බව සඳහන් වෙනවා. නමුත් එවැනි කිසිවක් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් නැහැ. එලෙස තිබියදී ඔබට නඩු පැවරීම නීතිවිරෝධීයි. නැති තුවාල ඇති බව පවසා මහේස්ත්‍රාත්වරයා බරපතළ වරදක් සිදුකර තිබෙනවා. මේ වරදට නීතිපති දෙපාර්තමේන්තුවත් වගකිවයුතුයි. මරණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නැති දේවල් ගැන සොයා බැලීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්.
සාක්ෂිකරු:- වසර තුන හමාරක් ඇප නොදී අපව රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටිනවා. 2013 වසරේ තිබූ පළාත් සභා මැතිවරණයේදී රංජන් රාමනායක මහතාගේ ආරක්ෂක නිලධාරියකුට වෙඩි තැබූ පුද්ගලයකු අත්අඩංගුවට නොගත් නිසයි අපට මේ විදිහට නඩු දැම්මේ.

විද්‍යා දැරිය ඝාතනය කළ සුවිස් කුමාර් මගේ දුරකථනයට කෝල් එකක් අරගෙන ශෂි කුමාර් නමැත්තාට රුපියල් 10000 ක් දෙන්නම් කීවා. එය සිදු වූයේ විද්‍යා දැරිය ඝාතනය වී දින දෙකකට පසුවයි.
අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා:- ඒ වන විට විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුවිස් කුමාර් සම්බන්ධ බව ඔබ දැනගෙන සිටියද?
සාක්ෂිකරු:- ඔව්. අපි දැනගෙන සිටියා. අපි එක ගමේ හිටිය නිසා සුවිස් කුමාර්ගෙ නම්බරය ගන්න මා උත්සාහ කළා. ඒ නම්බරය අරගෙන සුවිස් කුමාර්ගෙන් කටඋත්තරයක් ගත්තා.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා:- සුවිස් කුමාර් හා විජයකලා මහත්මිය අතර කුමන ආකාරයේ සම්බන්ධයක්ද තිබුණේ.
සාක්ෂිකරු:- කිට්ටු සම්බන්ධයක් විය යුතුයි. ඔහු බැඳල හිටපු ලයිට් කණුවෙන් ලිහන්න නියම කළේ ඇය. සුවිස් කුමාර් පොලිසියට බාර  නොදී එදින ඇය ඔහුව රැගෙන ගියා. ඇය එසේ කරන අයුරු වීඩියෝ පටවල සඳහන් වී තිබෙනවා. මා දැක්කා.

විනිසුරු මඩුල්ල:- ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව සුවිස් කුමාර් පොලිස් බාරයෙන් මුදාහැරීම ගැන නඩු පවරා තිබෙනවා. විජයකලා මහේෂ්වරන්ට කිසිදු නඩුවක් නැහැ.
ඉන් අනතුරුව මෙම සාක්ෂි ලබා ගැනීම අවසන් වූ අතර මෙම පැමිණිල්ල නැවත කැඳවන ලබන 26 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස විජයකලා මහේෂ්වරන් මහත්මියට කොමිසමේ සභාපතිවරයා නියම කළේය.



අදහස් (5)

විද්‍යා දැරිය මැරූ ශෂිකුමාර් - විජයකලා මහේෂ්වරන් අතර සම්බන්ධයක් තිබුණා

විජිත් Friday, 18 September 2020 08:43 AM

විජයකලෝ... මම හිතුවේ ඔයා පතෝල සිරා සමග විතරයි කියලා කිට්ටු සම්බන්දයක් තිබුනේ. දැන් බලද්දී ශෂී එක්කත්... අනේ මන්දන්නේ නැහැ.

:       0       263

SASFriday, 18 September 2020 11:47 AM

සම්බන්ධකම් නම්. ඉතින් අැතිවෙනවා, නැතිවෙනවා. ඔව්වා ඔහොම තමයි. හැන්ගී හැන්ගී වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළියෙනේ..

:       0       115

පූජා Friday, 18 September 2020 09:14 AM

විද්‍යා දැරියට කළ අහස පොළව නුහුලන, මේ අපරාධය කළ සැමටම, දිට්ඨධම්මවේදනීය කර්මයෙන්වත් නිසි දඬුවම් ලැබේවා.! ඔය විජයකලා නැමැත්තිය ලැජ්ජා වෙන්න ඕන මේ කරපු "හීන දීන"වැඩේට..

:       0       347

SANKA Friday, 18 September 2020 11:16 AM

යහපාලන ස්වාධීන කොමිෂන් ටික නියමෙට ස්වාධීනව වැඩකරලා කියලා පේනවා. මේ එක කේස් එකක් විතරයි...

:       0       268

Prabha Friday, 18 September 2020 12:58 PM

ශික් දැන් අර මනුස්සයා පාරේ බැහැලා යන්නේ කොහොමද?

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site