IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


වාහනවලට ව්‍යාජ ලිපි සකසා-ලීසිං කර කෝටි ගණන් වංචා කරලා


(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
 
වාහන සඳහා ව්‍යාජ පොත් සහ ලිපි ලේඛන සකසා ලීසිං කර මූල්‍ය සමාගම්වලින් රුපියල් කෝටි ගණන් වංචා කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ සහ තල්ගස්වල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකි. ගාල්ල ප්‍රදේශයේ  මූල්‍ය ආයතනයකින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම ආයතයෙන් වාහන ලීසිං කර පුද්ගලයින් 5දෙනෙකු පසුගිය වසරේ ජනවාරි රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලබාගෙන තිබිණි. ඒවායේ වාරික නොගෙවීම නිසා මුල්‍ය ආයතනය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් සොයා බැලීමේදි අනාවරණය වී ඇත්තේ එම පොත්වලට එවැනි වාහන නොමැති අතර ඒවා වෙනත් වාහනවලට අයත් පොත් බවය.
 
ඒ අනුව මුල්‍ය ආයතනය විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ සැකකරුවන්ට වාහන කිසිවක් නොමැති අතර ව්‍යාජ ලෙස වාහනවල පොත් සකසා ලීසිං කර මූල්‍ය සමාගම්වලින් රුපියල් කෝටි ගණන් ලබාගෙන ඇති බවය.
 
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මෙය දිවයින පුරා කරන ලද සංවිධානාත්මක අපරාධයක් බවට සැකකරන බවය. සැකකරුවන් අද(14)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

වාහනවලට ව්‍යාජ ලිපි සකසා-ලීසිං කර කෝටි ගණන් වංචා කරලා

Rohana Friday, 14 August 2020 10:05 AM

වරද ලීසිං සමාගමේ. අයිතියේ නීත්‍යානුකූල බව සොයන්නේ නැතිව ලීසිං අනුමත කර ණයදුන්නේ ඇයි?

:       0       3

hilda Friday, 14 August 2020 12:21 PM

මෙතන පැහැදිලි වැරැද්ද ලීසිං සමාගමේනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site